විඳීම සහ විඳවීම

විඳීම

සිංහල බ්ලොග් සමූහය සහ සින්ඩිකේටරය ලංකාවේ තාක්ෂණය, පරිඝණකය, පරිඝණක පරිශීලකයන්, සහ විවිධාකාරයේ පුද්ගලයන් සමූහයකගේ එකතුවක් වී ඇති බව දකින විට ලංකාවේ තාක්ෂණයේ අනාගතය පිළිබඳ ධනාත්මක වර්ධනයක් හා ධනාත්මක ලක්ෂයක් වී ඇතිබව දක්නට ලැබීම ඉමහත් සතුටකි.
උගත් හා ඉගෙනගන්නා දේ බොහෝමයකි.
විඳි දේ බොහෝමයකි.
දැනගත්දේ ‍බොහෝමයකි.
සතුටු වූ දේ සහ ලැබූ ඇසුරන් සහ මිතුරන් රාශියකි..
ඒ එකතුවේ මමත් එක් පුරුකක් යැයි දැනෙනවිට ඇති වන වින්දනයද වචනයට හැරවිය නොහැකි අපූරු හැඟීමක් ගෙනදේ...

ඒ පිළිබඳව මේ සම්බන්ධයෙන් විවිධාකාරයෙන් කටයුතු කල, කරනා සියලුදෙනාට හද පිරි ප්‍රණාමය සහ භක්තිය පුදකරමි.....

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

විඳවීම

එහෙත් අහෝ මේ අඩවියේ ලියන කියනදෑ දිරවාගත නොහැකි වූ කිහිපදෙනෙකුට මෙය විඳ වීමක් වී ඇති සැටියකි..
අද සුදාරකගේ අඩවියේ ලියවී ඇති ලිපිය දුටු විට මෙය භයානක තත්වයක් වේ දැයි ශෝකයක් ඇතිවුණි....
එහි තිබූ වර්ග කිරීමකට තවත් කිහිපයක් එකතුකිරීමට සිත් විය
උපුටාගැනීම________ ආරම්භය
  • බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අනිත් අයගේ බ්ලොග් වලට අවධානය යොමු කරන අය.
  • බ්ලොග් අඩවියක් ඇති, බ්ලොග් සටහන් වලට comments දාන අය (නාමිකව).
  • බ්ලොග් අඩවියක් ඇති, බ්ලොග් සටහන් වලට comments දාන අය (නිර්නාමිකව).
  • බ්ලොග් අඩවියක් නැති බ්ලොග් සටහන් වලට comments දාන අය (නාමිකව හෝ නිර්නාමිකව).
  • බ්ලොග් අඩවියක් නැති, සටහන පමණක් කියවා බ්ලොග් අඩවියෙන් ඉවත්ව යන අය.
උපුටා ගැනීම_______ අවසන්

නව එකතු කිරීම්
  • බ්ලොග් අඩවියක් ඇති / නැති ව්‍යාජ නම්වලින් comments දාන අය
  • එකම සටහනකට නම් කිහිපයකින් comments දාන අය
  • අනුන්ගේ නම් භාවිතා කරමින් comments දාන අය
මෙයින් පළමු කොටස විවිධාකාරයෙන් හැසිරෙන නිසා කිසිම කොටසකට ඇතුල්කිරීම් උගහටය.

එහෙත් බොහෝවිට දෙවන සහ තෙවන කොටස මා මුලින් සටහන් කල ආකාරයේ විඳවීම නිසා අපහසුවට ලක් වීම නිසාදෝ විවිධාකාරයේ නිග්‍රහයන් සහ උපහාසයන් මූලිකව සිදුකරන බව දැකිය හැක.
එහෙත් තෙවන යොමු වීම වඩාත් භයානකය...
ඒ පසුගිය දිනකිහිපයේ දුටු වඩාත් අප්‍රසන්න දසුනයි..
වෙනත් අයගේ නම් භාවිතයෙන් තමාගේ අදහස් ප්‍රකාශකිරීම... මෙය ඉතාමත් භයානක තත්වයකි. හේතුව මේ කාරණය මගින් සමූහය ඇතුලේ ආරවුල් ඇතිවීමට ඇති ප්‍රවණතාවය ඉහලයාමයි. එපමණක් නොව නොදන්නා දේවල් සඳහා පිළිතුරු බැඳීමට සිදු වීම සහ තමාගේ අනන්‍යතාවය අහිමි වීමයි. එසේ හෙයින් කරුණාකර ‍එවන් ජුගුප්සාජනක දේ ඉදිරියටවත් සිදූනොවේයයි බලාපොරොත්තු තබමු........

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

යුද්ධය හා සාමාන්‍ය රටේ තත්වයද එසේමය...

මම ස්ථිර අදසක් නැති දේශපාලන දැක්මත් නැති අංඥකොරොස් චරිතයක්මි...
පාසල් යන කාලයේ ජෙප්පෙකි... තාත්තා දන්නකාලයේ සිට පුටුවකි.. අම්මාට ස්ථිර පක්ෂයක් නැත. සීයා තනි අලියෙකි. මාමාවරුන්ද එසේමය...

ඉතින් මම කාලෙන් කාලෙට එක එක පක්ෂයන්හි සාමාජිකයෙක්මි.. :D

ඉතුරු කොටස ඊළඟ සටහනින්...............

දුනුවායා