Archive for 2009

වින්සන්ට් චර්චිල්, මහින්ද සහ ශ්‍රීලංකාව

කාලෙකට පස්සේ කථා කරන්ඩ හිතුනත්, කොතනින් කොහොම පටන්ගන්ඩද කියල තාම හිතාගන්ඩ අමාරුයි. ඒත් ඕන දෙයක් වෙන්ඩ කියල දුනුවාය ඔන්න දුන් අතට ගත්තා.....

වින්සන්ට් චර්චිල් යනු දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුදාව ජයග්‍රහණය කරා මෙහෙයවූ අසහාය නායකයා විය. කැපවීම උපායශීලීත්වය අතින් ඉතා ඉහල ස්ථාවරයක් ගොඩනගා ගත් ඔහුට වැඩේ වැරදුනේ ආර්ථිකය හමුවේය. යුද්ධයෙන් පසු ආ පළමු ඡන්දයෙන්ම වින්සන්ට් චර්චිල් පැරදුනේය.

මහින්ද යනු ශ්‍රීලකාවේ තිබූ දශක තුනක යුද්ධය නිමා කල අවිවාදිත හා අසහාය නායකයා විය‍‍. කැපවීම, යුධ උපායයන්, සේනා විධානය, අන්තර්ජාතික සම්බන්ධතා අතින් ගත්තත් හේ එසේමය. අවිවාදයෙන්ම ශ්‍රේෂ්ඨ නායකයෙකි. ඔහු කොතරම් ජනප්‍රිය චරිතයක් වීද යත් ඔහුගේ නම මුලට දාගත් කල පොල් පිත්තෙන් කැපූ හරකකු වුවත් මැතිවරණයකදී ජයග්‍රහණය කරන බව පසුගිය මැතිවරණ ප්‍රථිපල දිහා බලන ඕනෑම අයෙකුට අමුතුවෙන් පැහැදිලි කල යුතු නොහේ. එහෙත් මහින්දගේ වැරදි හා අඩුපාඩුද ‍බොහෝ දුරට චර්චිල්ට සමානය. සංවර්ධනය සඳහා කැපවූවත් ආර්ථිකය අවුල්සහගතය‍. වටේ එකතුවී සිටන්නන්ද කරන්නේ අවස්ථාවාදී අලුකුත්තේරු නාස්තිකාර වැඩය. ඇමතිමණ්ඩලය හරක්ගාලක් ගාණය. අලි මදිවට හරක් කියා අහල පහල සිටින බල්ලන්ද පැමිණ දෙපා මුළම සුළු දිය පහකරන්නට පටන්ගෙන ඇත. ඒවාටත් මුහුණ දිය යුතුව ඇත්තේය. ඒවාට විරුද්ධව කථා කරන්නටද නොහැකිය. එසේ කල හොත් අද එම වැරදි එළි කල පක්ෂ හෙට ඒකාවම නාවා අන්දවා ගෙට වද්දවා ගැනීම‍ට සැදී පැහැදී බලා සිටී. ඒවාද බලා ගත යුතුය. ඒ අතින් ගත් කල මහින්දට සිදුවී ඇත්තේද මරණ තුණක් ඇති මිණිහෙක් පැණි කෑ කතාවම‍ය.

ශ්‍රීල.කාව යනු තේරුම් ගැනීමට ඉතා පහසු එහෙත් ඉතා සුළු කාල‍යකින් ආපසු මුළ සි‍ට තේරුම් ගත යුතු අරුම පුදුම රාජ්‍යයකි. මේ පාර ඡන්ද ප්‍රථිපල මත ලබන පාර ඡන්දය පිළිබඳ පේන කීමනම් අමූලික මුලාවකි. එහෙත් තාත්තාගෙන් උරුම වූ දේශපාලන පක්ෂය මැරුවත් හැරනොයන න්‍යායකින් බිම් මට්ටමේ දේශපාලන සඟයන් හැම පක්ෂයකටම ඇති රාජ්‍යයකි. එම නිසා උපරිම ඡන්ද ප්‍රමාණය කෙසේ වෙතත් අවම ඡන්ද ප්‍රමාණයනම් ස්ථිරවම කිව හැකි රාජ්‍යයකි. බඩට දැනෙන දේ ඡන්දයකදී ප්‍රකාශවෙන දේශපාලන ක්‍රමයකින් සමන්විත වුවත් එයද යුද්ධයත් සමග කණපිට පෙරලී ඇති සෙයකි.

දැන් දැන් අලුත් ප්‍රවණතාවයන්ද ඇත. වැඩිහිටියන්ට පමණයි දර්ශණ තහනම් කර ඒවා ලයිව් පෙන්වූ අය දේශපාලනය කරයි. මම කථා කරන්නේ අනර්කලී පිළිබඳව පමණක් නොව රෝසිද මේ ගණයේම බව අමතක නොකල යුතුය.

බෝට්ටුව පෙරලෙන පැත්ත කුමක් වුවත් ප්‍රශ්ණයක් නැති "අපක්ෂපතී" විපක්ෂයේ නොදකින බෝගොල්ලාගම වැන්නවුන් කොයිපැත්තේ සිටියත් කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කරමින් නාඩගම් නටමින් සිටියි.
බටලන්දේ කරමුලටම හසුවූ රනිල්ට ලැබුණු දඬුවමක් නැතුවාක් මෙන්ම.... ප්‍රභා සමඟ එකට ජබු ගැසූ අයටද සිදූ වූ දෙයක් නොමැත.

මහ ආණුඩුවවත් කියන දේ කණකට ගන්නේ නැති ඇමරිකන් තානාතිපති කාර්යාලය...
ඕන එකෙක් ඕන වෙලාවක වීසා නැතුව රට යවන්ඩ බලය තියෙන බ්‍රිතාන්‍ය තානාතිපති කාර්යාලය...
හොට බිම ඇනුනත් පස්සෙන් ගඳගස්සන NGO.
එහෙත් වෙන හානියක් හෝ පාලනයක් නොමැති අන්තර්ජාතික ප්‍රජාව ආදිය තව අතකිනි.

ඇති තරන් නාස්ති කරන්ඩ අවසර තියෙන ආණ්ඩුවකි. කොන්ද පණ ඇතිනායකයෙක් නැති... "ම"යන්න වැනි ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන ජෝකරයන්ට යට වූ විපක්ෂයකි. යන එනමං නැතුව මරුවිකාරෙන් දඟලන තුන්වැනි බල වේගයකි. මේව තේරුන්ගන්ඩ බැරුව අතරමන් වී සිටින ඡන්දෙ දින පමණක් පරමාදිපත්‍ය අතට ගන්නා ජනතාවකි.

‍මේ ලියන දේවල් තුට්ටුවකට වැඩක් නෑ කියල දැන දැනත් කට කහනවට මේව කියන අපි වගේ මොලේ අමාරුකාරයන් පිරිසකි.

දුනුවායා.

ඉතිරිවූ දෙමළාට.....


ප්‍රශ්ණ නොකරමි
අත හරිමි අංක හරඹය
අමතක කරමි සුන්දර වදන්
තර්ක නොකරමි
සිදුවූ ඝාතනය මිලේච්චද නැද්ද යන්න
එහෙත්
අමතක වීද
කෑලි කෑලි වූ
වලක් අහිමි වූ
කෑම පතඋඩ මැරී වැටුණු
දස දහස් ගණනකගේ
අහිංක මතකය.

වෙන අරගලයක් නොමැතිවම
ජීවන අරගලය මැදදී
බඩදරු අම්මලා කෑලි කෑලි වූ ඒ අතීතය
අම්මාගේ දෙතනේ කිරි බොන කාලයේම
හිනැහුණු දැගලූ ඇදවිට්ටමේම
හිස පොඩි වන්නට ගැසූ කිරි කැටියන්ගේ විලාපය
ප්‍රශ්න නොකරමි මම
ලෙහෙසි මරණත් තිබුනාද යන්න
සංසන්දය කරන්නට
උත්සුක නොවෙමි මම
මළවුන්ගේ ආත්මය
ඉතිරිවූ වන්ගේ සදාකාලික වැලපීම
එහෙත් සිතා ගත නොහේ මට
ඉතිරිවූවකු වීමට හැකියාවක් තිබුනාද?
මෙහිම අනෙක් පස මට.

ඉතිරි වේද අපටත්
"අවතැන්" කදවුරක්.
පෙන්වාවිද ලොකයට
දැනේවිද ලෝකයට
සිංහල කියා ජාතියක්
ලංකාව කියා දූපතක
තිබූ බවක්

හිරකදවුරක් කියා නුඹට සිතෙන
අවතැන් කදවුරේ
කන්ඩ ටික උඹට දෙන්නේ කවුද කියා සිතපන්
උඹේ උන්ම වෙඩි පිට වෙඩි තියද්දී
ඒ වෙඩි පහර මැද්දේ
උඹව බේරාගත්තේ කවුද කියා මතක් කරපන්.
උඹට කන්ඩ බත්කට දුන්නේ කවුද කියල මතක්කරපන්.
උඹට වතුර උගුර දුන්නේ උට බොන්ඩ තිබ්බ එක නෙමේද
කියල හිතෙන් අහපන්.

උඹම බෝම්බ ඇතිරූ බිම
උඹටම ඉන්ඩ පුළුවන්ද
උඹෙන්ම අහපන්
උඹම හංගපු බෝම්බයට උඹේම දරුවෙක්
බිලිවෙන්ඩ ඕනෙද
උඹම උඹෙන් අහල බලපන්.

අවුරුදු තිහක් තිස්සේ හිටියේ
හිරකදවුරක නෙමේද හිටියේ
අපිනං එහෙමයි
ගෙදරින් පිට කොතනත් මරණයත්
අපිත් එක්කමයි හිටියේ.
වෙනසකට තිබ්බේ අපිව
වැළදගන්නේ කොයිවෙලේද
කියන එක විතරමයි.

එක අතකින් මට වැඩිය උඹ වාසනාවන්තයි
කෑලි කෑලි කැපුව තාත්තගේ අම්මගේ කෑලි
එකතුකරන්ඩ උඹ මට ඉඩත් තිබ්බේ නෑ
ඒ ගොඩටම කෑලිකෑලි කරලා දැම්මා මිසක
පහුරුගාන්ඩවත් පුළුවන් වයසක් දෙන්ඩ උඹට ඕනඋනේ නෑ

බලහත්කාරෙන් පලිහක් හැදුවේ නෑ
වෙඩිතියාගන්න බෝම්බ ගහගන්න මැද්දට
කැමැත්තෙන්ම ගිහින්
උන්ඩය එනකං බලාගෙන උඹ හිටියා නේද
මම එහෙම හිතුවත් එහෙම නොහිතපු
රතු ලේ වලින්ම හැදිච්ච අපේම කොල්ලො
උඹලා වෙනුවෙන් ඒ ලේ හැලුවා

ඒ දුර ඉදල ගැහුවොත්
උඹටත් වදී කියන බයට
ඒ හලපු ලේවලට ගෞරව කරපන්
උඹට තුවක්කුව නොහරවපු ඒ අත්වලට
ආචාර කරපන්

අන්තිමයා තෙක් සටන්වැදුනු සටනකින්
තමන්ගේම රටක් හදාගන්ඩ
ගැහැණු මිනිස්සු ජීවිතය දුන්න
ඒත් තමන්ගේම තවත් කොටසක් බේරගන්ඩ
සටන් වැදුන් පිරිසකගෙන්
මැරුම්කාපු
පිරිසක් අතරෙන් පණ බේරගන්ඩ
පැනල ගිය
කොටසකුත් හිටපු බව ඉතිහාසය
අමතක කර දමාවිද

මරාගන්ඩවත් වෙලාවක් නැතුව
දුවන්ඩ සිද්ද වෙච්ච හින්ද
පණ බේරුණු වාසනා වන්තයො අතරෙ
එහෙම වාසනාවන්ත නොවුනු අය
කීයක් හිටියද කියල දන්නෙත්
උඹම තමා

ලියන්නේ නෑ උඹට
ආරාධනා කවි
රජුන් ගැන ලිව්ව
සෙන්පතින්ට සෙත්පැතුව
මගේ පන්හිදෙන්

උඹ හිදපන් තල්වැටෙන් එහා
සිහින මවමින් උඹේම දේශයක් ගැන
උඹේම ජාතියේ තව කොටසක්
කොළඹ ඉදල දෙන ලනු මැල්ලුම
යුරෝපයේ ඉදල දෙන ඩොලර්එක
තදින් බදාගෙන
උඹ දන්නේ නෑ
උන් උඹට ඔය ලනුව
ඔය ඩොලර්එක දෙන්නේ
උගේ සුඛවිහරණයට කියලා

උඹ තවත් වරක් උඹේම රටක් ගැන
ලස්සන සිහිනයක් මවපන්
ඒ සිහිනේ උඹේ ළමයින්ටත් පෙන්නපන්
හැබැයි.............
හැබෑනොවෙන ඒ සිහිනෙන්
උඹ නැගිටිද්දි
උඹේ ළමයින්ටත්
ඔය කවියම ලියන්ඩ වෙයි.

උඹම තීරණය කරපන්


තරිදු රණසිංහ
2009 08

මා ඉතින් යන්ඩ යනවා

මට හිතට දැනෙන දේවල් ලියන්ඩ මේ බ්ලොග් එක ටිකක් බර වැඩියි වගේ.
ඉතින් මේක ඉඳල හිටල රන්ඩුවෙන්ඩ ඕන උනොත් ලියන්ඩ තියලා ආපහු මගේම කියල තැනක් හදාගන්ටයි බලාපොරොත්තුව.

ඒක හදාගෙන එනකං ටිකක් ඉන්ට හො‍‍‍ඳේ...

යුද්ධය අවසන්ද?

යුද්ධය අවසන්ද?
අනේ මන්ද මටම හිතාගන්ඩ බෑ යුද්ධය ඉවරද කියල.. ඇයි ඉවරඋනේ කියලා...
බැලුවහම මේ යුද්දෙන් වෙච්ච හානියට වැඩිය යුද්දෙ ඉවරවෙච්ච හින්ද වෙලා තියෙන හානිය වැඩියිලු. ඒ අල්ලගත්ත එව්ව දෙමල මිනිස්සුන්ගේ නිජ භූමිලු.. මැරුවෙ දෙමල ජාතියෙ නායකයවලු.. සමහරුන්ට හිතෙන විදිහට ඒ මැරිච්ච මනුස්සයගෙ(?) ළමයට තාත්තෙක්ව නැතිකලාලු.. ඒ අස්සෙ ජාතිවාදී තර්ජනය...

ජාතිවාදය / ජාතිකවාදය?
සමහරුන්ට අනුව එය


ඒක ප්‍රධාන වශයෙන් "සිංහල" ජාතිකවාදයක්.සිංහල දේශප්‍රේමයක්.එම ජාතිකවාදී කතිකාවත හැදිල තියෙන්නෙ දෙමලා/වෙනත් සුලු වාර්ගිකයා සිය කතිකාවතින් පිටමං කොට දමමින්
--රාමචන්ද්‍රගේ අඩවිය - 2009/5/2

දෙමළ ජනතාව මේ මොහොතේ සිතන්නේ කුමක්දැයි දැන ගැනීමට ජයග්‍රහණය සමරන බොහෝ අයට වුවමනා නැත
--Beyond Frame - 2009/5/2

මට කොතනින් පටන් අරගෙන කොතනින් ඉවරකරන්ඩද කියල හිතාගන්ඩ බැරිඋනත් අවසානය ගැන නොසිත මුලින්ම වැඩේ පටන්ගන්නං.

ඇත්තටම යුද්දෙ ඉවරද?
ආයුධ අරගෙන ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදිය කල යුද්දෙ ඉවරයි.. හැබැයි මානසික යුද්ධය, මාධ්‍ය යුද්ධය, යුද්ධය නැවත දළුදැමීමේ අවදානම, සහ රට ගොඩනැගීමේ යුද්ධය තාම එහෙමමයි, එතනමයි.
ඇයි ඒ.
මානසික යුද්ධය + මාධ්‍ය යුද්ධය දෙකම එකට සම්බන්ධ වූ දේවල්. මහින්ද වාදීන් යුද්ධය ආතල් එකක් කරගෙන ඇති අතර එය ගොබෙල්ස් ගේ න්‍යාය කරගැනීමට තැත්කරයි. මෙය පිරිහීමේ එක ක්‍රමයක් බව ඉතිහාසය සාක්ෂිදැරුවත් ලංකාවේ එය තේරුම්ගන්නා බවටනම් සලකුණක්වත් නැත.
සුපුරුදු පරිදි Tamil Diaspora තවමත් ක්‍රියාන්විතයේ.. KP ආදීන් තවමත් ක්‍රියාත්මකයි. Norway, US, ආදී රටවල් යුද්ධය නැති රටවලට කැමති නැත. මේ කරුණුකාරණා සියල්ලම සමගින් මානසික හා මාධ්‍ය යුද්ධය ක්‍රියාතමක වන අතර එයට පහරදෙනවාට වඩා ආරක්ෂක මාධ්‍ය ව්‍යාපෘති ඇරඹීමද, මූලයන් සොයා වැනසීමද, බුද්ධිමත්ව ක්‍රියා කිරීමද සිදුනොවුනහොත් නැවතත් යුද්ධයකට මුහුණදීමය සිදුවීම වැලැක්විය නොහැකිවනු ඇත.
රට ගොඩනැගීම, ඇත්තටම මෙයද යුද්ධයකි. කල යුද්ධයට වඩා අමාරු එකකි.

යුද්ධය නිසා මිනිසුන් අවතැන්වීම හා දේපල විනාශ වීම..
යුද්ධයකදී දේපල, මිනිස් ජීවිත විනාශ නොවූ යුද්ධයක් මෙතෙක් මා දැක නැත. එහෙත් ශ්‍රීලංකා යුධහමුදාවේ වීරෝධාර සෙබලුන් තම ජීවිත රාශියක් කැපකරමින් දහස්ගණනක් දෙමළ මිනිසුන්ගේ ජීවිත ගලවාගැනීමට සමත්විය. එවන් ආකරයකට ක්‍රියාකල කිසිදු හමුදාවක් ලොව සිටීදැයි නොදනිමි.
එහෙත් ස්භාවික සම්පත් වලින් අනූන උතුරු නැගෙනහිර ප්‍රදේශවල කිසිදු තැනක දියුණු කර තිබූ කිසිදු කර්මාන්තයක්(ආයුධ, බෝම්බ හා යුධ නිශ්පාදන හැරුණුවිට ) දැකීමට තිබුනේ නැත.
සමහර කතාවල හැටියට සිදුකලේ ආක්‍රමණයකි.
එහෙත් අප දන්නා ඉතිහාසයේ හැටියට උතුරු නැගෙනහිර සිංහල, දෙමල, මුස්ලිම් සියුළුදෙනා එකට ජීවත් වූ ප්‍රදේශයන්ය. හිටි ප්‍රදේශයක් නැවත අත්පත්කර ගැනීම ආක්‍රමණයක්නම් එය ආක්‍රමණයකි.
ඩී.එස් සේනානායක, දිඹුලාගල හාමුදුරුවො සිදුකල දේ නැවත ක්‍රියාවට නැගීමට කාලයයි මේ.
සිංහල, දෙමල, මුස්ලිම් ජනපද නැවත ඇරඹීමට කාලයයි මේ.
ඒවාට අවශ්‍ය සම්පත් ලබා දී රට ගොඩනැගීමට කාලයයි මේ.

රාමචන්ද්‍රට පිළිතුරක්
රාමචන්ද්‍රගේ 2009/5/2 කථාව වෙනම පිළිතුරක් දියයුතු කථාවක් වුවත්.. එය පසුවට කල් දමා
"ඒක ප්‍රධාන වශයෙන් "සිංහල" ජාතිකවාදයක්.සිංහල දේශප්‍රේමයක්.එම ජාතිකවාදී කතිකාවත හැදිල තියෙන්නෙ දෙමලා/වෙනත් සුලු වාර්ගිකයා සිය කතිකාවතින් පිටමං කොට දමමින්"
යන කතාවට පිළිතුරක් පමණක් දීමට කැමැත්තෙමි.
උත්කර්ෂවත්ව නැගතිබෙන ජාතිකවාදය සිංහල ජාතිකවාදයක් බව කියල තියෙන්නේ මොන පදනමක ඉදලද කියන එකනං මට වැටහෙන්නේ නෑ. එහෙමනං මෙහෙ මිනිස්සු සහන කදවුරු වලට ආපු දෙමල මිනිස්සුන්ට ආධාරයැව්වෙ මොන එහෙකටද?
අනිත් එක මේ සතුටුවෙන මිනිස්සු සිංහල විතරයි කියල කිව්වෙ ‍මොන පදනමක ඉදලද?
ඇත්ත මේ සතුටුවෙන සමහර මිනිස්සුන්ගේ කවුරුවත්ම සමහරවිට මැරිල නැතුව ඇති. හැබැයි අමතක කරන්ඩ බැරි තමන්ගේ අම්ම, තාත්ත, පුතා, දුව, අයිය, අක්ක යුද්දෙට ගිහින්, බස් බෝම්බෙට, කෝච්චියෙ බෝම්බෙට, ගමට පැනල කපලකොටල දාපු එවුන්ව උන්ගෙ නායකයව මරල දැම්ම කිවුවම සතුටුනොවෙන එකා මොකාද කියල මට හිතාගන්ඩ බැරි.
දෙමල ජනතාව මොකද මේවෙලාවෙ හිතන්නේ?
Beyond Frame පුදුම අනුකම්පාවක්නෙ තියෙන්නේ.. අපරාදෙ ආමිඑකේ කොල්ලන්ට කියන්ඩ තිබ්බෙ අහිංසක LTTE කොල්ලන්ව කෙල්ලන්ව මරන්ඩ එපා දෙමල මිනිස්සු කැමති නෑ කියල..
Beyond Frame කියල තියෙන යොමුවෙ තියෙන විදිහට දෙමල මිනිස්සු හුගක් තාම පිළිගන්නේ නෑ ප්‍රභා මලා කියල. උන් තාම කියන්නේ ප්‍රභා උන්ගේ නායකය කියල. අපිටයි පිස්සු...
කොළඹ වැල්ලවත්තෙ ගියොත් එහෙම්පිටින් දෙමළ. මුන් දෙමළ ජාතියට තියන නිදහස ගැන අහනවා.
කොහෙද දෙමල මුස්ලිම් මිනිස්සු නැත්තේ?

අනේ මන්ද කියන්ඩ ගත්තට අමුතුවෙන් කියන්ඩ තියෙන දේ මොකක්ද කියලා.

හැබැයි අන්තිමට කියන්ඩ දෙයක් තියෙනවා.
ශ්‍රීලංකාවෙ ඉදගෙන ඒක කෑලිකඩන්ඩ ඉල්ලන, වෙනමරටක් ඉල්ලන, ඊලමක් ඉල්ලන, ලංකාවට අපහාසකරන ඕනඑකෙක් මරලදාන්ඩ, රටින් එලවන්ඩ ඕනදේකට මමත් අත් දෙකම උස්සල අනුමැතිය දෙනවා.

දුනුවායා.

නිවටයාගේ අවසානය.!

දශක තුනක් පුරා ශ්‍රීලංකාව ත්‍රස්ථවාදයෙන් පීඩනයට පත්කල ත්‍රස්ථ නායකයාගේ අවසානය මේවන විට සිදුවී හමාරයි.
ඒ මුහුණට මුහුණ සටනකදී හෝ තමා පුරුදු කල සයිනයිඩ් කරලින් නොව... බියගුල්ලකු සේ ගිලන්රථයකින් පැනයාමට දැරූ උත්සාහයකදීයි.
ඔහුත් සමග ඔහුගේ අනෙක් නරි රැලද මෙලොවින් තුරන්කර දැමීමට හමුදා සෙබළුන් සමත්වී තිබෙනවා.

කඩේ ගිය.. සැමට මගේ අවංක ශෝකය!

උන්ට එහෙමයි අපිට මෙහෙමයි....

මොකක්ද?
මොනවද?
කවුද?

දේශපාලකයාට කුණුගොඩ ත්‍යාගයකි, යුද්ධය පළඳනාවකි, හතුරාද වාසියකි....
ඒ ඇයිද යන්න වඩා පැහැදිලි කිරීම අවශ්‍ය නැතත් ආරම්භය ලෙස මඳක් විමසන්නට සිත්දේ.

කුණු ගොඩගැසෙන තරමට දේශපාලඥයන් කැමතිය. ඒ එක් වර්ගයක කුණු නොවේ.. සියළුතන්හිම කුණුය. නගරයේ කුණු ගොඩ වැඩිවන තරමට කැමතිය.
ප්‍රතිවාදී පක්ෂයේ කුණු ගොඩගැහෙන තරමට කැමතිය.
තමන්ගේ පක්ෂයේම වුව තම අනෙක් අපේක්ෂකයාගේ කුණු ගොඩගැහෙන තරමට කැමතිය.
තමාගේ කුණු(ජරාව) ගොඩගැහෙන තරමට කැමතිය... මේ ස්වල්පයක් පමණි.

ඇයි....?
බලයේ සිටින පක්ෂයේ දේශපාලඥයා:
නගරයේ තිබෙන කුණුගොඩ වැඩිවන තරමට අලුත් ටෙන්ඩරයකට යාමේ හැකියාව වැඩි වේ... එයින් තමාගේ ගොඩ ලොකුකර ගැනීමේ හැකියාව වැඩිවේ.
සුද්ද කර දැමීමෙන් ලබන ඡන්දයේදී මනාප ඉල්ලීමේ හැකියාව වැඩිවේ.
විරුද්ධ පක්ෂයේ සිටින දේශපාලඥයා:
නගරයේ තිබෙන කුණුගොඩ වැඩිවන තරමට කෑගැසීමේ හැකියාව වැඩිවේ.
විරෝධය පෑමේ හැකියාව වැඩිවේ.
ඡන්ද ගොඩ වැඩිකරගැනීමේ හැකියාව වැඩිවේ.
පොරොන්දු දීමේ හැකියාව වැඩිවේ.
ටෙන්ඩර් ලබාදීමේ පොරොන්දුවට (අනුග්‍රාහක) මුල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව වැඩිවේ.
ඉතිරි කරුණු තුන....
ඒවනං ඉතිං කියන්ඩ දේකුත් නෑනෙ...

යුද්ධය
පළඳනාවක්....?
ඇයි?
කරල දිනුවොත් බෙල්ලෙ දාගන්ඩ පුළුවන්.
කරන්ඩ බැයිනං පෙන්නල ආතල් එකක් ගන්ඩ පුළුවන්.
නැත්තං විකුණල හරි උගස්තියල හරි සල්ලි කරගන්ඩ පුළුවන්..

හතුරා
වාසියක්..?
ඇයි?
බය කරගත්තොත් තවත් ඉත්තෙක් වෙන හින්ද..
තමන්ට ඕන උනාම පාවිච්චි කරන්ඩ පුළුවන් හින්ද..
කියන්ඩ කරන්ඩ දේවල් හැදෙන හින්ද..

එදා....
1971.... දහස් ගණනක කැරලිකාර(කරවූ) තරුණ පිරිසක්ද... හමුදාවේ පොලිසියේ සෑහෙන ගණනක්ද මරුමුවට පත්කරමින් ඇතිවූ සිවිල් අරගලයේ (කැරැල්ලේ) නියමුවන්, ඇතිකරවූවන් අද දිනද නිරැපද්‍රිතව සිටිිනවා පමණක් නොව අද දිනද සමහරුන් දේශපාලන පකෂ වල නායකයින්ය.

1983.... දහස් ගණනක දෙමළ වැසියන් මරුමුවට පත්කරමින් ඇති කල කලු ජූලිය ඇති කල වුන් ජාතිවාදයේ නාමයෙන් කොල්ල කෑ වුන් අදද දේශපාලන පක්ෂ වල ඉහල තනතුරු දරන්නවුන් පමණක් නොව සමහරුන් කොටින් වෙනුවෙන් කඳුලු සලන්නන්ද වේ.

1986.... ලක්ෂ ගණනක තරුණ ජීවිත බිලිගනිමින් භීෂණය ඇතිකල පිරිස්වල නායකයින් අද එක් තැනක පමණක් නොව නොයෙක් තැන්වල නායකත්වයන්, ඉහල තනතුරු හොබවන ප්‍රභූ වරුන්ය.
හොඳම විහිලුව නම් ඒවා තහවුරු කිරීමට පටන්ගත් කොමිසන් වාර්ථා අදවන තුරු පිට නොවීමයි.

එක් අතකින් එය එතරම් පුදුමයක්ද නොවේ. මන්ද යත්. ලංකාවේ කිසිදු කොමිසමක් මෙතෙක් කල් සිදු කල කිසිදු සාර්ථක කටයුත්තක් මගේ සිහියට නොනැගීමයි.

2009...............
මෙහි වැදගත්කම......
සියළු දේ සාක්ෂිත් සමඟම ලැබීමයි.
ත්‍රස්ත නායක ප්‍රභාකරන් සමඟ පිහිණුම් තටාක වල ලැග සිටීම...
ත්‍රස්ත නායක ප්‍රභාකරන්ගෙන් රන්කාසි ලැබීම...
ත්‍රස්තවාදීන්ගෙන් මාසික වැටුප් ලබන රැකියා වල නියුතු වීම.

මේවාටත් පෙර සිදු වූ ආකාරයේම කොමිසමකින් අවසන් වේද?

එසේත් නොමැතිනම්.......
කරුණා අම්මාන් : නැගෙනහිර පලාතේ මහ ඇමති
වෙිලු පිල්ලේ ප්‍රභාකරන් : උතුරු පලාෙත් මහ ඇමති
ඔයින් ගියොත් ඇති...
දයා මාස්ටර් (විදේශ කටයුතු), ජෝර්ජ් මාස්ටර් (ජාත්‍යන්තර සම්බන්ධතා), පොට්ටු අම්මාන්(බුද්ධි ඒකකය), සුසෙයි (වරාය හා නාවික කටයුතු), චාල්ස් ඇන්තනී(ගුවන් හා තව මොනව හරි)
ඇමති කම් ලබන්ඩත් බැරි නෑ..

මේව මෙහෙම උනාම කටු කාපු උන්ටත් මොන මොනව හරි නොලැබී යන එකක් නෑ...

ඒ කාලෙට අපිට කියන්ඩ තමා පරණ මිනිස්සු අර කතාවක් කියල තියෙන්නේ....

නඩුත් හාමුදුරුවන්ගේ...
බඩුත් හාමුදුරුවන්ගේ කියලා....

ගනන් ගන්ඩ එපා....
වෙනවටම කියපුව නෙමේ...
නොවෙන්ඩත් බැරි එව්ව නෙමේ හින්ද කිව්වේ.....

දුනුවායා

අන්දොස් වෙච්ච සිංහල

කම්පීතරේ මාරුකලා... හොරාපොලිස්ලට පින් ඇප්ලයි වෙන්ඩ හදිස්සියකටවත් 100RS XP SP2 එකක් හොයාගන්ඩ බැරිඋනා.. ෆෙඩෝරා මාව කැරකෙන කූඩුවක් කියල හිතාගෙන වැඩකරන්ඩ ගත්තා.. එකීමෙකී නොකී කාරනා රාශියකුත් තවත් එකක් දෙකක් සමඟින් සිංහල වියුණු ලිවිල්ලට කොමාවක් දාල තිබ්බ. කොහොමෙන් කොහොම හරි උබුන්ටු Ubuntu 9.04 - the Jaunty Jackalope ආවට පස්සේ ඩවුන්ලෝඩ් කලේ ඊයෙ. පන්සල්, දන්සැල් වැඳල ආවට පස්සේ ආපහු සිංහල ලියන්ඩ හිතිල ඔන්න ආපහු ආව...

හීසර - මැන්ටල් චැප්ටර් 2

Gas Attack in Colombo VERY SOOOOONNNNNNN.......

Gas Attack in Colombo VERY SOOOOONNNNNNN.......

Its always beyond our comprehension, it's unimaginable sometimes. But it always happened making us helpless and ashamed. Our defenses denied LTTE having aircrafts. Proclaimed to shoot them down the moment they are airborne. Blamed people like Iqbal Athas as traitors for reporting it. But now it has become a fact, they managed to invade our airspace six times and escape without a scratch.

Recently media reported that LTTE is planning to use chemical weapons. Our defenses denied it bluntly, weeks after that they attacked our army using chemical weapons. Well its said to be none lethal version, CS gas. But this news is startling. It's reported that some of our soldiers became ill after that.

What if LTTE use these weapons on civilians, CS gas in a fully packed bus could be lethal enough to kill many innocent people. Or they could even use a lethal gas like Chlorine.Like in Japan.LTTE will only have minor effect on our army. If they use gas in open areas .Chemical weapons are successful only if they are deployed in large amounts, Possibly from air. But there is a possibility of LTTE using chemical weapons on civilians. Government should take necessary steps in advising the public of ways to survive a gas attack.

Lets not wait to close the gate after the horse has run away. These are some ways to survive Mustard or chlorine attack.

Chlorine Gas

1.Yellow,green gas with the strong smell of bleach might be chlorine
2.Move quickly into an area with clean air
3. try to hold your breath until you move away.
3. Don't stay indoors
4. Move to higher ground ( chlorine is denser than air)
5. Urinate on a cloth and hold it to your nose (urine crystallize chlorine, this could be very useful . for our army).
6. Remove cloths which touched the gas.
7. Do not vomit.
8. Wash your body throughly.
9. Stay calm, panicking may increase the amount of gas that you inhale
10. Don't try to cover your kids face, try to cover your nose first
then you can help the kids

Mustard Gas

1. Burning or itching on the skin or onion smell gas is a sign of musted gas
2.Move to higher ground
3.Cover your skin to avoid burning
4. Do not vomit, drink milk
5. Wash your body throughly.

If you have any other information please add-up, Can anyone translate this into sinhala and tamil post in a blog, or circulate among people. It Could be useful, lets not wait until the government do it, they are always late.
----


Dear All,

Please take all possible preventive measures on the interest of security in your work places, homes, markets, schools, banks, vehicles, trains, bus stops, temples, churches or where ever you move out. It may be on the road during your day to day business in the future because, information has been received that very serious calamity is been planed out by the LTTE to cause in the south or central, in the coming period.

Take care of your children more than any other times and educated all inmates of homes, office,schools or else where.

Special attention have to be taken for those in the security services and their homes etc.

Please educate all your friends and relations on this to take adequate care to avoid mass escalations to human lives and their properties.

if any suspicious person even a beggar is noticed by you, take steps quickly to inform security authorities and the people around.

See mail below for your interest.

With best regards

Caesar Ranaweera,


Contingent Commander for Sri Lanka ,
Team Leader/ Internal Evaluation Unit,
Police Commissioner's Office,
United Nations Mission in Timor Leste
Caicoli, Obrigado,
Dili,
Tel:+670-3312210 Ext. 4606
Mobile :+ 670-7319012
Via Australia +61(8)89463900 Ext.4607
Via NY+212-9630099 Ext 4607
ranaweerac@un.org
decaesar49@hotmail.com

Dear All Friends TO BE ALERT ..

Dear All Friends TO BE ALERT ..

According to latest Intelligence reports, the LTTE has decided to attack both military and civilian targets in the South to disrupt civilian life as much as possible. MI warns of an LTTE plan to attack several major cities simultaneously including Colombo and cause widespread panic and fear among civilians.
  • Borella
  • Nugegoda
  • Pettah
  • Kottawa
  • Homagama
  • Maharagama
  • Buses and Railway
  • Kandy-bus stand and railway station
  • Gampola
  • The WTC twin towers,
  • Colombo
  • harbour and
  • the city of Kandy
are said to be among primary targets of the LTTE. According to MI, LTTE intelligence cadres 'disguised as beggars', differently-abled people and sales representatives have already been

deployed to gather intel on these targets...

Send this to all your relatives & friends in Sri Lanka and inform them to be alert.

Miss.Nadira.Gunatilleke
Staff.Journalist
Daily.News(
www.dailynews.lk)

Stop Genocide!

See, Know, Show to all world, How our army Genocide Tamils.
බලන්න, දැනගන්න, ලෝකෙටම පෙන්න්ඩ අපේ හමුදාවන්, රජය දෙමළ ජනයා වනසන හැටි


See how this female soldier destroying Tamil future
බලන්න මේ සෙබලිය දෙමළ ජනයාගේ අනාගතය විනාශ කරනා සැටි.

See how this female soldier destroying Tamil History.
බලන්න මෙම සෙබලිය දෙමළ ජනයාගේ අතීතය විනාශ කරන හැටි.

බලන්න මෙම සෙබලා දෙමළ ජනයාගේ වර්ථමානය විනාශ කරන සැටි.


See the Pain of death at this fathers face!
මේ පියාගේ මුහුනේ රැදී තිබෙන මරණයේ වේදනාව!

How they did to Tamil father
මේ පියාට කරනදේ?

Shouldn't we against this kind of army?
Shouldn't we destroy this kind of army?
Shouldn't we protest to this kind of human rights violations..............

අප මෙවන් හමුදාවකට විරැද්ධ විය යුතු නොවේද?
මෙවන් හමුදාවක් විනාශ කල යුතු නොවේද?
මෙවන් මානව හිමිකම් විනාශ කිරීමක්.............

Open your eyes now.....................
අපිත් ඇස් අරිමු................
Know the truth. Spread it to world.........
ඇත්ත දැනගනිමු. ලොවට හඩගා කියමු.......

---{|නිදහස|}---

මේ 1948 න් පසු අපේ රට 61 වන වරට දකින නිදහසයි.

  • අපි ඇත්තටම වසර 61ක් නිදහස වින්දාද?
  • නිදහස කියන්නේ මොකක්ද?
  • මේ නිදහසමද?
  • නිදහස මේකමද?
  • අපේ නිදහස සුද්ද පිනට දුන්න එකක්ද?
එකීමෙකී නොකී ආකාරයේ ප්‍රශ්ණ රාශියක් මේ දිනවල පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යයන්හි ඇසේ.

මේ සියල්ල ගැන කතාකිරීමට තරම් නිවැරදි අයිතියක් හෝ දැනීමක් මාහට නොමැති වුවත් පසුගිය අවුරැදු 21ක් ගැන කථාකිරීමේ අයිතිය හා දැනීම මා සතුයයි සිතමි. මන්ද මේ මා දකින 21 වන නිදහස් සමරැව නිසාවෙනි.

87 - 89 කාලපරිච්චේදය. -> අද මානවහිමිකම්, මාධ්‍ය අයිතීන් ආදිය ගැන පාරම්බාන්නවුන් එම අයිතීන් ප්‍රායෝගිකව කර පෙන්වූ අවදියයි. මේ යුගය පිළිබද මා අමුතුවෙන් මතක්කල යුතු නොවුවත්.... සමහරැන්ට ඒවා අමතකව ඇති නිසා මතකයට නගන්නම්. ඒ මා මුහුණදී ඇති දේ වලනි.
මෙම කාලයේ අපේ ප්‍රදේශය ඉඹුල්ගොඩ පැවතී ඇත්තේ තරමක් භියජනක මතකයකි. හේතුව අපට ආසන්නම ප්‍රදේශය වූ යාගොඩ ආශ්‍රීත ප්‍රදේශය ජවිපෙ ක්‍රියාකාරී ප්‍රදේශයක් වීම නිසා ජවිපෙ හා ආරක්ෂක හමුදා නිරන්තර ක්‍රියාකාරීවූ ප්‍රදේශයක් වීමයි.

මෙම කාලයතුලදී අම්මා මාවත් ආරක්ෂා කර ගනිමින් සිට ඇත්තේ අනේක භියජනක සිදුවීම් අතරිනි. ඒවා අසන විට 87 - 89 කාලපරිච්චේදය පිළිබද එහි නිදහස පිළිබද කීමට ඇති දේ ඕනෑම අයෙකුට වැටහේයයි සිතමි.


90 - 2007 කාලපරිච්චේදය -> නිදහස සැමරැවත් නිදහසක් තිබ්බාදැයි සකයක් මතුවේ. බස්වල, කෝච්චිවල, යන එනතැන්වල බෝම්මබ හා ත්‍රස්තවාදී බියයි. ගෙදරින් උදේට යන තාත්තා අම්මා හවසට ගෙදර නාපු කීදෙනෙක් හිටියද? උදේ ගෙදරින් ගිය පුතා දුව හවස ගෙදර නාපු කීදෙනෙක් ඉන්නවද?
අපි ඒ නිදහස වින්දාද?

අවුරැදු 21...................

මම දැක්කෙ යුද්දය. මට යුද්දය දකින්ඩ යාපනේවත් කිලිනොච්චියටවත් යන්ඩ ඕන උනේ නෑ. යුද්දය අපේ දොරකඩටම ආව.. අපිව හොයාගෙන. අපේ ජීවිතේට තව ඉතුරුවෙලා තියෙන දින ගනන කියාගෙන.

එහෙව් තිබ්බ යුද්දය අද අපෙන් ඈතට අරන් ගිහින්. මේ නිදහස් දිනය වෙද්දි කොළඹ ගිහින් එනකං අම්ම තාත්ත පුතා දුව ආපහු එයිද කියල තිබ්බ අවිනිශ්චිත තාව දුරස්වෙලා ගිහින්.

ඉතින් එහෙව් එකේ මේ මම දැක්ක නිදහස්ම නිදහස් සැමරැම කියල කටක් ඇරල කියන්නේ නැතුව ඉන්නේ කොහොමද?

සැරදේ ශ්‍රීලංකා!

විඳීම සහ විඳවීම

විඳීම

සිංහල බ්ලොග් සමූහය සහ සින්ඩිකේටරය ලංකාවේ තාක්ෂණය, පරිඝණකය, පරිඝණක පරිශීලකයන්, සහ විවිධාකාරයේ පුද්ගලයන් සමූහයකගේ එකතුවක් වී ඇති බව දකින විට ලංකාවේ තාක්ෂණයේ අනාගතය පිළිබඳ ධනාත්මක වර්ධනයක් හා ධනාත්මක ලක්ෂයක් වී ඇතිබව දක්නට ලැබීම ඉමහත් සතුටකි.
උගත් හා ඉගෙනගන්නා දේ බොහෝමයකි.
විඳි දේ බොහෝමයකි.
දැනගත්දේ ‍බොහෝමයකි.
සතුටු වූ දේ සහ ලැබූ ඇසුරන් සහ මිතුරන් රාශියකි..
ඒ එකතුවේ මමත් එක් පුරුකක් යැයි දැනෙනවිට ඇති වන වින්දනයද වචනයට හැරවිය නොහැකි අපූරු හැඟීමක් ගෙනදේ...

ඒ පිළිබඳව මේ සම්බන්ධයෙන් විවිධාකාරයෙන් කටයුතු කල, කරනා සියලුදෙනාට හද පිරි ප්‍රණාමය සහ භක්තිය පුදකරමි.....

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

විඳවීම

එහෙත් අහෝ මේ අඩවියේ ලියන කියනදෑ දිරවාගත නොහැකි වූ කිහිපදෙනෙකුට මෙය විඳ වීමක් වී ඇති සැටියකි..
අද සුදාරකගේ අඩවියේ ලියවී ඇති ලිපිය දුටු විට මෙය භයානක තත්වයක් වේ දැයි ශෝකයක් ඇතිවුණි....
එහි තිබූ වර්ග කිරීමකට තවත් කිහිපයක් එකතුකිරීමට සිත් විය
උපුටාගැනීම________ ආරම්භය
  • බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අනිත් අයගේ බ්ලොග් වලට අවධානය යොමු කරන අය.
  • බ්ලොග් අඩවියක් ඇති, බ්ලොග් සටහන් වලට comments දාන අය (නාමිකව).
  • බ්ලොග් අඩවියක් ඇති, බ්ලොග් සටහන් වලට comments දාන අය (නිර්නාමිකව).
  • බ්ලොග් අඩවියක් නැති බ්ලොග් සටහන් වලට comments දාන අය (නාමිකව හෝ නිර්නාමිකව).
  • බ්ලොග් අඩවියක් නැති, සටහන පමණක් කියවා බ්ලොග් අඩවියෙන් ඉවත්ව යන අය.
උපුටා ගැනීම_______ අවසන්

නව එකතු කිරීම්
  • බ්ලොග් අඩවියක් ඇති / නැති ව්‍යාජ නම්වලින් comments දාන අය
  • එකම සටහනකට නම් කිහිපයකින් comments දාන අය
  • අනුන්ගේ නම් භාවිතා කරමින් comments දාන අය
මෙයින් පළමු කොටස විවිධාකාරයෙන් හැසිරෙන නිසා කිසිම කොටසකට ඇතුල්කිරීම් උගහටය.

එහෙත් බොහෝවිට දෙවන සහ තෙවන කොටස මා මුලින් සටහන් කල ආකාරයේ විඳවීම නිසා අපහසුවට ලක් වීම නිසාදෝ විවිධාකාරයේ නිග්‍රහයන් සහ උපහාසයන් මූලිකව සිදුකරන බව දැකිය හැක.
එහෙත් තෙවන යොමු වීම වඩාත් භයානකය...
ඒ පසුගිය දිනකිහිපයේ දුටු වඩාත් අප්‍රසන්න දසුනයි..
වෙනත් අයගේ නම් භාවිතයෙන් තමාගේ අදහස් ප්‍රකාශකිරීම... මෙය ඉතාමත් භයානක තත්වයකි. හේතුව මේ කාරණය මගින් සමූහය ඇතුලේ ආරවුල් ඇතිවීමට ඇති ප්‍රවණතාවය ඉහලයාමයි. එපමණක් නොව නොදන්නා දේවල් සඳහා පිළිතුරු බැඳීමට සිදු වීම සහ තමාගේ අනන්‍යතාවය අහිමි වීමයි. එසේ හෙයින් කරුණාකර ‍එවන් ජුගුප්සාජනක දේ ඉදිරියටවත් සිදූනොවේයයි බලාපොරොත්තු තබමු........

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

යුද්ධය හා සාමාන්‍ය රටේ තත්වයද එසේමය...

මම ස්ථිර අදසක් නැති දේශපාලන දැක්මත් නැති අංඥකොරොස් චරිතයක්මි...
පාසල් යන කාලයේ ජෙප්පෙකි... තාත්තා දන්නකාලයේ සිට පුටුවකි.. අම්මාට ස්ථිර පක්ෂයක් නැත. සීයා තනි අලියෙකි. මාමාවරුන්ද එසේමය...

ඉතින් මම කාලෙන් කාලෙට එක එක පක්ෂයන්හි සාමාජිකයෙක්මි.. :D

ඉතුරු කොටස ඊළඟ සටහනින්...............

දුනුවායා

හිපාචියකුගේ අ‍දෝනාව

දිනන්නට බැරියයි සම්මතව තිබූ..........
උපන්දා සිට අප දුටු
විනාශකල නොහැකියැයි සම්මතව තිබූ..........
කාලකණ්නි මිනීමරු ත්‍රස්තවාදය
විනාශකරමින්...

බොරු තේජසින්, කතාවෙන්, පාලකයින්ගේ නිවට නියාලූ බියගුළු කමට පින්සිද්ද වන්නට යට කරගෙන තිබූ අපේ රටේ අවසාන ත්‍රස්ත බල කොටුවත් මේ වන විට බිඳ වැටී හමාරයි.

කෝ යූද විශ්ලේශකයෝ........?

රණ විරුවනි.....
නියමූවනි....
ඔබට මුළු ජාතියේම ප්‍රණාමය...
එහෙත්................
එය විඳවා දරාගැනීමට නොහැකි හිපාචියන්ද මේ බ්ලොග්සමූහයට රිංගාසිටීම අවාසනාවට කරුණක් වුවත් ඔහුගේ කතාව සුළුතරයවත් ගණන් නොගන්නා කැහුටු තත්වයකට පත්වීමේ ශෝකාන්තය දරා ගැනීමට මෙන්ම කඩේයාමට ඇති පිරිස අඩුවීම.. යුද්දය විකුණමින් ගත් NGO සල්ලි නැතිවීම.. තමා‍ගේ පක්ෂයට යන එනමන් නැතිවීමට අමතරව..... සංවිධායක ධූරය නොමැති වීමද සිදු විය හැක.

‍මේ හිපාචියාට හමුදා ජයග්‍රහණය සිතුණු හැටිය..
ජය ගත්තා අපි උතුර
උංඩවලින් හිල් හැදුණු
වහලවල් කඩා දැමුණු
බාග බිත්ති ඇති ගෙවල්‍
පසු කර ගියා අපි
දිනූ ජය බිම දිගේ

රට්ටුන්ට උන්මාදය ගෙනෙන්න
අපි යනවා තව වටයක්
පාලූ ගෙවල් අල්ලන්නට පාලූ නගර හොල්ලන්නට
ගස් අතුකොළ පුච්චන්නට
මෙහෙම කිව්වනං... කියන්ඩ තිබ්බනං....
ජයගත්තා අපි දකුණ
මාවත් දිගේ රුධිරය ගලා යන
බස් කෝච්චි පුපුරණ
අහිංසකයින් බල්ලන් බලලුන් සේ
පාරක් පාරක් ගානේ සේ මැරෙන
අපේ හමුදාව උඹලාගේ ප්‍රාණ ඇපයට තිබ්බ
උඹලාටම ලියල දුන්න උතුරකුත් එක්ක

රත්තරන් බ්‍රේස්ලට් මාලද
මල්ලිලාට සෙල්ෆෝන්ද
සිහින පිරුණු ඉතුරුණු තුට්ටුව නැති
තොපේ මල්ලද
ඉතිරී පැතිරී කොමිස් ගලා යන
අපේ මල්ලද
තොපිට රස්සාවක් වත් නොදෙන
අපිම හැදෙන
අපිටම හැදෙන්ට
සනීපයි නේද........

බලං ඉන්ඩ එපා ඕව වෙන්නේ නෑ......

දුනුවායා

ගින්දර නිවුන පසු..................

ගල් අඟුරු, පොල්කටු අඟුරු යන දෙවර්ගයම ප්‍රයෝජනයට ගන්නේ ගින්දර පිටින් නොව ගින්දර නිවුනාට පසුවය. හේතුව එයට දැවීයාමට හදිස්සියක් නොමැති වීමයි. හදිස්සිය ඇති කොටස මුලින් දහනය කර ඉතුරු කොටස නියමාකාර ප්‍රයෝජනය සඳහා ඉතුරුකර ගනී.

මටත් හදිස්සියක් තිබුනේ නැත. හදිස්සිකාරයින් මත ප්‍රකාශකරද්දී මම බලා සිටියෙමි. දැන් අවස්ථාව ලැබී ඇතැයි සිතමි.

හදිසියේම මාධ්‍යට එල්ල වූ ප්‍රහාරය.............


සිරස ගිනිගත්තේය ............ ලසන්ත මියැදුනේය .................

මේ දෙකටම වගකිවයුත්තේ ආණ්ඩුවය...................

ඒ යූ ඇන් පී/ සිරස / රාමුවෙන් සිට බලන්නවුන්ට/ සිතුන හැටිය (ඒකෙත් හැටි බලමුකෝ)
කොටියාට මේ වෙලාවේ ඕවා සිතන්නට වෙලාවක් නැත..... නැත්තම් ඌත් මේකම හිතනු ඇත :D

සිරස තමන්ම ගිනිතියාගත්තේය...........................
ඒ ආණ්ඩුවට/දේශප්‍රේමීන්ට/වන්දිබට්ටයන්ට/ සිතුන හැටිය

එතකොට ලසන්ත වෙඩි තියාගත්තද?

අම්මට උඩු හීසරය ලියන එකාට පැත්ත මාරුවෙලාද?
නෑ උට පැත්තක් තිබ්බේ නැත. දන්නනෝ දනිති. ඌ එදත් එහෙමය අදත් එහෙමය. හැබැයි ඇත්තම කියනවානං මේක ලියන එකාට (මට) දුර හිතන්නට බැරිය. හැබැයි පෙනි පෙනී රටට අංචි අදින උන් වහ කදුරු වගේය. ඒ නිසා එහෙම උන්ට කඩේ යන උන්ට මාව වහකදුරු වගේය. :(

සිරස
සිරස අහිමිවූවන්ගේ (අහිමිකර ගත්තවුන්ගේ) නාලිකාව............
හිතන්න...
ඔබේ ගමේ කසිප්පු ජාවාරම්කරුවෙකු සිටී (අම්මට උඩු ඌව පක්ෂෙට ගන්ඩ පුලුවන් කියල හිකන්ඩ එපා :) ඔහුගෙන් ගමටම හිරිහැරයක් වදයක් වුවත් ඔහුට පහරදීමට හෝ ඌව ගමින් එලවීමට ගමේ තත්වයක් හිමි කවුරුන් හෝ උත්සාහ කරනවා දැක තිබේද?
ඒ ඔහු වදයක්, අපරාධකරුවෙක්, බව නොදන්නා නිසාද?
බොහෝ විට එයට හේතුව එයත් සමඟ පැටලීම කරදර වලට අතවැනීමක් නිසා හෝ එය තමාගේ තත්වය නැතිකරගැනීමක් වීම නිසාය.
ඒ කෙසේ වෙතත් මෙය පිළිබඳව ඔබට කිවහැක්කේ කුමක්ද?
සිතන්න ඔබේ නිවසේ උත්සවයක් ළඟ ළඟම එනවා. අර කිවූ ජාවාරම් කරු ඔබට මහා හිසරදයක්, කරදරයක්, දැන් එළිපිටම ඔබට කරදර කරන්ඩ පටන් අරගෙන..... එසේ කියා ඔබ අර ජාවාරම්කරු මැරීමට හෝ ඔහුගේ නිවසට පහරදීමට මේ අවස්ථාවේ පෙළඹෙනවාද? (සත 50 කවත් ඔලුවක් තියෙන එකෙක්නම් නැත)
හේතුව? මේ අවස්ථාවේ එවන් කරදරයක් පැටලෙනවා කියන්නේ ප්‍රශ්ණ මදිවාට තවත් ප්‍රශ්ණයකි. මහා අපකීර්තියකි. හ්ම්.....

එහෙත් ඔබ එසේ අපහසුවකට පත් කිරීමට බලා සිටින්නකු කුමක් කරනු ඇත්ද?

පසුගිය දවස්වල සිරසට ප්‍රවෘත්ති නැත. ප්‍රවෘත්තිය සිරසට එල්ලකල ප්‍රහාරයයි.... කතා අතරමැද ඇඩ් එක සිරසට ගහපු එක විය. පෙන්නූ හැටියට නම් මිනිස්සු පොල්ගහන ගානය. රටට සිදුවී ඇති අලාභය ගැනිය නොහැක. මිනිස්සුන්ට කන බත්එක හොරකම්කලාට වඩා සිරසට ගහපු එක අමාරුය. හැබැයි ගැහුවා කියා සිරස එක් දිනක්වත් විකාශණය නතරකලේ නැත.

දෛවයේ සරදමකට මෙන් සිරස ගිණිගන්නේම ජනවාරි 6 වනදාය...........

තවත් පුදුමයට කරුණක් ඇත..................
බැනර්වලටත් කැමරා සවිරකර ඇති සිරස ආයතනය තුල ආරක්ෂක කැමරා නොමැතිවීමය... මේ කාලයේ එවන් ආයතනයක් සොයාගැනීම ඉතාමත් අමාරු කාර්‍යයකි. වහාම චාරිකාවක් ගොස් එය දැකබලාගැනීම ඉතාමත් වටිනා නැවත නොලැබෙන අවස්ථාවකි.....

බාගෙට පිපිරෙන ක්ලේමෝ.................

සිරසේ ඇටවූ ක්ලේමෝ බෝම්බයේ බාගයක් පුපුරාගොස් ඇත....
ඇත්ත නැත්ත හමුදාවේ අයියාකෙනෙක්ගෙන් අසා බැලුවෙමි... වෙච්ච චාටර්එක අසීමිතය ... ඔහු ඇසුවේ සරල ප්‍රශ්ණයකි...
ඔහු : මල්ලි රතිඥ්ඥා පත්තු කරලා තියෙනවද?
මම : ඔව්
ඔහු : කවද හරි භාගෙට පිපිරිච්ච රතිඥ්ඤා දැකල තියෙනවද?
මම : නෑ
ඔහු : එහෙනං ගොන් ප්‍රශ්ණ අහන්නේ නැතුව පලයන්
දිය යුතු උත්තරයක් නොතිබූ නිසා අකුලගෙන පල්ලන් බැස්සෙමි.

එහෙත් ප්‍රසිද්දියේ මෙම ගොන් කතාව මුළුලොවටම මාධ්‍ය හරහාද බෙදා හරී.
බාගෙට පිපිරිච්ච බෝම්බෙ :P

හැබැයි නටන්ඩ ගියාම ඔක්කොම අමතකය............. :D

ඉතින් එහෙව් සිරසට වෙච්චදේ සිතාගැනීම ඔබට බාරය......


ලසන්තට මොකද උනේ

එකක් පැහැදිලිය.
ලසන්ත වෙඩිතබාගත්තේ නැත.
මේ කිලිනොච්චියත් ඇල්ලුවාට පසු ලසන්ත වගේ මිනිසකු මැරීමට තරම් ගොන්වැඩක් කිරීමට රජයකට අවශ්‍ය නැත යන්න මගේ මතයයි.
ලසන්ත හැමදාම අලින්ට සහ කොටින්ට කඩේ ගියේය....
ප්‍රේමදාසද එ‍සේය......
තමන්ගේ අවශ්‍යතාවය ඉටුවන තුරු හොඳින් බලාගත්තකු තමාගේ ප්‍රයෝජනය සඳහා මැරීමද ප්‍රභාට අමාරු කාර්‍යයක් නොවේය.. ඔහු ඒබව ප්‍රේමදාසගෙන් පමණක් නොව අවස්ථා ගණනාවකදී සනාථකර ඇත...
ලසන්තට උනේද ඒ දේම බව කීමට අටුවා ටීකා ඕනේ නැත....(මෙහෙම වැඩක් නෙමේනං
[සත 50 කවත් ඔලුවක් තියෙන එකෙක්නම් නැත])

කඩේ යන කාටත් අවසානයේ එකම සෙතය....
රාමුවෙන් පිටසිටියාට වැඩක් නැත......... (උන්ඩයට රාමු අදාල නැත... වැදගත් එයින් තමාට වෙන සෙත පමණය) ප්‍රවේශමෙන්.....
රස්සාව නැතිවෙනවාට වඩා වැඩ සිද්දවිය හැක ........

ඒ කෙසේ කොහොම උනත් අපේ රණවිරුවන්ට ජයෙන් ජය.....

දුනුවායා