යුද්ධය අවසන්ද?

යුද්ධය අවසන්ද?
අනේ මන්ද මටම හිතාගන්ඩ බෑ යුද්ධය ඉවරද කියල.. ඇයි ඉවරඋනේ කියලා...
බැලුවහම මේ යුද්දෙන් වෙච්ච හානියට වැඩිය යුද්දෙ ඉවරවෙච්ච හින්ද වෙලා තියෙන හානිය වැඩියිලු. ඒ අල්ලගත්ත එව්ව දෙමල මිනිස්සුන්ගේ නිජ භූමිලු.. මැරුවෙ දෙමල ජාතියෙ නායකයවලු.. සමහරුන්ට හිතෙන විදිහට ඒ මැරිච්ච මනුස්සයගෙ(?) ළමයට තාත්තෙක්ව නැතිකලාලු.. ඒ අස්සෙ ජාතිවාදී තර්ජනය...

ජාතිවාදය / ජාතිකවාදය?
සමහරුන්ට අනුව එය


ඒක ප්‍රධාන වශයෙන් "සිංහල" ජාතිකවාදයක්.සිංහල දේශප්‍රේමයක්.එම ජාතිකවාදී කතිකාවත හැදිල තියෙන්නෙ දෙමලා/වෙනත් සුලු වාර්ගිකයා සිය කතිකාවතින් පිටමං කොට දමමින්
--රාමචන්ද්‍රගේ අඩවිය - 2009/5/2

දෙමළ ජනතාව මේ මොහොතේ සිතන්නේ කුමක්දැයි දැන ගැනීමට ජයග්‍රහණය සමරන බොහෝ අයට වුවමනා නැත
--Beyond Frame - 2009/5/2

මට කොතනින් පටන් අරගෙන කොතනින් ඉවරකරන්ඩද කියල හිතාගන්ඩ බැරිඋනත් අවසානය ගැන නොසිත මුලින්ම වැඩේ පටන්ගන්නං.

ඇත්තටම යුද්දෙ ඉවරද?
ආයුධ අරගෙන ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදිය කල යුද්දෙ ඉවරයි.. හැබැයි මානසික යුද්ධය, මාධ්‍ය යුද්ධය, යුද්ධය නැවත දළුදැමීමේ අවදානම, සහ රට ගොඩනැගීමේ යුද්ධය තාම එහෙමමයි, එතනමයි.
ඇයි ඒ.
මානසික යුද්ධය + මාධ්‍ය යුද්ධය දෙකම එකට සම්බන්ධ වූ දේවල්. මහින්ද වාදීන් යුද්ධය ආතල් එකක් කරගෙන ඇති අතර එය ගොබෙල්ස් ගේ න්‍යාය කරගැනීමට තැත්කරයි. මෙය පිරිහීමේ එක ක්‍රමයක් බව ඉතිහාසය සාක්ෂිදැරුවත් ලංකාවේ එය තේරුම්ගන්නා බවටනම් සලකුණක්වත් නැත.
සුපුරුදු පරිදි Tamil Diaspora තවමත් ක්‍රියාන්විතයේ.. KP ආදීන් තවමත් ක්‍රියාත්මකයි. Norway, US, ආදී රටවල් යුද්ධය නැති රටවලට කැමති නැත. මේ කරුණුකාරණා සියල්ලම සමගින් මානසික හා මාධ්‍ය යුද්ධය ක්‍රියාතමක වන අතර එයට පහරදෙනවාට වඩා ආරක්ෂක මාධ්‍ය ව්‍යාපෘති ඇරඹීමද, මූලයන් සොයා වැනසීමද, බුද්ධිමත්ව ක්‍රියා කිරීමද සිදුනොවුනහොත් නැවතත් යුද්ධයකට මුහුණදීමය සිදුවීම වැලැක්විය නොහැකිවනු ඇත.
රට ගොඩනැගීම, ඇත්තටම මෙයද යුද්ධයකි. කල යුද්ධයට වඩා අමාරු එකකි.

යුද්ධය නිසා මිනිසුන් අවතැන්වීම හා දේපල විනාශ වීම..
යුද්ධයකදී දේපල, මිනිස් ජීවිත විනාශ නොවූ යුද්ධයක් මෙතෙක් මා දැක නැත. එහෙත් ශ්‍රීලංකා යුධහමුදාවේ වීරෝධාර සෙබලුන් තම ජීවිත රාශියක් කැපකරමින් දහස්ගණනක් දෙමළ මිනිසුන්ගේ ජීවිත ගලවාගැනීමට සමත්විය. එවන් ආකරයකට ක්‍රියාකල කිසිදු හමුදාවක් ලොව සිටීදැයි නොදනිමි.
එහෙත් ස්භාවික සම්පත් වලින් අනූන උතුරු නැගෙනහිර ප්‍රදේශවල කිසිදු තැනක දියුණු කර තිබූ කිසිදු කර්මාන්තයක්(ආයුධ, බෝම්බ හා යුධ නිශ්පාදන හැරුණුවිට ) දැකීමට තිබුනේ නැත.
සමහර කතාවල හැටියට සිදුකලේ ආක්‍රමණයකි.
එහෙත් අප දන්නා ඉතිහාසයේ හැටියට උතුරු නැගෙනහිර සිංහල, දෙමල, මුස්ලිම් සියුළුදෙනා එකට ජීවත් වූ ප්‍රදේශයන්ය. හිටි ප්‍රදේශයක් නැවත අත්පත්කර ගැනීම ආක්‍රමණයක්නම් එය ආක්‍රමණයකි.
ඩී.එස් සේනානායක, දිඹුලාගල හාමුදුරුවො සිදුකල දේ නැවත ක්‍රියාවට නැගීමට කාලයයි මේ.
සිංහල, දෙමල, මුස්ලිම් ජනපද නැවත ඇරඹීමට කාලයයි මේ.
ඒවාට අවශ්‍ය සම්පත් ලබා දී රට ගොඩනැගීමට කාලයයි මේ.

රාමචන්ද්‍රට පිළිතුරක්
රාමචන්ද්‍රගේ 2009/5/2 කථාව වෙනම පිළිතුරක් දියයුතු කථාවක් වුවත්.. එය පසුවට කල් දමා
"ඒක ප්‍රධාන වශයෙන් "සිංහල" ජාතිකවාදයක්.සිංහල දේශප්‍රේමයක්.එම ජාතිකවාදී කතිකාවත හැදිල තියෙන්නෙ දෙමලා/වෙනත් සුලු වාර්ගිකයා සිය කතිකාවතින් පිටමං කොට දමමින්"
යන කතාවට පිළිතුරක් පමණක් දීමට කැමැත්තෙමි.
උත්කර්ෂවත්ව නැගතිබෙන ජාතිකවාදය සිංහල ජාතිකවාදයක් බව කියල තියෙන්නේ මොන පදනමක ඉදලද කියන එකනං මට වැටහෙන්නේ නෑ. එහෙමනං මෙහෙ මිනිස්සු සහන කදවුරු වලට ආපු දෙමල මිනිස්සුන්ට ආධාරයැව්වෙ මොන එහෙකටද?
අනිත් එක මේ සතුටුවෙන මිනිස්සු සිංහල විතරයි කියල කිව්වෙ ‍මොන පදනමක ඉදලද?
ඇත්ත මේ සතුටුවෙන සමහර මිනිස්සුන්ගේ කවුරුවත්ම සමහරවිට මැරිල නැතුව ඇති. හැබැයි අමතක කරන්ඩ බැරි තමන්ගේ අම්ම, තාත්ත, පුතා, දුව, අයිය, අක්ක යුද්දෙට ගිහින්, බස් බෝම්බෙට, කෝච්චියෙ බෝම්බෙට, ගමට පැනල කපලකොටල දාපු එවුන්ව උන්ගෙ නායකයව මරල දැම්ම කිවුවම සතුටුනොවෙන එකා මොකාද කියල මට හිතාගන්ඩ බැරි.
දෙමල ජනතාව මොකද මේවෙලාවෙ හිතන්නේ?
Beyond Frame පුදුම අනුකම්පාවක්නෙ තියෙන්නේ.. අපරාදෙ ආමිඑකේ කොල්ලන්ට කියන්ඩ තිබ්බෙ අහිංසක LTTE කොල්ලන්ව කෙල්ලන්ව මරන්ඩ එපා දෙමල මිනිස්සු කැමති නෑ කියල..
Beyond Frame කියල තියෙන යොමුවෙ තියෙන විදිහට දෙමල මිනිස්සු හුගක් තාම පිළිගන්නේ නෑ ප්‍රභා මලා කියල. උන් තාම කියන්නේ ප්‍රභා උන්ගේ නායකය කියල. අපිටයි පිස්සු...
කොළඹ වැල්ලවත්තෙ ගියොත් එහෙම්පිටින් දෙමළ. මුන් දෙමළ ජාතියට තියන නිදහස ගැන අහනවා.
කොහෙද දෙමල මුස්ලිම් මිනිස්සු නැත්තේ?

අනේ මන්ද කියන්ඩ ගත්තට අමුතුවෙන් කියන්ඩ තියෙන දේ මොකක්ද කියලා.

හැබැයි අන්තිමට කියන්ඩ දෙයක් තියෙනවා.
ශ්‍රීලංකාවෙ ඉදගෙන ඒක කෑලිකඩන්ඩ ඉල්ලන, වෙනමරටක් ඉල්ලන, ඊලමක් ඉල්ලන, ලංකාවට අපහාසකරන ඕනඑකෙක් මරලදාන්ඩ, රටින් එලවන්ඩ ඕනදේකට මමත් අත් දෙකම උස්සල අනුමැතිය දෙනවා.

දුනුවායා.

6 Responses so far.

  1. මම අදහස් කරන්නෙ නැහැ සුළු ජාතීන්ට හිරිහැර කිරීම ඔවුන්ගේ අයිතිවාසිකම් වලට හාණි කිරීම හොදයි කියල. ඒවගෙම තමයි පොඩි පොඩි ප්‍රශ්න අරගෙන නැති ප්‍රශ්න ඇති කිරීමත් හොද දෙයක් නෙමෙයි. ඇත්ත වුනත් පැවසිය යුතු වෙලාවක් විදිහක් තියනව. ප්‍රශ්න අහන අය ඒවට විසදනුත් යෝජනා කරනවනම් තවත් හොදයි මඩ ගහන එක විතරක් නොකර

  2. ප්‍රශ්නෙ තියෙන්නේ කොතනද කියලයි තේරෙන්නේ නැත්තේ..
    ජාතිකවාදය කියන්නේ නරකදෙයක් නෙමේ කියන එකයි මගේ හැගීම.
    ඉස්සෙල්ලම කරන්ඩ ඕනෙ මේ උප්පැන්න සහතික වලට ශ්‍රීලාංකික කියන වචනෙ දාන එක.
    එතනයි පටන්ගන්ඩ සුදුසුම තැන.
    ඊළගට කරන්ඩ තියෙන්නෙ මූදට හත්ගව්වකට කලින් අමුඩෙ ගහන එක නතරකරල මූදලගට වෙනකං යන්නෙ කොහොමද කියන එක තීරණය කරන එක.
    @GiniMakara
    ඇත්ත. සුළුජාතීන්ට විතරක් නෙමේ කිසිම ජාතියකටවත් සතෙකුටවත් හිරිහැර කිරීම ඔවුන්ගේ අයිතිවාසිකම් වලට හානිකිරීම හොද නෑ කියන එක අවිවාදිතයි.
    ඒ වගේම තමා "පොඩි පොඩි ප්‍රශ්න අරගෙන නැති ප්‍රශ්න ඇති කිරීමත් හොද දෙයක් නෙමෙයි." මාත් ඒකම තමා කියන්නේ..
    ඇත්ත කියන්ඩ වෙලාවක් තියෙනව කියල දැනගත්තෙ නං අද..

    ඒ කොහොම වෙතත්..
    *දෙමළ - සිංහල භාෂා දැනුම දෙපිරිසටම ලබාදීම
    *සම්පත් ව්‍යාප්තිය
    *ජාතීන් වශයෙන් ජනපද ගොඩනොනැගීම
    *එක් ජාතියක් සදහා පමණක් ප්‍රදේශ සීමා නොකිරීම
    *සියළු ශ්‍රීලාංකිකයන්ට සමාන අයිතීන් ලබාදීම
    *අගනගරය රටේ සියළු පුරවැසියන්‍ට පහසුවෙන් ළගාවිය හැකි ස්ථානයකට ගෙනයාම
    ආදී ක්‍රියාමාර්ග මගින් නැවත යුද්ධයක මූලයන් පහලවීම අවම කල හැකිවනු ඇත‍.
    නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කැපීමට සිදුවන තෙක් සිටීමද යහපත් වනු ඇත.

  3. මගේ බ්ලොග් සටහන පිලිබද සදහන් වී තිබෙන නිසා මගේ අදහස මෙහි දක්වන්නම්.මගේ මුල් ලිපිය සමස්තයක් ලෙස ගත්තා නම් එහි අර්ථය වුනේ දැනට තියන ජාතිකවාදය "සිංහල" ඒ වගේම සමාජයේ "ඇතුලත"නොදකින එකක් බවයි.ඒ වෙනුවට ලාංකික හා සමාජ ප්‍රශ්න ගැන කතාකරන දේශප්‍රේමී කතිකාවතක් අවශ්‍යයි කියන එකයි මම යෝජනා කලේ.
    දැනට තියන ජාතිකවාදය මූලික වශයෙන් සිංහල කියල කියන්නෙ ඇයි?

    සිංහල දෙමල හැමෝගෙම නිජභූමිය ලංකාව ඒ හැමදෙනාටම ගෞරවාන්විතව රටේ ජීවත් වෙන්න පුලුවන්-කියන පලල් අදහස සහිතව මේ කාරනය දිහා බලන අය නැතිවා නොවෙයි.(ඔබේ දෙවන කමෙන්ට් එකේ පවතින යෝජනා දෙස බැලූ විට එය පැහැදිලියි)
    නමුත් සමස්තයක් විදිහට බිම් මට්ටමේ ස්ථාපිත වෙලා තියෙන්නෙ ඒ අදහසද?
    තවමත් බහුතරය මේ ප්‍රශ්නය විග්‍රහ කරගන්නෙ සිංහලවාදී විදිහකට මිස ලාංකීය පදනමකින් නෙමෙයි.මගේ ලිපියේ මුල සදහන් වෙලා තිබුන උපුටන 3 මම එක දවසක් තුල පුද්ගලිකවම ලද අත්දැකීම්.එම උපුටන වල තියෙන්නෙ සිංහල අධිපතිවාදයක් මිස ලාංකීයභාවයක් නෙමෙයි.
    තියන ජාතිකවාදී කතිකාවේ න්‍යායාචාර්යවරු වන නලින් ද සිල්වා මහතා වැනි අය ලංකාව බහුවාර්ගිකයි කියන එකවත් පිලිගන්නේ නැහැ.අසිපත/ප්‍රින්ස් ලංකා සහ එවැනි වර්ගයේ බ්ලොග් අඩවිම නිරික්ෂනය ක‍‍ලොත් එතන තියෙන ජාතිකවාදය ලංකීය එකක්ද සිංහල එකක්ද කියල තීරනය කරන එක අමාරු නැහැ.

    http://princesrilanka.myblog.lk/

    දැනට අධිනිශ්චය වෙලා තියෙන්නෙ සිංහල ජාතිකවාදයක් කියල කියන්නෙ සමාජයේ අහන්න දකින්න කියවන්න ලැබෙන මේ වගේ අදහස් වලට මේ වෙලාවේ ලැබිල තියන බලය නිසා.ඒක ඇත්ත ඇති සැටියෙන් දැකීමක් විතරයි.
    අනෙක දමිල ජනයාට මෙම ව්‍යාපෘතිය ඇතුලෙ තියන භූමිකාව කොයි වගේද කියල ඔබම අවංකව හිතල බලන්න.දෙමල මිතුරන් සිටී නම් ඔවුන් සමග කතාකරල ආශ්‍රය කරල බලන්න.මේ ගැන සිත්ගන්නා සුලු සටහනක් "කැඩපත" බ්ලොග් අඩවියේ දක්නට ලැබුනා.

    කොහොම නමුත් කොටි සංවිධානයේ පරාජය පුද්ගලිකව මා නිශේධනීය දෙයක් විදිහට දකින්නේ නැහැ.හැබැයි එය සාධනීය දෙයක් කරගන්න පුලුවන් වෙන්නේ දෙමල ජනයාවත් ඇතුලත් කරගත් ගැඹුරු සමාජ පරිවර්තනයකට අපිට යන්න පුලුවන් නම් විතරයි."ලාංකිය"දේශප්‍රේමයක් ගැන අදහස මතු කෙරෙන්නේ ඒ නිසා.

    (ඉල්ලීමක්-මගේ ලිපියෙහි ඔබ කොටසක් පමනක් උපුටා ගෙන ඇති නිසාත්,සමස්තයෙන් තොරව කොටසක් එසේ උපුටා ගැනීම සමහරවිට කියවන්නා තුල වැරදි වැටහීමක් ඇති කිරීමට ඉඩ තිබෙන නිසාත් මගේ මුල් ලිපියට අදාල link එක ඔබේ ලිපියේ සදහන් කරනවා නම් ඒ ගැන සතුටු වෙමි)

  4. @Ramachandra
    ඔන්න ලින්ක් එක දැම්මා.

    ඇත්ත කතාවනං, මේ ජාතිකවාදය කියන වචනෙ ජාතිවාදයත් එක්ක පටලෝගෙන විග්‍රහකරන මිනිස්සු.
    ඇමරිකාවෙ තියෙන්නෙ ජාතිවාදයක්ද? ජාතිකවාදයක්ද?

    අනිත් එක බිම්මට්ටම මෙහෙමයි කියල එක මිනිහෙක්ව දෙන්නෙක් කියන දේවල් අරගෙන විග්‍රහකරන්නේ කොහොමද?
    දේශපාලඥ්‍ඥයා = මර්වින්? රනිල්?
    එහෙම නැත්තං මේ එක එක්කෙනාගෙ පෞද්ගලික මතිමතාන්තරද?

    හැබැයි මම දැනුත් කියනවා..
    සාධනීය කරගැනීම සදහා වෙනම පාලන ක්‍රමයක් ඇතිකිරීම වෙනම නායකත්වයක්, වෙනම නීති, වෙනම පරිපාලන ප්‍රදේශ ඇතිකිරීම, ෆෙඩරල් ක්‍රම ආදී විකාර ක්‍රම ක්‍රියාත්මක කලොත් එය "සිංහල" ජාතියේ අවසානයේ මූලාරම්භය වනු ඇත.

    ඒකීය රටක්, ඒකීය පාලන ව්‍යුහයක් තුල සමාන/සාධාරණ සැලකුම් ඇති බහුවාර්ගික සමාජයක් තුල පමණක් ස්ථාවර සංවර්ධනයක් හා සාමයක් පවතිනු ඇත‍.

  5. @TJ

    සමාජයේ පොදු මනෝභාවය ගැන කාරනය හැරෙන්න ඔබ කියන අනිත් කරුනු පිලිබද මට විවාදයක් නැහැ.
    රට දෙකඩ කිරීම සිංහල වර්ගයාගේ විතරක් නෙමෙයි සියලු ජනවර්ගවල පැත්තෙන් ගත්තම හොද නැති දෙයක්/සියලු දෙනාගේ සංවර්ධනය අවහිර කරන්නක්.ඒ හින්ද රට බෙදීම කොහොමත් හොද නැති දෙයක්.
    ඔබ කියන සියලු දෙනාට සාධාරන/සමාන සැලකුම් සහිත රාජ්‍යයක් ගොඩනගන්න මේ තියන වර්ගයේ පටු ජාතිකවාදයකින් නම් ‍කොහෙත්ම හැකි වෙන්නෙ නැහැ.

  6. madura says:

    මෙතන සිංහලයා විසින් සිංහලයාටම කෙලගැනීමක් සිදුවෙනවා කියලයි මට හිතෙන්නේ රටේ නියම ඉතිහාසය පිලිබද නොදන්නා කිහිපදෙනෙක් ගොඩක් දුරට කොටින්ට හා ඊලමට සාදුකාර දෙන තත්වෙන් තමන්ගේ බ්ලොග් පවත්වාගෙන යනවා.
    ඒක අපේ සිංහලයන්ගේ පුරුද්ද හැමදේම ඉක්මනින් අමතක කරලා තවත් දෙයක් මත එල්ලෙනවා, බෞද්ධ කියලා හින්දු අදහස් වපුරවනවා. යුද්ධෙටත් කවදා හරි මේකම වෙයි ද දන්නේ නෑ.
    යුද්ධයෙන් මෙය ඉවර කිරීම දෙමළ ජනයාට කෙසේ වෙතත්(ඒගොල්ලන්ගේ සීමිත පිරිසක් විතරයි මේ යුද්දෙ ඉවර උනා කියලා සතුටු වෙන්නේ) රටේ ඉන්න අනිත් ජන කොටස්වලට මේක විශාල ජයග්‍රහණයක්, ලංකාව එක රටක් ලෙස දකින්න කැමති හැමෝගෙම ජයග්‍රහණයක්. ඒවගේම බිරිතානීන් ඇතුලු වෙනත් රටවල් සූරාකාගෙන බඩවඩාගන්නා රටවල් වලට පුංචී රටකින් දුන් මැර පහරක් ඒ රටවල මිනිස්සුන්ගේ චින්තනේ මේ ටිකේ විශාල ලෙස වෙනස් උනා මේ ප්‍රවෘත්තිය සමඟ.
    මේක අනිත් අතට හරවන්නත් ඕනේ ඒ මිනිස්සුන්ටයි, ඔබලාට දැන් මොවුන් ආක්‍රමනිකයින් ලෙස නොපෙනුනත් ලංකාවෙ ඉතිහාසය ගැන පොඩ්ඩක් හරි දන්නවා නම් ඔබට පෙනෙයි ඔය පලාතේ ඔය "වෙනම රටක්" උදෙසා ඇති වූ පලමු සටන මේ පිරපාහරන් කරපු එක නොවන බව. එතරම් පැරණි ගැටළුවක් විසදාගන්න හැකිවන්නේ එක්කෝ බලෙන් එහෙමත් නැත්නම් දෙපසම අය මේ තත්වය බුද්ධිමත්ව සලකා බලා තමන්ට ඇතිවූ වෙනස්කම්(උනා නම් කිහිපයක් වූ බව ඇත්ත එහෙත් මේ රටේ සියලු ජනයා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හැම දෙනාම අත්වින්දා)
    1983 සිංහල මිනිස්සු දෙමළ අය 3000 මරපු නිසා ඊලාම් යුද්දේ පටන් ගත්තා ලූ!, LTTE පටන්ගත්තේ 1976!! ඔවුන් මේ රට ඇල්ලීමට සෝදුපත් සකස් කලේ සුද්දා මේ රට අත හැර ගිය දා සිට, සුද්දා රටේ ප්‍රබලතම අය සදහා දෙමළ අය තෝරාගත්තා. සියලුම දෙපාර්තමේන්තුවල ලොකු තැන් වල හිටියේ දෙමළ අය, ඒ අයයි උතුරේ වැව් වල තිබූ සිංහල නම් ඉවත් කරලා "ආරු" ප්‍රත්‍ය සමග දෙමළ නම් දැම්මේ ඒ පැතිවල අයට ලේසියට තමන්ට කැමැති වචනයකින් වැව් ඇමතුවාට කාගේවත් අකමැත්තක් නෑ එහෙත් රටේ බොහෝවිට සිංහල රජුන් විසින් සාදන ලද වැව් වල නම් වෙනස් කිරීමේ දී ඔවුන්ට දෙවරක් හිතන්න තිබ්බා, එහෙත් ඔවුන් එසේ නොහිතුවේ මේ ඊලාම් සිහිනය ඔවුන් එ කල් සිට දැක්ක නිසයි. මෙය මා ගෙතූ කතාවක් නෙමෙයි මහවැලියේ දැන් වැඩ කරන්න කෙනෙක් මට කිවූ දෙයක්.
    ලිවුවා වැඩි ද මංදා. එහෙත් ලියන්න ඕන නිසාමයි ලියන්නේ. මෙවන් සිහින ලොකයේ අනිත් සුළු ජාතීන් විසින් දකින අවස්ථා ද තියෙනවා, ඊශ්‍රායලය කියන්නේ බිරිතාන්යයේ සහාය ඇතුව එලිදුටු එවන් තවත් සිහිනයක්. ඔවුන් පළමුව අවිගත්තේ බිරිතානීන්ට විරුද්ධව, පළමුව මරා දැම්මේ තමන්ට හිට්ලර්ගේ මර උගුලින් ගැලවීමට උදවු කල බිරිතානීන්ව! දැන් ඔවුන්ගේ රට 1948ට පෙර අයත්වූ පලස්තීනය හා යුද්ධයක පැටලිලා -- පලස්තීනේ වෙනුවෙන් සටන් කරන අය ත්‍රස්තවාදීන් වෙලා!
    හිට්ලර් යුදෙවුවන්ට විශේෂ කොට සැලකුවේත්, ඔවුන්ව ජර්මනියෙන් පැන්නුවේත් මේ නිසා වෙන්න පුළුවන්. මේවා බුද්ධිය මෙහෙයවා ගන්න තියන තීරණ සියලූ යුදෙවුවෝ එසේ නොවෙත් සියලු දෙමළ අය එසේ නොවෙත්(Diaspora එකේ බොහෝ අයට ලැබී ඇත්තේ වැරදි දත්තය) ඒ නිසා මේ ප්‍රශ්න ඒවායේ ඉතිහාසයත් සමානව ලෝකයේ ඇතිවු ප්‍රශ්නත් අධ්‍යයනයෙන් පමණක් විසදිය හැකි වෙයි. කන්න බොන්න හා සල්ලි දුන් විට මේවා අමතක වී මේ අය වෙනත් රටක් නැවත නොඉල්ලයි කියා සිතීම අපව මිනිස්සුන්ට වඩා capitalistලා කරවයි. මීට වඩා වෙනස් ප්‍රශ්නයක් තිබේ එයට පිලිතුරු දිය යුතුවේ.