Archive for October 2008

ජෙනරාල් ජානක පෙරේ‍රා මහතාගේ ඝාතනය පිළිබඳ දුනුවායාගේ ශෝකය.

20696

‍LTTE ත්‍රස්තවාදීන්ට ජාතියක්, ජන්මයක්, කුලයක්, පක්ෂබේදයක්, කළගුණ සැලකීමක් හෝ මිත්‍රධර්මයක් නොමැතිබව නැවතත් අමතක වූවන්ට සනාථ කරදෙමින් අනුරාධපුරයේදී 20කට අධික ප්‍රමාණයකට මරු කැඳවමින් තවත් විශාල පිරිසකට හානි සිදුකරමින් මහා විනාශයක් සාර්ථකව සිදුකර ගැනීමට හැකි විය.

නානාවිධ උපක්‍රම යොදා යුද්ධයෙන් ජයග්‍රහණය ලබමින් ඉදිරියට යන ශ්‍රීලාංකීය හමුදාවන් ‍කෙසේ හෝ නතර කරවීමට අර අඳින විදේශීය හා දේශීය ත්‍රස්ථමාමක බලවේගයන් හා ජෙනරාල් ජානක පෙරේ‍රා වැන්නකුට එක්වන්නට සිදුවීම දෛවයේ සරදමක් නොවේ. එය ශ්‍රීලාංකීය දේශපාලනයේ සැබෑ නිරුවත එලි දැක්වීමක් විය.

ජෙනරාල් ජානක පෙරේ‍රා අතිදක්ෂ යුධ නායකයකුව සිටිය හෙයින්ම ඔහු ත්‍රස්ථයන්ගේ ප්‍රධාන ඉලක්කයක්ව සිටිබැව් නොරහසකි. පුද්ගලයෙක් යමෙකුගේ ඉලක්කයක් වනවිට සිදුකරන ප්‍රධානම දෙයක්නම් තමා අපහසු ඉලක්කයක් වීම සඳහා ආරක්ෂා වීමයි. එහෙත් ඔහු පහසු ඉලක්කයක් බවට ඇද දැමීය. සමහර විට “අප කොටි රකින නිසා කොටි අප රකීයයි” දේශපාලු නායකයින් සිතුවා විය යුතුයි. එසේත් නොමැතිනම් ජෙනරාල් ජානක පෙරේරා වැන්නකුගේ මරණය විකුණා නායකකම රැකගැනීමේ සැලැස්මක් මුල සිටම තිබුණා විය යුතුයි. ඒ පිළිබඳ ඉදිරියේදී මාධ්‍ය මගින් දැකගත හැකි වනු ඇත.

එමෙන්ම මේ කාලකන්නි දේශපාලනයට ජෙනරාල් ජානක පෙරේරාව ඇද දැමූ අයවද අමතක කර මේ පිළිබඳ කතා කල නොහැක. ඒ ඒ පුද්ගලයින්ට තම තමන්ගේ මතවාද හා දැකීම් ඇත. ඒවා යම් විටෙකදී තමාට හා අන්අයට හිතකර හා අහිතකර ලෙස බලපායි.

ගෝඪාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ලෙස පත්වීම රටට හා යුද්ධයට යහපත් ලෙස බලපෑ බව කියවේ. එහෙත් එය ජෙනරාල් ජානක පෙරේරාට නම් යහපත් ලෙස බලපෑවේ නැත. ඔහුට තානාපති ධූරය දමා ලංකාවට ඒමට සිදුවූයේද එම නිසාය. එම නිසා ඔහුව මරණයේ දොරකඩට ඇද දැමීම පිළිබඳ ආණ්ඩුව හා වගකීමට බැදෙනු ඇත.

එය…..

රනිල් ඇතුලු එජාපය තමන්ගේ කුණු වසාගැනීමට දඩමීමා කරගනු ඇත.

රජය සහ ආණ්ඩුව සහ රාජපක්ෂලා LTTEයට බැණවැදී එම ගිණුමටම බැරකර ඇඟ ‍බේරාගනු ඇත.

කමිටුවක් ආරම්භ කර පරීක්ෂණයක් පවත්වනු ඇත.

ටිකදිනකින් කමිටුවටද ඔබටද මෙය අමතක වනු ඇත.

ඔබව යොදාගත් අය වසරකට වරක් වෙන විශේෂ දෙයක් නොතිබුනොත් මෙම දිනය මතක්කරනු ඇත.

විශේෂ :

මෙම සියල්ල ඉදිරියේදී මාධ්‍ය හරහා රඟදැක්වෙනු ඇත

එහෙත්…..

ජෙනරාල් ජානක පෙරේරා මහතාණෙනි……..

ඔබටද රටටද ඔබව අහිමිව ඇත…………………

ඔබට නිවන්සුව …..

දුනුවායා

හීසර සහ දුනුවායා

හීසරයක් තියන දුනුවායා ඒක හරියටම එල්ලය බලල තියනවා වගේම සමහර වෙලාවට ඒක වදින තැනක වදින්ඩ තැනක් හිතාගෙන තියෙනවා.

මමත් ඔය ක්‍රම දෙකටම විදිනවා.. හැබැයි වදින විදිහ සමහර වෙලාවට හිතනවට වැඩිය වෙනස්. වියුණු ලිව්වේ නෑම නෙමෙයි. හැබැයි ලියන එක මඟ හැරිලා හිටියා. දැන් ආපහු ලියන්ඩයි හදන්නේ.

කොච්චර කාලයක්, කොහොම, මොනවා, මොන විදිහකට ලියනවද කියන එක කාලයා විසින් තීරණය කරාවි.

හැබැයි ලියන ටික, හිතේ තියෙන විදිහටම… සරල විදිහට කියනවනං (බොක්කෙන්ම) ලියන්ඩයි අදහස.

මට ඉතින් ලියන්ඩ හිතෙන දේවල් හීසර වගේම තමා..

සිංහල බ්ලොග් කියවන අය වැඩිය නැති වුනාට කියවන අය කියෝනවා කියලා දන්න හින්ද දුකක් නැතුව ලියන්ඩයි කල්පනාව.