Archive for May 2009

යුද්ධය අවසන්ද?

යුද්ධය අවසන්ද?
අනේ මන්ද මටම හිතාගන්ඩ බෑ යුද්ධය ඉවරද කියල.. ඇයි ඉවරඋනේ කියලා...
බැලුවහම මේ යුද්දෙන් වෙච්ච හානියට වැඩිය යුද්දෙ ඉවරවෙච්ච හින්ද වෙලා තියෙන හානිය වැඩියිලු. ඒ අල්ලගත්ත එව්ව දෙමල මිනිස්සුන්ගේ නිජ භූමිලු.. මැරුවෙ දෙමල ජාතියෙ නායකයවලු.. සමහරුන්ට හිතෙන විදිහට ඒ මැරිච්ච මනුස්සයගෙ(?) ළමයට තාත්තෙක්ව නැතිකලාලු.. ඒ අස්සෙ ජාතිවාදී තර්ජනය...

ජාතිවාදය / ජාතිකවාදය?
සමහරුන්ට අනුව එය


ඒක ප්‍රධාන වශයෙන් "සිංහල" ජාතිකවාදයක්.සිංහල දේශප්‍රේමයක්.එම ජාතිකවාදී කතිකාවත හැදිල තියෙන්නෙ දෙමලා/වෙනත් සුලු වාර්ගිකයා සිය කතිකාවතින් පිටමං කොට දමමින්
--රාමචන්ද්‍රගේ අඩවිය - 2009/5/2

දෙමළ ජනතාව මේ මොහොතේ සිතන්නේ කුමක්දැයි දැන ගැනීමට ජයග්‍රහණය සමරන බොහෝ අයට වුවමනා නැත
--Beyond Frame - 2009/5/2

මට කොතනින් පටන් අරගෙන කොතනින් ඉවරකරන්ඩද කියල හිතාගන්ඩ බැරිඋනත් අවසානය ගැන නොසිත මුලින්ම වැඩේ පටන්ගන්නං.

ඇත්තටම යුද්දෙ ඉවරද?
ආයුධ අරගෙන ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදිය කල යුද්දෙ ඉවරයි.. හැබැයි මානසික යුද්ධය, මාධ්‍ය යුද්ධය, යුද්ධය නැවත දළුදැමීමේ අවදානම, සහ රට ගොඩනැගීමේ යුද්ධය තාම එහෙමමයි, එතනමයි.
ඇයි ඒ.
මානසික යුද්ධය + මාධ්‍ය යුද්ධය දෙකම එකට සම්බන්ධ වූ දේවල්. මහින්ද වාදීන් යුද්ධය ආතල් එකක් කරගෙන ඇති අතර එය ගොබෙල්ස් ගේ න්‍යාය කරගැනීමට තැත්කරයි. මෙය පිරිහීමේ එක ක්‍රමයක් බව ඉතිහාසය සාක්ෂිදැරුවත් ලංකාවේ එය තේරුම්ගන්නා බවටනම් සලකුණක්වත් නැත.
සුපුරුදු පරිදි Tamil Diaspora තවමත් ක්‍රියාන්විතයේ.. KP ආදීන් තවමත් ක්‍රියාත්මකයි. Norway, US, ආදී රටවල් යුද්ධය නැති රටවලට කැමති නැත. මේ කරුණුකාරණා සියල්ලම සමගින් මානසික හා මාධ්‍ය යුද්ධය ක්‍රියාතමක වන අතර එයට පහරදෙනවාට වඩා ආරක්ෂක මාධ්‍ය ව්‍යාපෘති ඇරඹීමද, මූලයන් සොයා වැනසීමද, බුද්ධිමත්ව ක්‍රියා කිරීමද සිදුනොවුනහොත් නැවතත් යුද්ධයකට මුහුණදීමය සිදුවීම වැලැක්විය නොහැකිවනු ඇත.
රට ගොඩනැගීම, ඇත්තටම මෙයද යුද්ධයකි. කල යුද්ධයට වඩා අමාරු එකකි.

යුද්ධය නිසා මිනිසුන් අවතැන්වීම හා දේපල විනාශ වීම..
යුද්ධයකදී දේපල, මිනිස් ජීවිත විනාශ නොවූ යුද්ධයක් මෙතෙක් මා දැක නැත. එහෙත් ශ්‍රීලංකා යුධහමුදාවේ වීරෝධාර සෙබලුන් තම ජීවිත රාශියක් කැපකරමින් දහස්ගණනක් දෙමළ මිනිසුන්ගේ ජීවිත ගලවාගැනීමට සමත්විය. එවන් ආකරයකට ක්‍රියාකල කිසිදු හමුදාවක් ලොව සිටීදැයි නොදනිමි.
එහෙත් ස්භාවික සම්පත් වලින් අනූන උතුරු නැගෙනහිර ප්‍රදේශවල කිසිදු තැනක දියුණු කර තිබූ කිසිදු කර්මාන්තයක්(ආයුධ, බෝම්බ හා යුධ නිශ්පාදන හැරුණුවිට ) දැකීමට තිබුනේ නැත.
සමහර කතාවල හැටියට සිදුකලේ ආක්‍රමණයකි.
එහෙත් අප දන්නා ඉතිහාසයේ හැටියට උතුරු නැගෙනහිර සිංහල, දෙමල, මුස්ලිම් සියුළුදෙනා එකට ජීවත් වූ ප්‍රදේශයන්ය. හිටි ප්‍රදේශයක් නැවත අත්පත්කර ගැනීම ආක්‍රමණයක්නම් එය ආක්‍රමණයකි.
ඩී.එස් සේනානායක, දිඹුලාගල හාමුදුරුවො සිදුකල දේ නැවත ක්‍රියාවට නැගීමට කාලයයි මේ.
සිංහල, දෙමල, මුස්ලිම් ජනපද නැවත ඇරඹීමට කාලයයි මේ.
ඒවාට අවශ්‍ය සම්පත් ලබා දී රට ගොඩනැගීමට කාලයයි මේ.

රාමචන්ද්‍රට පිළිතුරක්
රාමචන්ද්‍රගේ 2009/5/2 කථාව වෙනම පිළිතුරක් දියයුතු කථාවක් වුවත්.. එය පසුවට කල් දමා
"ඒක ප්‍රධාන වශයෙන් "සිංහල" ජාතිකවාදයක්.සිංහල දේශප්‍රේමයක්.එම ජාතිකවාදී කතිකාවත හැදිල තියෙන්නෙ දෙමලා/වෙනත් සුලු වාර්ගිකයා සිය කතිකාවතින් පිටමං කොට දමමින්"
යන කතාවට පිළිතුරක් පමණක් දීමට කැමැත්තෙමි.
උත්කර්ෂවත්ව නැගතිබෙන ජාතිකවාදය සිංහල ජාතිකවාදයක් බව කියල තියෙන්නේ මොන පදනමක ඉදලද කියන එකනං මට වැටහෙන්නේ නෑ. එහෙමනං මෙහෙ මිනිස්සු සහන කදවුරු වලට ආපු දෙමල මිනිස්සුන්ට ආධාරයැව්වෙ මොන එහෙකටද?
අනිත් එක මේ සතුටුවෙන මිනිස්සු සිංහල විතරයි කියල කිව්වෙ ‍මොන පදනමක ඉදලද?
ඇත්ත මේ සතුටුවෙන සමහර මිනිස්සුන්ගේ කවුරුවත්ම සමහරවිට මැරිල නැතුව ඇති. හැබැයි අමතක කරන්ඩ බැරි තමන්ගේ අම්ම, තාත්ත, පුතා, දුව, අයිය, අක්ක යුද්දෙට ගිහින්, බස් බෝම්බෙට, කෝච්චියෙ බෝම්බෙට, ගමට පැනල කපලකොටල දාපු එවුන්ව උන්ගෙ නායකයව මරල දැම්ම කිවුවම සතුටුනොවෙන එකා මොකාද කියල මට හිතාගන්ඩ බැරි.
දෙමල ජනතාව මොකද මේවෙලාවෙ හිතන්නේ?
Beyond Frame පුදුම අනුකම්පාවක්නෙ තියෙන්නේ.. අපරාදෙ ආමිඑකේ කොල්ලන්ට කියන්ඩ තිබ්බෙ අහිංසක LTTE කොල්ලන්ව කෙල්ලන්ව මරන්ඩ එපා දෙමල මිනිස්සු කැමති නෑ කියල..
Beyond Frame කියල තියෙන යොමුවෙ තියෙන විදිහට දෙමල මිනිස්සු හුගක් තාම පිළිගන්නේ නෑ ප්‍රභා මලා කියල. උන් තාම කියන්නේ ප්‍රභා උන්ගේ නායකය කියල. අපිටයි පිස්සු...
කොළඹ වැල්ලවත්තෙ ගියොත් එහෙම්පිටින් දෙමළ. මුන් දෙමළ ජාතියට තියන නිදහස ගැන අහනවා.
කොහෙද දෙමල මුස්ලිම් මිනිස්සු නැත්තේ?

අනේ මන්ද කියන්ඩ ගත්තට අමුතුවෙන් කියන්ඩ තියෙන දේ මොකක්ද කියලා.

හැබැයි අන්තිමට කියන්ඩ දෙයක් තියෙනවා.
ශ්‍රීලංකාවෙ ඉදගෙන ඒක කෑලිකඩන්ඩ ඉල්ලන, වෙනමරටක් ඉල්ලන, ඊලමක් ඉල්ලන, ලංකාවට අපහාසකරන ඕනඑකෙක් මරලදාන්ඩ, රටින් එලවන්ඩ ඕනදේකට මමත් අත් දෙකම උස්සල අනුමැතිය දෙනවා.

දුනුවායා.

නිවටයාගේ අවසානය.!

දශක තුනක් පුරා ශ්‍රීලංකාව ත්‍රස්ථවාදයෙන් පීඩනයට පත්කල ත්‍රස්ථ නායකයාගේ අවසානය මේවන විට සිදුවී හමාරයි.
ඒ මුහුණට මුහුණ සටනකදී හෝ තමා පුරුදු කල සයිනයිඩ් කරලින් නොව... බියගුල්ලකු සේ ගිලන්රථයකින් පැනයාමට දැරූ උත්සාහයකදීයි.
ඔහුත් සමග ඔහුගේ අනෙක් නරි රැලද මෙලොවින් තුරන්කර දැමීමට හමුදා සෙබළුන් සමත්වී තිබෙනවා.

කඩේ ගිය.. සැමට මගේ අවංක ශෝකය!

උන්ට එහෙමයි අපිට මෙහෙමයි....

මොකක්ද?
මොනවද?
කවුද?

දේශපාලකයාට කුණුගොඩ ත්‍යාගයකි, යුද්ධය පළඳනාවකි, හතුරාද වාසියකි....
ඒ ඇයිද යන්න වඩා පැහැදිලි කිරීම අවශ්‍ය නැතත් ආරම්භය ලෙස මඳක් විමසන්නට සිත්දේ.

කුණු ගොඩගැසෙන තරමට දේශපාලඥයන් කැමතිය. ඒ එක් වර්ගයක කුණු නොවේ.. සියළුතන්හිම කුණුය. නගරයේ කුණු ගොඩ වැඩිවන තරමට කැමතිය.
ප්‍රතිවාදී පක්ෂයේ කුණු ගොඩගැහෙන තරමට කැමතිය.
තමන්ගේ පක්ෂයේම වුව තම අනෙක් අපේක්ෂකයාගේ කුණු ගොඩගැහෙන තරමට කැමතිය.
තමාගේ කුණු(ජරාව) ගොඩගැහෙන තරමට කැමතිය... මේ ස්වල්පයක් පමණි.

ඇයි....?
බලයේ සිටින පක්ෂයේ දේශපාලඥයා:
නගරයේ තිබෙන කුණුගොඩ වැඩිවන තරමට අලුත් ටෙන්ඩරයකට යාමේ හැකියාව වැඩි වේ... එයින් තමාගේ ගොඩ ලොකුකර ගැනීමේ හැකියාව වැඩිවේ.
සුද්ද කර දැමීමෙන් ලබන ඡන්දයේදී මනාප ඉල්ලීමේ හැකියාව වැඩිවේ.
විරුද්ධ පක්ෂයේ සිටින දේශපාලඥයා:
නගරයේ තිබෙන කුණුගොඩ වැඩිවන තරමට කෑගැසීමේ හැකියාව වැඩිවේ.
විරෝධය පෑමේ හැකියාව වැඩිවේ.
ඡන්ද ගොඩ වැඩිකරගැනීමේ හැකියාව වැඩිවේ.
පොරොන්දු දීමේ හැකියාව වැඩිවේ.
ටෙන්ඩර් ලබාදීමේ පොරොන්දුවට (අනුග්‍රාහක) මුල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව වැඩිවේ.
ඉතිරි කරුණු තුන....
ඒවනං ඉතිං කියන්ඩ දේකුත් නෑනෙ...

යුද්ධය
පළඳනාවක්....?
ඇයි?
කරල දිනුවොත් බෙල්ලෙ දාගන්ඩ පුළුවන්.
කරන්ඩ බැයිනං පෙන්නල ආතල් එකක් ගන්ඩ පුළුවන්.
නැත්තං විකුණල හරි උගස්තියල හරි සල්ලි කරගන්ඩ පුළුවන්..

හතුරා
වාසියක්..?
ඇයි?
බය කරගත්තොත් තවත් ඉත්තෙක් වෙන හින්ද..
තමන්ට ඕන උනාම පාවිච්චි කරන්ඩ පුළුවන් හින්ද..
කියන්ඩ කරන්ඩ දේවල් හැදෙන හින්ද..

එදා....
1971.... දහස් ගණනක කැරලිකාර(කරවූ) තරුණ පිරිසක්ද... හමුදාවේ පොලිසියේ සෑහෙන ගණනක්ද මරුමුවට පත්කරමින් ඇතිවූ සිවිල් අරගලයේ (කැරැල්ලේ) නියමුවන්, ඇතිකරවූවන් අද දිනද නිරැපද්‍රිතව සිටිිනවා පමණක් නොව අද දිනද සමහරුන් දේශපාලන පකෂ වල නායකයින්ය.

1983.... දහස් ගණනක දෙමළ වැසියන් මරුමුවට පත්කරමින් ඇති කල කලු ජූලිය ඇති කල වුන් ජාතිවාදයේ නාමයෙන් කොල්ල කෑ වුන් අදද දේශපාලන පක්ෂ වල ඉහල තනතුරු දරන්නවුන් පමණක් නොව සමහරුන් කොටින් වෙනුවෙන් කඳුලු සලන්නන්ද වේ.

1986.... ලක්ෂ ගණනක තරුණ ජීවිත බිලිගනිමින් භීෂණය ඇතිකල පිරිස්වල නායකයින් අද එක් තැනක පමණක් නොව නොයෙක් තැන්වල නායකත්වයන්, ඉහල තනතුරු හොබවන ප්‍රභූ වරුන්ය.
හොඳම විහිලුව නම් ඒවා තහවුරු කිරීමට පටන්ගත් කොමිසන් වාර්ථා අදවන තුරු පිට නොවීමයි.

එක් අතකින් එය එතරම් පුදුමයක්ද නොවේ. මන්ද යත්. ලංකාවේ කිසිදු කොමිසමක් මෙතෙක් කල් සිදු කල කිසිදු සාර්ථක කටයුත්තක් මගේ සිහියට නොනැගීමයි.

2009...............
මෙහි වැදගත්කම......
සියළු දේ සාක්ෂිත් සමඟම ලැබීමයි.
ත්‍රස්ත නායක ප්‍රභාකරන් සමඟ පිහිණුම් තටාක වල ලැග සිටීම...
ත්‍රස්ත නායක ප්‍රභාකරන්ගෙන් රන්කාසි ලැබීම...
ත්‍රස්තවාදීන්ගෙන් මාසික වැටුප් ලබන රැකියා වල නියුතු වීම.

මේවාටත් පෙර සිදු වූ ආකාරයේම කොමිසමකින් අවසන් වේද?

එසේත් නොමැතිනම්.......
කරුණා අම්මාන් : නැගෙනහිර පලාතේ මහ ඇමති
වෙිලු පිල්ලේ ප්‍රභාකරන් : උතුරු පලාෙත් මහ ඇමති
ඔයින් ගියොත් ඇති...
දයා මාස්ටර් (විදේශ කටයුතු), ජෝර්ජ් මාස්ටර් (ජාත්‍යන්තර සම්බන්ධතා), පොට්ටු අම්මාන්(බුද්ධි ඒකකය), සුසෙයි (වරාය හා නාවික කටයුතු), චාල්ස් ඇන්තනී(ගුවන් හා තව මොනව හරි)
ඇමති කම් ලබන්ඩත් බැරි නෑ..

මේව මෙහෙම උනාම කටු කාපු උන්ටත් මොන මොනව හරි නොලැබී යන එකක් නෑ...

ඒ කාලෙට අපිට කියන්ඩ තමා පරණ මිනිස්සු අර කතාවක් කියල තියෙන්නේ....

නඩුත් හාමුදුරුවන්ගේ...
බඩුත් හාමුදුරුවන්ගේ කියලා....

ගනන් ගන්ඩ එපා....
වෙනවටම කියපුව නෙමේ...
නොවෙන්ඩත් බැරි එව්ව නෙමේ හින්ද කිව්වේ.....

දුනුවායා

අන්දොස් වෙච්ච සිංහල

කම්පීතරේ මාරුකලා... හොරාපොලිස්ලට පින් ඇප්ලයි වෙන්ඩ හදිස්සියකටවත් 100RS XP SP2 එකක් හොයාගන්ඩ බැරිඋනා.. ෆෙඩෝරා මාව කැරකෙන කූඩුවක් කියල හිතාගෙන වැඩකරන්ඩ ගත්තා.. එකීමෙකී නොකී කාරනා රාශියකුත් තවත් එකක් දෙකක් සමඟින් සිංහල වියුණු ලිවිල්ලට කොමාවක් දාල තිබ්බ. කොහොමෙන් කොහොම හරි උබුන්ටු Ubuntu 9.04 - the Jaunty Jackalope ආවට පස්සේ ඩවුන්ලෝඩ් කලේ ඊයෙ. පන්සල්, දන්සැල් වැඳල ආවට පස්සේ ආපහු සිංහල ලියන්ඩ හිතිල ඔන්න ආපහු ආව...

හීසර - මැන්ටල් චැප්ටර් 2