---{|නිදහස|}---

මේ 1948 න් පසු අපේ රට 61 වන වරට දකින නිදහසයි.

  • අපි ඇත්තටම වසර 61ක් නිදහස වින්දාද?
  • නිදහස කියන්නේ මොකක්ද?
  • මේ නිදහසමද?
  • නිදහස මේකමද?
  • අපේ නිදහස සුද්ද පිනට දුන්න එකක්ද?
එකීමෙකී නොකී ආකාරයේ ප්‍රශ්ණ රාශියක් මේ දිනවල පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යයන්හි ඇසේ.

මේ සියල්ල ගැන කතාකිරීමට තරම් නිවැරදි අයිතියක් හෝ දැනීමක් මාහට නොමැති වුවත් පසුගිය අවුරැදු 21ක් ගැන කථාකිරීමේ අයිතිය හා දැනීම මා සතුයයි සිතමි. මන්ද මේ මා දකින 21 වන නිදහස් සමරැව නිසාවෙනි.

87 - 89 කාලපරිච්චේදය. -> අද මානවහිමිකම්, මාධ්‍ය අයිතීන් ආදිය ගැන පාරම්බාන්නවුන් එම අයිතීන් ප්‍රායෝගිකව කර පෙන්වූ අවදියයි. මේ යුගය පිළිබද මා අමුතුවෙන් මතක්කල යුතු නොවුවත්.... සමහරැන්ට ඒවා අමතකව ඇති නිසා මතකයට නගන්නම්. ඒ මා මුහුණදී ඇති දේ වලනි.
මෙම කාලයේ අපේ ප්‍රදේශය ඉඹුල්ගොඩ පැවතී ඇත්තේ තරමක් භියජනක මතකයකි. හේතුව අපට ආසන්නම ප්‍රදේශය වූ යාගොඩ ආශ්‍රීත ප්‍රදේශය ජවිපෙ ක්‍රියාකාරී ප්‍රදේශයක් වීම නිසා ජවිපෙ හා ආරක්ෂක හමුදා නිරන්තර ක්‍රියාකාරීවූ ප්‍රදේශයක් වීමයි.

මෙම කාලයතුලදී අම්මා මාවත් ආරක්ෂා කර ගනිමින් සිට ඇත්තේ අනේක භියජනක සිදුවීම් අතරිනි. ඒවා අසන විට 87 - 89 කාලපරිච්චේදය පිළිබද එහි නිදහස පිළිබද කීමට ඇති දේ ඕනෑම අයෙකුට වැටහේයයි සිතමි.


90 - 2007 කාලපරිච්චේදය -> නිදහස සැමරැවත් නිදහසක් තිබ්බාදැයි සකයක් මතුවේ. බස්වල, කෝච්චිවල, යන එනතැන්වල බෝම්මබ හා ත්‍රස්තවාදී බියයි. ගෙදරින් උදේට යන තාත්තා අම්මා හවසට ගෙදර නාපු කීදෙනෙක් හිටියද? උදේ ගෙදරින් ගිය පුතා දුව හවස ගෙදර නාපු කීදෙනෙක් ඉන්නවද?
අපි ඒ නිදහස වින්දාද?

අවුරැදු 21...................

මම දැක්කෙ යුද්දය. මට යුද්දය දකින්ඩ යාපනේවත් කිලිනොච්චියටවත් යන්ඩ ඕන උනේ නෑ. යුද්දය අපේ දොරකඩටම ආව.. අපිව හොයාගෙන. අපේ ජීවිතේට තව ඉතුරුවෙලා තියෙන දින ගනන කියාගෙන.

එහෙව් තිබ්බ යුද්දය අද අපෙන් ඈතට අරන් ගිහින්. මේ නිදහස් දිනය වෙද්දි කොළඹ ගිහින් එනකං අම්ම තාත්ත පුතා දුව ආපහු එයිද කියල තිබ්බ අවිනිශ්චිත තාව දුරස්වෙලා ගිහින්.

ඉතින් එහෙව් එකේ මේ මම දැක්ක නිදහස්ම නිදහස් සැමරැම කියල කටක් ඇරල කියන්නේ නැතුව ඉන්නේ කොහොමද?

සැරදේ ශ්‍රීලංකා!