තුන්හෙලේ කැලෑතුල සිංහපැටව්.....

ශ්‍රී ශානුගේ gmail status එකේ දාල තියෙන සිංදුව සෑහෙන දවසක් තිස්සේ හෙව්වත් හම්බුනේ නෑ. අන්තිමේදී බොහොම අමාරුවෙන් හොයාගත්ත වෙලාවෙ ඔයාලව මතක්වුනා. ඔයාලත් එක්ක බෙදාගන්ඩ ඕනෙ කියල හිතුනා.
සිංදුව නෙමේ සිදුවෙ තියෙන දේ....
සිංදුව ඕන අය mail එකක් දාන්ඩ. මම එවන්නං.

තුන්හෙලේ කැලෑතුල සිංහපැටව්
නැත උන් රට අතැරගොසින්
කොටුකර යදැලින් ඇති සිංහපැටව්
විලි වැද යති දැක හෙලයන්

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා වූ සිංහපැටවු
තුටුවෙද අනුනගෙ ඉඳුලින්

තුන්හෙලේ //

අප ධජයේ ඉන්නා සිංහපැටවු
පැනයන්නට පෙර මෙරටින්
පිටරටුන් දොරින් දොර සිඟානොකා සිට
අලස සුවය දුරලන්

තුන්හෙලේ //

දැන් මොකක්ද කියන්ඩ හිතෙන්නේ.... කොටින්ට කඩේයන්ඩ ආපු අයට වැඩක්වෙන්නේ නෑ ඔයාලට බයිට් එකක් දෙන්ඩ නෙමේ යන්නේ.. Sorry 4 it :D

සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා වූ සිංහපැටවු තුටුවෙද අනුනගෙ ඉඳුලින්


දැන්නං මේ ණයට කෑම විශබීජයක් වෙලා තියෙන්නේ..
මේ කාලකණ්නි පාලකයෝ හිතන්නේ වැඩියම ණයට කන්ඩ පුළුවන් ආණ්ඩු‍ව තමා හොඳම එක කියලා. එක එකා තමන්ට වැඩිම ණයට ගන්ඩ පුළුවන් කියලා හෙන උඩින් කියන්නේ. උන් දන්නේ නෑ ඕව ගෙවන්ඩ ඕනෙ කියලා. උන්ට ඕනෙ නෑ මේව ගෙවන්ඩ පුළුවන්ද කියල හිතන්ඩ. උන්ට ඕනෙ කොහෙන් හරි තමන්ගේ ගොඩ වැඩිකරගන්ඩ.

ගන්ඩ දෙයක් ඇත්තෙම නැත්තං ජංගියක් හරි ණයටගන්ඩයි ඕනෙ. ඒක ගත්තත් කියයි ඕන්න අපිටනං දුන්නා කියලා. බැරි උනොත් අනිත් පැත්තෙ උන් කියයි උන්ට ඕව දෙන්නේ නෑ. අපි හිටියනං මෙලහටත් අපිට දීල කියලා. ඒකෙන් ලංකාවට වැඩක් තියෙනවද නැද්ද කියන එක මුන්ට වැදත් නෑ.

අප ධජයේ ඉන්නා සිංහපැටවු පැනයන්නට පෙර මෙරටින්
පිටරටුන් දොරින් දොර සිඟානොකා සිට අලස සුවය දුරලන්


හොඳ වෙලාවට කොඩියට කොටිය එන එකනං කල්ගියා එහෙම නැත්තං නැවතෙයි. ඒ කෙසේ වෙතත් මේක කොඩියක තව තරුවක් වෙන්ඩ බැරිකමක් නැත්තෙත් නෑ.
එකෙක් සීගිරියේ හෙලුවෙන් කෙල්ලංව නටවන්ඩ හැදුවා. දැන් අනික ඒකෙ ලයිට්දාල මොකක්ද තව විජ්ජුම්බරයක් කරන්ඩ හදනවා. මුන්ට ‍මොනව වෙලාද කියල හිතාගන්ඩ බෑ.
උන්ට ඩිස්කෝ නටන්ඩ තැනක් ඕනනං හදපංකො ඔය පිට්ටනියක හරි මූදු වෙරලක හරි. ‍ලෝක උරුමයක් වෙච්ච සීගිරියට මගුලක් කරන්ඩ හදන්නේ.

ඕව නොකර මොනව කරන්ඩද? ගත්ත ණයවල ගන්න ණය වල හැටියට උන් කියන විදිහට කහින්ඩත් එපායැ.

මුන් කෝකත් එකයි. අම්ම විකුණල හරි තමන් හැදෙන්ඩයි ඕනෙ. අපිත් ඡන්දෙ දීල යවනවා. ගිහින් බාල් නටනව මදිවට අපිටම කොරන්ඩ තියන ඔක්කොම කරනවා මදිවට ඊළඟපාර ලැජ්ජනැතුව ඡන්දෙ ඉල්ලන්ඩත් එනවා. අපෙත් ලැජ්ජ නැතිකම කියන්නේ අපිත් ආපහු මොකෙක්ට හරි ඡන්දෙ දෙනවා.

මේව කොහෙන්ද කොහොමද කවදද නතරවෙන්නේ....

5 Responses so far.

  1. ?? says:

    කොච්චර කල්පනාවෙන් හිටියත් මේ කොටි බ්ලොග් එකට යැවෙනවා.මොකද මම බ්ලොග්වලට යන්නේ firefox "නවතම ශීර්ෂක" Bookmark එකෙන්නේ. එතකොට Blog එකේ නම පෙන්නන්නේ නෑනේ.මම කළා මරු වැඩක්. Site Blok කරන ඇඩොන් එකක් දාගත්තා. දැන් බැරිවෙලාවත් ඒ සයිට් එකට යැවෙන්නේ නෑ. මොකටද කොටි බ්ලොග්වල හිට් කවුන්ටර්ස් නග්ගන්නේ !
    https://addons.mozilla.org/en-US/firefox/addon/3145

  2. අපි දැන් ඡන්දේ පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්න ඕනකමට මිසක් ඒක අපේ පරම අයිතිය කියලා සලකලා නෙවෙයි. ඒකයි ලැජ්ජ නැතුව එකාටම ආයේ ඡන්දේ දෙන්නේ.

  3. මට දුක තමන්ගෙ දරුවන් හමුදාවෙ උතුම් මෙහෙවරට යවා.. මහ පොලොව සමග ඔට්ටු වන ගොවි මා පියන් ගෙ අස්වැන්නෙ බත් කාල නේද මේ පර කොටි රැල "රාමුවෙන් පිට.. රාමුවෙන් පිට" කිය කියා ගොන් පාට් කෙලින්නෙ.

  4. ඔබ කීවා නිවැරදියි. අපට තමා වැඩියෙන් ණය දෙන්නේ ඒ අයට දෙන්නේ නැහැ කියලා කියවන්නේ හරිම උජාරුවෙන්. බුදු හාමුදුරුවන් ගේ කාලයෙත් හිටියලු නොවැ ඔය ණයට හරි අරගෙන කාල-බීලා ජීවත් වෙලා මැරිලා යන්න ඕනේ කියන ශාස්තෘවරයෙක්. (සමාවෙන්න නම මතක නැහැ). මේ ගොල්ලෝ දැන් අදහනවා ඇත්තේ ඒ දහම. "අනන සුඛය" මේ අය අනාගෙන.

  5. අද කාලෙට ගැළපෙන අපේ කාලේ ගඟෙන් වතුර බීලා මුහුදට දත නියවන පරයි ගැන කියවෙන කදිම ගීයක් සහ විචාරයක්. මෙවැනි ගී දිගට ම පළ කරන්න ශක්තිය පතමි. රටට හතුරු මේ ලස්කිරිඤ්ඤා භටයින්ට එරෙහිව රටට හිතැති සියලු දෙනා එකට අත්වැල් බැඳගත යුතු මොහොතක් මේ.