ගින්දර නිවුන පසු..................

ගල් අඟුරු, පොල්කටු අඟුරු යන දෙවර්ගයම ප්‍රයෝජනයට ගන්නේ ගින්දර පිටින් නොව ගින්දර නිවුනාට පසුවය. හේතුව එයට දැවීයාමට හදිස්සියක් නොමැති වීමයි. හදිස්සිය ඇති කොටස මුලින් දහනය කර ඉතුරු කොටස නියමාකාර ප්‍රයෝජනය සඳහා ඉතුරුකර ගනී.

මටත් හදිස්සියක් තිබුනේ නැත. හදිස්සිකාරයින් මත ප්‍රකාශකරද්දී මම බලා සිටියෙමි. දැන් අවස්ථාව ලැබී ඇතැයි සිතමි.

හදිසියේම මාධ්‍යට එල්ල වූ ප්‍රහාරය.............


සිරස ගිනිගත්තේය ............ ලසන්ත මියැදුනේය .................

මේ දෙකටම වගකිවයුත්තේ ආණ්ඩුවය...................

ඒ යූ ඇන් පී/ සිරස / රාමුවෙන් සිට බලන්නවුන්ට/ සිතුන හැටිය (ඒකෙත් හැටි බලමුකෝ)
කොටියාට මේ වෙලාවේ ඕවා සිතන්නට වෙලාවක් නැත..... නැත්තම් ඌත් මේකම හිතනු ඇත :D

සිරස තමන්ම ගිනිතියාගත්තේය...........................
ඒ ආණ්ඩුවට/දේශප්‍රේමීන්ට/වන්දිබට්ටයන්ට/ සිතුන හැටිය

එතකොට ලසන්ත වෙඩි තියාගත්තද?

අම්මට උඩු හීසරය ලියන එකාට පැත්ත මාරුවෙලාද?
නෑ උට පැත්තක් තිබ්බේ නැත. දන්නනෝ දනිති. ඌ එදත් එහෙමය අදත් එහෙමය. හැබැයි ඇත්තම කියනවානං මේක ලියන එකාට (මට) දුර හිතන්නට බැරිය. හැබැයි පෙනි පෙනී රටට අංචි අදින උන් වහ කදුරු වගේය. ඒ නිසා එහෙම උන්ට කඩේ යන උන්ට මාව වහකදුරු වගේය. :(

සිරස
සිරස අහිමිවූවන්ගේ (අහිමිකර ගත්තවුන්ගේ) නාලිකාව............
හිතන්න...
ඔබේ ගමේ කසිප්පු ජාවාරම්කරුවෙකු සිටී (අම්මට උඩු ඌව පක්ෂෙට ගන්ඩ පුලුවන් කියල හිකන්ඩ එපා :) ඔහුගෙන් ගමටම හිරිහැරයක් වදයක් වුවත් ඔහුට පහරදීමට හෝ ඌව ගමින් එලවීමට ගමේ තත්වයක් හිමි කවුරුන් හෝ උත්සාහ කරනවා දැක තිබේද?
ඒ ඔහු වදයක්, අපරාධකරුවෙක්, බව නොදන්නා නිසාද?
බොහෝ විට එයට හේතුව එයත් සමඟ පැටලීම කරදර වලට අතවැනීමක් නිසා හෝ එය තමාගේ තත්වය නැතිකරගැනීමක් වීම නිසාය.
ඒ කෙසේ වෙතත් මෙය පිළිබඳව ඔබට කිවහැක්කේ කුමක්ද?
සිතන්න ඔබේ නිවසේ උත්සවයක් ළඟ ළඟම එනවා. අර කිවූ ජාවාරම් කරු ඔබට මහා හිසරදයක්, කරදරයක්, දැන් එළිපිටම ඔබට කරදර කරන්ඩ පටන් අරගෙන..... එසේ කියා ඔබ අර ජාවාරම්කරු මැරීමට හෝ ඔහුගේ නිවසට පහරදීමට මේ අවස්ථාවේ පෙළඹෙනවාද? (සත 50 කවත් ඔලුවක් තියෙන එකෙක්නම් නැත)
හේතුව? මේ අවස්ථාවේ එවන් කරදරයක් පැටලෙනවා කියන්නේ ප්‍රශ්ණ මදිවාට තවත් ප්‍රශ්ණයකි. මහා අපකීර්තියකි. හ්ම්.....

එහෙත් ඔබ එසේ අපහසුවකට පත් කිරීමට බලා සිටින්නකු කුමක් කරනු ඇත්ද?

පසුගිය දවස්වල සිරසට ප්‍රවෘත්ති නැත. ප්‍රවෘත්තිය සිරසට එල්ලකල ප්‍රහාරයයි.... කතා අතරමැද ඇඩ් එක සිරසට ගහපු එක විය. පෙන්නූ හැටියට නම් මිනිස්සු පොල්ගහන ගානය. රටට සිදුවී ඇති අලාභය ගැනිය නොහැක. මිනිස්සුන්ට කන බත්එක හොරකම්කලාට වඩා සිරසට ගහපු එක අමාරුය. හැබැයි ගැහුවා කියා සිරස එක් දිනක්වත් විකාශණය නතරකලේ නැත.

දෛවයේ සරදමකට මෙන් සිරස ගිණිගන්නේම ජනවාරි 6 වනදාය...........

තවත් පුදුමයට කරුණක් ඇත..................
බැනර්වලටත් කැමරා සවිරකර ඇති සිරස ආයතනය තුල ආරක්ෂක කැමරා නොමැතිවීමය... මේ කාලයේ එවන් ආයතනයක් සොයාගැනීම ඉතාමත් අමාරු කාර්‍යයකි. වහාම චාරිකාවක් ගොස් එය දැකබලාගැනීම ඉතාමත් වටිනා නැවත නොලැබෙන අවස්ථාවකි.....

බාගෙට පිපිරෙන ක්ලේමෝ.................

සිරසේ ඇටවූ ක්ලේමෝ බෝම්බයේ බාගයක් පුපුරාගොස් ඇත....
ඇත්ත නැත්ත හමුදාවේ අයියාකෙනෙක්ගෙන් අසා බැලුවෙමි... වෙච්ච චාටර්එක අසීමිතය ... ඔහු ඇසුවේ සරල ප්‍රශ්ණයකි...
ඔහු : මල්ලි රතිඥ්ඥා පත්තු කරලා තියෙනවද?
මම : ඔව්
ඔහු : කවද හරි භාගෙට පිපිරිච්ච රතිඥ්ඤා දැකල තියෙනවද?
මම : නෑ
ඔහු : එහෙනං ගොන් ප්‍රශ්ණ අහන්නේ නැතුව පලයන්
දිය යුතු උත්තරයක් නොතිබූ නිසා අකුලගෙන පල්ලන් බැස්සෙමි.

එහෙත් ප්‍රසිද්දියේ මෙම ගොන් කතාව මුළුලොවටම මාධ්‍ය හරහාද බෙදා හරී.
බාගෙට පිපිරිච්ච බෝම්බෙ :P

හැබැයි නටන්ඩ ගියාම ඔක්කොම අමතකය............. :D

ඉතින් එහෙව් සිරසට වෙච්චදේ සිතාගැනීම ඔබට බාරය......


ලසන්තට මොකද උනේ

එකක් පැහැදිලිය.
ලසන්ත වෙඩිතබාගත්තේ නැත.
මේ කිලිනොච්චියත් ඇල්ලුවාට පසු ලසන්ත වගේ මිනිසකු මැරීමට තරම් ගොන්වැඩක් කිරීමට රජයකට අවශ්‍ය නැත යන්න මගේ මතයයි.
ලසන්ත හැමදාම අලින්ට සහ කොටින්ට කඩේ ගියේය....
ප්‍රේමදාසද එ‍සේය......
තමන්ගේ අවශ්‍යතාවය ඉටුවන තුරු හොඳින් බලාගත්තකු තමාගේ ප්‍රයෝජනය සඳහා මැරීමද ප්‍රභාට අමාරු කාර්‍යයක් නොවේය.. ඔහු ඒබව ප්‍රේමදාසගෙන් පමණක් නොව අවස්ථා ගණනාවකදී සනාථකර ඇත...
ලසන්තට උනේද ඒ දේම බව කීමට අටුවා ටීකා ඕනේ නැත....(මෙහෙම වැඩක් නෙමේනං
[සත 50 කවත් ඔලුවක් තියෙන එකෙක්නම් නැත])

කඩේ යන කාටත් අවසානයේ එකම සෙතය....
රාමුවෙන් පිටසිටියාට වැඩක් නැත......... (උන්ඩයට රාමු අදාල නැත... වැදගත් එයින් තමාට වෙන සෙත පමණය) ප්‍රවේශමෙන්.....
රස්සාව නැතිවෙනවාට වඩා වැඩ සිද්දවිය හැක ........

ඒ කෙසේ කොහොම උනත් අපේ රණවිරුවන්ට ජයෙන් ජය.....

දුනුවායා


5 Responses so far.

  1. දුනුවායා, එල්ලය අතිසාර්ථකයි. හීසර වදින තැනකට නොව නියම තැනට වැදී ඇත.
    අභාග්‍යයකට කාරණය නම් සිරසෙන් ප්‍රචාරය කරන ඉන්දියාවෙන් එලියට විසිකරපු සත්‍ය ලෝකයේ කිසිදා සිදුවිය නොහැකි සිදුවීම් සිදුවන තුට්ටුදෙකේ විගඩං බලා ඔලුව වකූර් වෙච්ච අමන රැලෙන් සුලු කොටසකට හෝ බාගෙට පිපිරිච්ච ක්ලේමෝ බෝම්බෙ ඇත්තක්ය කියලා කියල ඒත්තුගැන්වීමට පුලුවන් වීමත් මුලු ලංකාවම ඒ ගොං කතාව විශ්වාස කරයි කියල සිරසෙ ඉන්න ඔය ක්ලේමෝ වැඩසටහන නිශ්පාදනය සහ අධ්‍යක්ෂනය කරපු බූරු රැල සිතීමත්ය.

    සමස්තයක් වශයෙන් බැලු විට මෙම ක්ලේමෝ නාඩගම අසාර්ථක,බොහෝ අඩුපාඩු සහිත එකකි.

    සිරස ඔලුවෙන් හිටගෙන ලතෝනි දුන්නත් එම අඳෝනාවට රණවිරුවන් ගේ රණඝෝෂාවවත් ඔවුන් ලබන ජයෙන් උදම්ව රටට හිතැති මිනිසුන් නගන ජයඝෝෂාවවත් යටපත් කල නොහැකි බව සිරසක් නැති සිරස කෙසේ තේරුම් ගන්නද?

    දුනුවායා ඔහොම යං, ඔහොම යං.......

  2. Unknown says:
    This comment has been removed by the author.
  3. machan ohoma tamai liyanna ona elakiri.mageth oya adahasamai tibune.dan boruwata sirasa godanagamulu.sirsa karayo tamai me rate godak visabeeja paturuwe.

  4. ඇත්තද? දැන් කොහෙද, කවුද, කොතනද තිබුනෙ බාගෙට පිපිරිච්ච ක්ලෙමො ගැන? අපි නම් දැක්කෙ රජයේ රස පරීක්ෂක කියල තිබුන දේ. පුලුවන්නම් ඔය ලෝකෙ පුරාම ප්‍රචාරය කරපු බාගෙට පිපිරිච්ච ක්ලේමො ගැන දාන්ඩකො ලින්ක්ස් දෙක තුනක්?

    අනිත් එක සිරසට, ලසන්තට ගැහුවෙ කොටි නම්,...මාරයි නේද? කොටි මහ දවල් අත්තිඩියෙ මිනීමරනව! කොටි කොලඹ් චෙක් පොයින්ට් පහුකරං ක්ලේමෝ ගෙනත් සිරසට තියනව! ඇත්තතට සත 50ක වත් මොලයක් තියෙනවනං කොටින්ට..

  5. කෝ බං අර ලෝකෙ පුරා ප්‍රචාරය කරපු බාගෙට පිපිරිච්ච ක්ලෙමෝ වල ලින්ක්ස්?? හොයාගන්ඩ බැරීද??