දෙවියන් සහ පිම්පීන්

දෙවියන් යනු කවුද?

මම උපතින් ‍බෞද්ධයෙක්මි. එම නිසා මම කථා කරන්නේ බෞද්ධ දේව සංකල්පය මත සිටය

දෙවියන් යනු අපට යමක් දෙන අප රැකගන්නා පිරිසකි. (මෙය සම්පූරණ මතය නොවේ).
එහෙත් බස්රථවල, දුම්රියතුල, පාරේ ‍බෝම්බ පුපුරා සිය ගනන් මැරෙද්දී එම අහින්සකයන් රැකගන්නට ඔය 33000ක් වූ දෙවි දේව පරම්පරාවේ එකෙක්වත් ඉදිරිපත් වූයේ නැත.

එහෙත් අද අපේ රණවිරැවන් ඒදෙවියන්ට කල නොහැකි වූ කාර්‍යය ඉටුකරමින් අප පමණක් නොව මවුබිමද ආරක්ෂාකරනවා පමණක් නොව ත්‍රස්තවාදීන් සොයා විනාශකරමින් කැලෑපමණක් නොව ත්‍රස්තවාදීන් මුල්බැස සිටි බිම් අත්පත්කරගනිමින් ඉතා විශාල මෙහෙවරක් කරමින් සිටිනා බව මා අමුතුවෙන් කිවයුත්තක් නොවේ. මේ ජයග්‍රහණ එකක්වත් ලේබිඳක් නොසැලී කල ඒවා නොවේ. අද අපේ ගමේද මේවන විටත් එසේ දිවිපිදූ රණවිරුවකුගේ දේහයක් ති‍‍බෙන්නේ ඒබව මනාවට පසක් කරවමින්. එසේනම් අද දින මේ රණවිරුවන් දෙවියන් වන්නේ එබැවිනි.

එසේ දිවිපිදූ මෙන්ම ආබාධිත හා තුවාලැබූ සියලු විරුවන්ට මාගේ උපහාර පූර්වක නමස්කාරය පුදකරන අතරම, මේවනවිටත් සටනෙහි යෙදෙන රණවිරුවන්ට ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනාකරමි.

මේ යුද්ධයන් වලින් රිදුනු පිරිස් මුලින්ම හිරිකිත නැතුවම එලිබැස සිට කාලයක් අතුරුදන්ව ගොස් සිට නැවත කලඑලි බැස ඇති හැඩයි. සිංහල බ්ලොග් ලියන්නන් අතරටද කිහිපදෙනෙකු රිංගාසිටිනා බව දකින්නට බැරිකමක් නැත්තේද නැත.

යුද්ධය දේශපාලනික බව නොදන්නා මිනිසා මීහරකෙකුට අන්තය. "මිනිසා දේශපාලනික සත්වයෙකි" කියලා හිපොක්‍රටිස් කියල තියෙන්නේ නිකම්ම නොවේ.

ජේ.ආර් විවෘත ආර්ථිකයක් ගෙනත් බහුබූත කලත් යුද්ධය හරියට කලේය. ජයග්‍රහණ ලැබුවේය. වැඩේ පරිපුපු දමා අවසන් විය.
ප්‍රේමදාස යුද්ධය පමණක් නොව යුධසෙබලුන් අමුඅමුවේම වික්කේය. අන්තිමේදී ජෙනරාල් කොබ්බෑකඩුවද මරාදැම්මේය.
චන්ද්‍රිකා යුද්ධකලේය. අනිතිමේදී යුද්ධය එලිපිට වික්කේ අලිමංකඩ, කිලිනොච්චිය හා පූනරින්ද අතහරිමිනි. ජෙනරාල් ජානකපෙරේරා යාපනය අතහැරීමට යාමේදී එවකට ආරක්ෂක නි.අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ එහි ගොස් එම අතහැරීම නතරකල අයුරු අමතකව නැති යැයි සිතමු.
රනිල් යුද්ධ කල ආකාරයද අමතක වීමට කල්මදිය. හැබැයි රනිල්ට පැත්ත මාරුවිය. මාමාගේ විදියට ගියේය. ප්‍රේමදාස හමුදා පාවාදුන් ආකාරයට නොදෙවෙනිව යමින් රනිල් හමුදාව පමණක් නොව බුද්ධි අංශයද පාවාදු‍න්නේ කිසිම හිරිකිතක් නොමැතිවම.
මහින්ද දැන් යුද්දය කරයි. හිටපුගමන් කියන කතා වෙනස් කලත් යුද්දය නම් තාමත් නිසි ආකාරයෙන් කරනා බවක් පෙනෙන්නට ඇත. කිලිනොච්චිය මඟහැර පූනරීන් ඇල්ලීමෙන්ම එය තහවුරු වේ.

බුමුතුරුණුට වැඩේට රිදී ඇත
මෙය කියවීමෙන්පමණක් නොව ඔහුගේ පින්තූරය දැකීමෙන්ද පසක්වේ. "No war"
මමද යුද්ධයක් දැකීමට අකමැතිය. එහෙත් මෙවැනි සාම පිම්පීන් දැකීමට ඊට වඩා අකමැතිය.

මේ සාම පිම්පීන් පිළිබඳ වඩා හොඳ අදහසක් මා සතුව ඇත. ඒ සාම පිම්පීන් රැලම ඕමන්තෙන් එහාට දැක්කීමය. ඒ අන් අහවල් දෙයක් සඳහා නොවේ ප්‍රභාකරන් එක්ක සාමකාමීව සිටීමටය.


දුනුවායා

ප.ලි
මරණයේ ඇපල් වැඩේ නියමයි. සිරාවටම මාරයි :D

8 Responses so far.

  1. මට මේක කියවගෙන යනකොට එකපාරටම මගෙ මතකයට ආවෙ ජාතික රූපවාහිනියෙ ප්‍රවෘත්ති අතුරුපස - මහින්ද අබේසුන්දර පිටපත් රචනය කරන විමර්ශණ විශේෂාංගය. ඒ ස්වර රටාවමයි.

  2. "මේ සාම පිම්පීන් පිළිබඳ වඩා හොඳ අදහසක් මා සතුව ඇත. ඒ සාම පිම්පීන් රැලම ඕමන්තෙන් එහාට දැක්කීමය. "
    ප්‍රභාකරන්ට තව වැඩිකල් ඉන්න ලැබෙන්නෙ නැති නිසා නරකද පිම්පීන් කරුනානිදි ලගට යැව්වොත් :-).

    වටිනා අදහසක් තරිදු.

  3. malee_msg says:

    හොද අදහස!

    පලි. අච්චාරුව රස වැටිලා වගේ නියමයි ! හිකිස්

  4. Unknown says:

    ජෙනරාල් ජානකපෙරේරා යාපනය අතහැරීමට යාමේදී එවකට ආරක්ෂක නි.අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ එහි ගොස් එම අතහැරීම නතරකල අයුරු අමතකව නැති යැයි සිතමු Really ? Who can remember This ?

  5. සාම පිම්පින් and passive homo sexuals are equal and identical. Ideal company for phedophilic homosexual Pirapaharan.

  6. sameera says:

    "ජෙනරාල් ජානකපෙරේරා යාපනය අතහැරීමට යාමේදී එවකට ආරක්ෂක නි.අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ එහි ගොස් එම අතහැරීම නතරකල අයුරු අමතකව නැති යැයි සිතමු." (තරිඳු)

    අපි නම් මෙහෙම එකක් අහල නැහැ. මෙහෙම දෙයක් වුනු බවට විස්තර හොයාගන්න තැනැක් කියන්න පුලුවන්ද?

  7. 1. දෙවිවරු තිස් තුන්දාහක් නෙවෙයි තිස්තුන් කෝටියක් ඉන්නවා

    2 . "ජෙනරාල් ජානකපෙරේරා යාපනය අතහැරීමට යාමේදී එවකට ආරක්ෂක නි.අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ එහි ගොස් එම අතහැරීම නතරකල අයුරු අමතකව නැති යැයි සිතමු."

    ඇත්තටම වුනේ මේකෙ අනිත් පැත්ත.

  8. 1. අහ් ඔව්නේ.... ‍තිස්තුන් කෝටියක් :D

    2. හොයල බලන්ඩ.. මම අදහස් වෙනස්කරන්ඩ උත්සහදරන්නේ නෑ. අනුරුද්ධ රත්වත්තේ හින්ද හමුදාවෙ දාහස්ගානකට මැරෙන්ඩ වෙච්ච එක ඇත්ත. වෙච්ච දේ කියන්ඩ එපායැ ඒ වුනාට.

    ජේආර් ජයවර්ධනගේ කාලෙ හිටපු හොඳම සෙනෙ‍වියෙක් තමා. හැබැයි ඊටපස්සේ කොහොමද යුද්ද කලේ කියල ඉතිහාසය හාරවුස්සල බලන්ඩ.