Archive for September 2009

වින්සන්ට් චර්චිල්, මහින්ද සහ ශ්‍රීලංකාව

කාලෙකට පස්සේ කථා කරන්ඩ හිතුනත්, කොතනින් කොහොම පටන්ගන්ඩද කියල තාම හිතාගන්ඩ අමාරුයි. ඒත් ඕන දෙයක් වෙන්ඩ කියල දුනුවාය ඔන්න දුන් අතට ගත්තා.....

වින්සන්ට් චර්චිල් යනු දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුදාව ජයග්‍රහණය කරා මෙහෙයවූ අසහාය නායකයා විය. කැපවීම උපායශීලීත්වය අතින් ඉතා ඉහල ස්ථාවරයක් ගොඩනගා ගත් ඔහුට වැඩේ වැරදුනේ ආර්ථිකය හමුවේය. යුද්ධයෙන් පසු ආ පළමු ඡන්දයෙන්ම වින්සන්ට් චර්චිල් පැරදුනේය.

මහින්ද යනු ශ්‍රීලකාවේ තිබූ දශක තුනක යුද්ධය නිමා කල අවිවාදිත හා අසහාය නායකයා විය‍‍. කැපවීම, යුධ උපායයන්, සේනා විධානය, අන්තර්ජාතික සම්බන්ධතා අතින් ගත්තත් හේ එසේමය. අවිවාදයෙන්ම ශ්‍රේෂ්ඨ නායකයෙකි. ඔහු කොතරම් ජනප්‍රිය චරිතයක් වීද යත් ඔහුගේ නම මුලට දාගත් කල පොල් පිත්තෙන් කැපූ හරකකු වුවත් මැතිවරණයකදී ජයග්‍රහණය කරන බව පසුගිය මැතිවරණ ප්‍රථිපල දිහා බලන ඕනෑම අයෙකුට අමුතුවෙන් පැහැදිලි කල යුතු නොහේ. එහෙත් මහින්දගේ වැරදි හා අඩුපාඩුද ‍බොහෝ දුරට චර්චිල්ට සමානය. සංවර්ධනය සඳහා කැපවූවත් ආර්ථිකය අවුල්සහගතය‍. වටේ එකතුවී සිටන්නන්ද කරන්නේ අවස්ථාවාදී අලුකුත්තේරු නාස්තිකාර වැඩය. ඇමතිමණ්ඩලය හරක්ගාලක් ගාණය. අලි මදිවට හරක් කියා අහල පහල සිටින බල්ලන්ද පැමිණ දෙපා මුළම සුළු දිය පහකරන්නට පටන්ගෙන ඇත. ඒවාටත් මුහුණ දිය යුතුව ඇත්තේය. ඒවාට විරුද්ධව කථා කරන්නටද නොහැකිය. එසේ කල හොත් අද එම වැරදි එළි කල පක්ෂ හෙට ඒකාවම නාවා අන්දවා ගෙට වද්දවා ගැනීම‍ට සැදී පැහැදී බලා සිටී. ඒවාද බලා ගත යුතුය. ඒ අතින් ගත් කල මහින්දට සිදුවී ඇත්තේද මරණ තුණක් ඇති මිණිහෙක් පැණි කෑ කතාවම‍ය.

ශ්‍රීල.කාව යනු තේරුම් ගැනීමට ඉතා පහසු එහෙත් ඉතා සුළු කාල‍යකින් ආපසු මුළ සි‍ට තේරුම් ගත යුතු අරුම පුදුම රාජ්‍යයකි. මේ පාර ඡන්ද ප්‍රථිපල මත ලබන පාර ඡන්දය පිළිබඳ පේන කීමනම් අමූලික මුලාවකි. එහෙත් තාත්තාගෙන් උරුම වූ දේශපාලන පක්ෂය මැරුවත් හැරනොයන න්‍යායකින් බිම් මට්ටමේ දේශපාලන සඟයන් හැම පක්ෂයකටම ඇති රාජ්‍යයකි. එම නිසා උපරිම ඡන්ද ප්‍රමාණය කෙසේ වෙතත් අවම ඡන්ද ප්‍රමාණයනම් ස්ථිරවම කිව හැකි රාජ්‍යයකි. බඩට දැනෙන දේ ඡන්දයකදී ප්‍රකාශවෙන දේශපාලන ක්‍රමයකින් සමන්විත වුවත් එයද යුද්ධයත් සමග කණපිට පෙරලී ඇති සෙයකි.

දැන් දැන් අලුත් ප්‍රවණතාවයන්ද ඇත. වැඩිහිටියන්ට පමණයි දර්ශණ තහනම් කර ඒවා ලයිව් පෙන්වූ අය දේශපාලනය කරයි. මම කථා කරන්නේ අනර්කලී පිළිබඳව පමණක් නොව රෝසිද මේ ගණයේම බව අමතක නොකල යුතුය.

බෝට්ටුව පෙරලෙන පැත්ත කුමක් වුවත් ප්‍රශ්ණයක් නැති "අපක්ෂපතී" විපක්ෂයේ නොදකින බෝගොල්ලාගම වැන්නවුන් කොයිපැත්තේ සිටියත් කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කරමින් නාඩගම් නටමින් සිටියි.
බටලන්දේ කරමුලටම හසුවූ රනිල්ට ලැබුණු දඬුවමක් නැතුවාක් මෙන්ම.... ප්‍රභා සමඟ එකට ජබු ගැසූ අයටද සිදූ වූ දෙයක් නොමැත.

මහ ආණුඩුවවත් කියන දේ කණකට ගන්නේ නැති ඇමරිකන් තානාතිපති කාර්යාලය...
ඕන එකෙක් ඕන වෙලාවක වීසා නැතුව රට යවන්ඩ බලය තියෙන බ්‍රිතාන්‍ය තානාතිපති කාර්යාලය...
හොට බිම ඇනුනත් පස්සෙන් ගඳගස්සන NGO.
එහෙත් වෙන හානියක් හෝ පාලනයක් නොමැති අන්තර්ජාතික ප්‍රජාව ආදිය තව අතකිනි.

ඇති තරන් නාස්ති කරන්ඩ අවසර තියෙන ආණ්ඩුවකි. කොන්ද පණ ඇතිනායකයෙක් නැති... "ම"යන්න වැනි ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන ජෝකරයන්ට යට වූ විපක්ෂයකි. යන එනමං නැතුව මරුවිකාරෙන් දඟලන තුන්වැනි බල වේගයකි. මේව තේරුන්ගන්ඩ බැරුව අතරමන් වී සිටින ඡන්දෙ දින පමණක් පරමාදිපත්‍ය අතට ගන්නා ජනතාවකි.

‍මේ ලියන දේවල් තුට්ටුවකට වැඩක් නෑ කියල දැන දැනත් කට කහනවට මේව කියන අපි වගේ මොලේ අමාරුකාරයන් පිරිසකි.

දුනුවායා.