Archive for 2008

තුන්හෙලේ කැලෑතුල සිංහපැටව්.....

ශ්‍රී ශානුගේ gmail status එකේ දාල තියෙන සිංදුව සෑහෙන දවසක් තිස්සේ හෙව්වත් හම්බුනේ නෑ. අන්තිමේදී බොහොම අමාරුවෙන් හොයාගත්ත වෙලාවෙ ඔයාලව මතක්වුනා. ඔයාලත් එක්ක බෙදාගන්ඩ ඕනෙ කියල හිතුනා.
සිංදුව නෙමේ සිදුවෙ තියෙන දේ....
සිංදුව ඕන අය mail එකක් දාන්ඩ. මම එවන්නං.

තුන්හෙලේ කැලෑතුල සිංහපැටව්
නැත උන් රට අතැරගොසින්
කොටුකර යදැලින් ඇති සිංහපැටව්
විලි වැද යති දැක හෙලයන්

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා වූ සිංහපැටවු
තුටුවෙද අනුනගෙ ඉඳුලින්

තුන්හෙලේ //

අප ධජයේ ඉන්නා සිංහපැටවු
පැනයන්නට පෙර මෙරටින්
පිටරටුන් දොරින් දොර සිඟානොකා සිට
අලස සුවය දුරලන්

තුන්හෙලේ //

දැන් මොකක්ද කියන්ඩ හිතෙන්නේ.... කොටින්ට කඩේයන්ඩ ආපු අයට වැඩක්වෙන්නේ නෑ ඔයාලට බයිට් එකක් දෙන්ඩ නෙමේ යන්නේ.. Sorry 4 it :D

සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා වූ සිංහපැටවු තුටුවෙද අනුනගෙ ඉඳුලින්


දැන්නං මේ ණයට කෑම විශබීජයක් වෙලා තියෙන්නේ..
මේ කාලකණ්නි පාලකයෝ හිතන්නේ වැඩියම ණයට කන්ඩ පුළුවන් ආණ්ඩු‍ව තමා හොඳම එක කියලා. එක එකා තමන්ට වැඩිම ණයට ගන්ඩ පුළුවන් කියලා හෙන උඩින් කියන්නේ. උන් දන්නේ නෑ ඕව ගෙවන්ඩ ඕනෙ කියලා. උන්ට ඕනෙ නෑ මේව ගෙවන්ඩ පුළුවන්ද කියල හිතන්ඩ. උන්ට ඕනෙ කොහෙන් හරි තමන්ගේ ගොඩ වැඩිකරගන්ඩ.

ගන්ඩ දෙයක් ඇත්තෙම නැත්තං ජංගියක් හරි ණයටගන්ඩයි ඕනෙ. ඒක ගත්තත් කියයි ඕන්න අපිටනං දුන්නා කියලා. බැරි උනොත් අනිත් පැත්තෙ උන් කියයි උන්ට ඕව දෙන්නේ නෑ. අපි හිටියනං මෙලහටත් අපිට දීල කියලා. ඒකෙන් ලංකාවට වැඩක් තියෙනවද නැද්ද කියන එක මුන්ට වැදත් නෑ.

අප ධජයේ ඉන්නා සිංහපැටවු පැනයන්නට පෙර මෙරටින්
පිටරටුන් දොරින් දොර සිඟානොකා සිට අලස සුවය දුරලන්


හොඳ වෙලාවට කොඩියට කොටිය එන එකනං කල්ගියා එහෙම නැත්තං නැවතෙයි. ඒ කෙසේ වෙතත් මේක කොඩියක තව තරුවක් වෙන්ඩ බැරිකමක් නැත්තෙත් නෑ.
එකෙක් සීගිරියේ හෙලුවෙන් කෙල්ලංව නටවන්ඩ හැදුවා. දැන් අනික ඒකෙ ලයිට්දාල මොකක්ද තව විජ්ජුම්බරයක් කරන්ඩ හදනවා. මුන්ට ‍මොනව වෙලාද කියල හිතාගන්ඩ බෑ.
උන්ට ඩිස්කෝ නටන්ඩ තැනක් ඕනනං හදපංකො ඔය පිට්ටනියක හරි මූදු වෙරලක හරි. ‍ලෝක උරුමයක් වෙච්ච සීගිරියට මගුලක් කරන්ඩ හදන්නේ.

ඕව නොකර මොනව කරන්ඩද? ගත්ත ණයවල ගන්න ණය වල හැටියට උන් කියන විදිහට කහින්ඩත් එපායැ.

මුන් කෝකත් එකයි. අම්ම විකුණල හරි තමන් හැදෙන්ඩයි ඕනෙ. අපිත් ඡන්දෙ දීල යවනවා. ගිහින් බාල් නටනව මදිවට අපිටම කොරන්ඩ තියන ඔක්කොම කරනවා මදිවට ඊළඟපාර ලැජ්ජනැතුව ඡන්දෙ ඉල්ලන්ඩත් එනවා. අපෙත් ලැජ්ජ නැතිකම කියන්නේ අපිත් ආපහු මොකෙක්ට හරි ඡන්දෙ දෙනවා.

මේව කොහෙන්ද කොහොමද කවදද නතරවෙන්නේ....

දෙවියන් සහ පිම්පීන්

දෙවියන් යනු කවුද?

මම උපතින් ‍බෞද්ධයෙක්මි. එම නිසා මම කථා කරන්නේ බෞද්ධ දේව සංකල්පය මත සිටය

දෙවියන් යනු අපට යමක් දෙන අප රැකගන්නා පිරිසකි. (මෙය සම්පූරණ මතය නොවේ).
එහෙත් බස්රථවල, දුම්රියතුල, පාරේ ‍බෝම්බ පුපුරා සිය ගනන් මැරෙද්දී එම අහින්සකයන් රැකගන්නට ඔය 33000ක් වූ දෙවි දේව පරම්පරාවේ එකෙක්වත් ඉදිරිපත් වූයේ නැත.

එහෙත් අද අපේ රණවිරැවන් ඒදෙවියන්ට කල නොහැකි වූ කාර්‍යය ඉටුකරමින් අප පමණක් නොව මවුබිමද ආරක්ෂාකරනවා පමණක් නොව ත්‍රස්තවාදීන් සොයා විනාශකරමින් කැලෑපමණක් නොව ත්‍රස්තවාදීන් මුල්බැස සිටි බිම් අත්පත්කරගනිමින් ඉතා විශාල මෙහෙවරක් කරමින් සිටිනා බව මා අමුතුවෙන් කිවයුත්තක් නොවේ. මේ ජයග්‍රහණ එකක්වත් ලේබිඳක් නොසැලී කල ඒවා නොවේ. අද අපේ ගමේද මේවන විටත් එසේ දිවිපිදූ රණවිරුවකුගේ දේහයක් ති‍‍බෙන්නේ ඒබව මනාවට පසක් කරවමින්. එසේනම් අද දින මේ රණවිරුවන් දෙවියන් වන්නේ එබැවිනි.

එසේ දිවිපිදූ මෙන්ම ආබාධිත හා තුවාලැබූ සියලු විරුවන්ට මාගේ උපහාර පූර්වක නමස්කාරය පුදකරන අතරම, මේවනවිටත් සටනෙහි යෙදෙන රණවිරුවන්ට ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනාකරමි.

මේ යුද්ධයන් වලින් රිදුනු පිරිස් මුලින්ම හිරිකිත නැතුවම එලිබැස සිට කාලයක් අතුරුදන්ව ගොස් සිට නැවත කලඑලි බැස ඇති හැඩයි. සිංහල බ්ලොග් ලියන්නන් අතරටද කිහිපදෙනෙකු රිංගාසිටිනා බව දකින්නට බැරිකමක් නැත්තේද නැත.

යුද්ධය දේශපාලනික බව නොදන්නා මිනිසා මීහරකෙකුට අන්තය. "මිනිසා දේශපාලනික සත්වයෙකි" කියලා හිපොක්‍රටිස් කියල තියෙන්නේ නිකම්ම නොවේ.

ජේ.ආර් විවෘත ආර්ථිකයක් ගෙනත් බහුබූත කලත් යුද්ධය හරියට කලේය. ජයග්‍රහණ ලැබුවේය. වැඩේ පරිපුපු දමා අවසන් විය.
ප්‍රේමදාස යුද්ධය පමණක් නොව යුධසෙබලුන් අමුඅමුවේම වික්කේය. අන්තිමේදී ජෙනරාල් කොබ්බෑකඩුවද මරාදැම්මේය.
චන්ද්‍රිකා යුද්ධකලේය. අනිතිමේදී යුද්ධය එලිපිට වික්කේ අලිමංකඩ, කිලිනොච්චිය හා පූනරින්ද අතහරිමිනි. ජෙනරාල් ජානකපෙරේරා යාපනය අතහැරීමට යාමේදී එවකට ආරක්ෂක නි.අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ එහි ගොස් එම අතහැරීම නතරකල අයුරු අමතකව නැති යැයි සිතමු.
රනිල් යුද්ධ කල ආකාරයද අමතක වීමට කල්මදිය. හැබැයි රනිල්ට පැත්ත මාරුවිය. මාමාගේ විදියට ගියේය. ප්‍රේමදාස හමුදා පාවාදුන් ආකාරයට නොදෙවෙනිව යමින් රනිල් හමුදාව පමණක් නොව බුද්ධි අංශයද පාවාදු‍න්නේ කිසිම හිරිකිතක් නොමැතිවම.
මහින්ද දැන් යුද්දය කරයි. හිටපුගමන් කියන කතා වෙනස් කලත් යුද්දය නම් තාමත් නිසි ආකාරයෙන් කරනා බවක් පෙනෙන්නට ඇත. කිලිනොච්චිය මඟහැර පූනරීන් ඇල්ලීමෙන්ම එය තහවුරු වේ.

බුමුතුරුණුට වැඩේට රිදී ඇත
මෙය කියවීමෙන්පමණක් නොව ඔහුගේ පින්තූරය දැකීමෙන්ද පසක්වේ. "No war"
මමද යුද්ධයක් දැකීමට අකමැතිය. එහෙත් මෙවැනි සාම පිම්පීන් දැකීමට ඊට වඩා අකමැතිය.

මේ සාම පිම්පීන් පිළිබඳ වඩා හොඳ අදහසක් මා සතුව ඇත. ඒ සාම පිම්පීන් රැලම ඕමන්තෙන් එහාට දැක්කීමය. ඒ අන් අහවල් දෙයක් සඳහා නොවේ ප්‍රභාකරන් එක්ක සාමකාමීව සිටීමටය.


දුනුවායා

ප.ලි
මරණයේ ඇපල් වැඩේ නියමයි. සිරාවටම මාරයි :D

ජීවිතයට

උදේම නැගිටල මොනිටරේ ක්‍රියාත්මක කරල මූසිකය හොලවල රෑ දාපු බාගත කිරීම් ඉවරද කියල බලලා මූණකට හෝදගෙන ඇවිත් කෑමක් බීමකුත් නැතුව මෙතනම ඉඳගත්තහම අම්ම ඇවිත් කන්නේ නැද්ද කියල අහල දෙවෙනි තුන්වෙනි පාරට වහලෙ උඩයන්ඩ කෑගැහුවහම ඒකෙන් බේරෙන්ඩ ගිහින් කාල ඇවිත්. ආපහු මෙතනම ඉඳගෙන දවල්ට කන්ඩ නැගිටල ආපහු මෙතනම ඉඳගෙන ආපහු රෑට කන්ඩ නැගිටල පාන්දර වෙනකං ඉඳල මොනව හරි බාගතවෙන්ඩ දාල නිදාගන්න තත්වෙට පත්වෙලා.

මේ මමමද? මේ මගේ ජීවිතයමද?

මම මගේ ජීවිතය විඳිනවද? ගෙවල දානවද?

ඇත්ත මම මගේ ජීවිතය නාස්තිකරල දානවා…. නිකම්ම නාස්තිකරල දානවා. මෙලෝම ‍තේරුමක් නැතුව නාස්ති කරල දානවා.

මේ අපේ ජීවිත වලට කුලියට ගත්ත පරීඝණකයෙන් අපේ ජීවිතේට කරල තියෙන දේ නේද? කියලා හිතුනත් මම මේකට ඇබ්බැහි වෙලා. මේක තියෙනවනං වෙන මුකුත් ඕන නැතිවෙන ගානට මම මේකට ඇබ්බැහි වෙලා.

ජෙනරාල් ජානක පෙරේ‍රා මහතාගේ ඝාතනය පිළිබඳ දුනුවායාගේ ශෝකය.

20696

‍LTTE ත්‍රස්තවාදීන්ට ජාතියක්, ජන්මයක්, කුලයක්, පක්ෂබේදයක්, කළගුණ සැලකීමක් හෝ මිත්‍රධර්මයක් නොමැතිබව නැවතත් අමතක වූවන්ට සනාථ කරදෙමින් අනුරාධපුරයේදී 20කට අධික ප්‍රමාණයකට මරු කැඳවමින් තවත් විශාල පිරිසකට හානි සිදුකරමින් මහා විනාශයක් සාර්ථකව සිදුකර ගැනීමට හැකි විය.

නානාවිධ උපක්‍රම යොදා යුද්ධයෙන් ජයග්‍රහණය ලබමින් ඉදිරියට යන ශ්‍රීලාංකීය හමුදාවන් ‍කෙසේ හෝ නතර කරවීමට අර අඳින විදේශීය හා දේශීය ත්‍රස්ථමාමක බලවේගයන් හා ජෙනරාල් ජානක පෙරේ‍රා වැන්නකුට එක්වන්නට සිදුවීම දෛවයේ සරදමක් නොවේ. එය ශ්‍රීලාංකීය දේශපාලනයේ සැබෑ නිරුවත එලි දැක්වීමක් විය.

ජෙනරාල් ජානක පෙරේ‍රා අතිදක්ෂ යුධ නායකයකුව සිටිය හෙයින්ම ඔහු ත්‍රස්ථයන්ගේ ප්‍රධාන ඉලක්කයක්ව සිටිබැව් නොරහසකි. පුද්ගලයෙක් යමෙකුගේ ඉලක්කයක් වනවිට සිදුකරන ප්‍රධානම දෙයක්නම් තමා අපහසු ඉලක්කයක් වීම සඳහා ආරක්ෂා වීමයි. එහෙත් ඔහු පහසු ඉලක්කයක් බවට ඇද දැමීය. සමහර විට “අප කොටි රකින නිසා කොටි අප රකීයයි” දේශපාලු නායකයින් සිතුවා විය යුතුයි. එසේත් නොමැතිනම් ජෙනරාල් ජානක පෙරේරා වැන්නකුගේ මරණය විකුණා නායකකම රැකගැනීමේ සැලැස්මක් මුල සිටම තිබුණා විය යුතුයි. ඒ පිළිබඳ ඉදිරියේදී මාධ්‍ය මගින් දැකගත හැකි වනු ඇත.

එමෙන්ම මේ කාලකන්නි දේශපාලනයට ජෙනරාල් ජානක පෙරේරාව ඇද දැමූ අයවද අමතක කර මේ පිළිබඳ කතා කල නොහැක. ඒ ඒ පුද්ගලයින්ට තම තමන්ගේ මතවාද හා දැකීම් ඇත. ඒවා යම් විටෙකදී තමාට හා අන්අයට හිතකර හා අහිතකර ලෙස බලපායි.

ගෝඪාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ලෙස පත්වීම රටට හා යුද්ධයට යහපත් ලෙස බලපෑ බව කියවේ. එහෙත් එය ජෙනරාල් ජානක පෙරේරාට නම් යහපත් ලෙස බලපෑවේ නැත. ඔහුට තානාපති ධූරය දමා ලංකාවට ඒමට සිදුවූයේද එම නිසාය. එම නිසා ඔහුව මරණයේ දොරකඩට ඇද දැමීම පිළිබඳ ආණ්ඩුව හා වගකීමට බැදෙනු ඇත.

එය…..

රනිල් ඇතුලු එජාපය තමන්ගේ කුණු වසාගැනීමට දඩමීමා කරගනු ඇත.

රජය සහ ආණ්ඩුව සහ රාජපක්ෂලා LTTEයට බැණවැදී එම ගිණුමටම බැරකර ඇඟ ‍බේරාගනු ඇත.

කමිටුවක් ආරම්භ කර පරීක්ෂණයක් පවත්වනු ඇත.

ටිකදිනකින් කමිටුවටද ඔබටද මෙය අමතක වනු ඇත.

ඔබව යොදාගත් අය වසරකට වරක් වෙන විශේෂ දෙයක් නොතිබුනොත් මෙම දිනය මතක්කරනු ඇත.

විශේෂ :

මෙම සියල්ල ඉදිරියේදී මාධ්‍ය හරහා රඟදැක්වෙනු ඇත

එහෙත්…..

ජෙනරාල් ජානක පෙරේරා මහතාණෙනි……..

ඔබටද රටටද ඔබව අහිමිව ඇත…………………

ඔබට නිවන්සුව …..

දුනුවායා

හීසර සහ දුනුවායා

හීසරයක් තියන දුනුවායා ඒක හරියටම එල්ලය බලල තියනවා වගේම සමහර වෙලාවට ඒක වදින තැනක වදින්ඩ තැනක් හිතාගෙන තියෙනවා.

මමත් ඔය ක්‍රම දෙකටම විදිනවා.. හැබැයි වදින විදිහ සමහර වෙලාවට හිතනවට වැඩිය වෙනස්. වියුණු ලිව්වේ නෑම නෙමෙයි. හැබැයි ලියන එක මඟ හැරිලා හිටියා. දැන් ආපහු ලියන්ඩයි හදන්නේ.

කොච්චර කාලයක්, කොහොම, මොනවා, මොන විදිහකට ලියනවද කියන එක කාලයා විසින් තීරණය කරාවි.

හැබැයි ලියන ටික, හිතේ තියෙන විදිහටම… සරල විදිහට කියනවනං (බොක්කෙන්ම) ලියන්ඩයි අදහස.

මට ඉතින් ලියන්ඩ හිතෙන දේවල් හීසර වගේම තමා..

සිංහල බ්ලොග් කියවන අය වැඩිය නැති වුනාට කියවන අය කියෝනවා කියලා දන්න හින්ද දුකක් නැතුව ලියන්ඩයි කල්පනාව.