ජීවිතයට

උදේම නැගිටල මොනිටරේ ක්‍රියාත්මක කරල මූසිකය හොලවල රෑ දාපු බාගත කිරීම් ඉවරද කියල බලලා මූණකට හෝදගෙන ඇවිත් කෑමක් බීමකුත් නැතුව මෙතනම ඉඳගත්තහම අම්ම ඇවිත් කන්නේ නැද්ද කියල අහල දෙවෙනි තුන්වෙනි පාරට වහලෙ උඩයන්ඩ කෑගැහුවහම ඒකෙන් බේරෙන්ඩ ගිහින් කාල ඇවිත්. ආපහු මෙතනම ඉඳගෙන දවල්ට කන්ඩ නැගිටල ආපහු මෙතනම ඉඳගෙන ආපහු රෑට කන්ඩ නැගිටල පාන්දර වෙනකං ඉඳල මොනව හරි බාගතවෙන්ඩ දාල නිදාගන්න තත්වෙට පත්වෙලා.

මේ මමමද? මේ මගේ ජීවිතයමද?

මම මගේ ජීවිතය විඳිනවද? ගෙවල දානවද?

ඇත්ත මම මගේ ජීවිතය නාස්තිකරල දානවා…. නිකම්ම නාස්තිකරල දානවා. මෙලෝම ‍තේරුමක් නැතුව නාස්ති කරල දානවා.

මේ අපේ ජීවිත වලට කුලියට ගත්ත පරීඝණකයෙන් අපේ ජීවිතේට කරල තියෙන දේ නේද? කියලා හිතුනත් මම මේකට ඇබ්බැහි වෙලා. මේක තියෙනවනං වෙන මුකුත් ඕන නැතිවෙන ගානට මම මේකට ඇබ්බැහි වෙලා.

11 Responses so far.

  1. ඒක ඇත්ත. මේ මගුල තියෙනවනම් වෙන ඕන දෙයක් එපාවෙන තරමට මේකට ඇබ්බැහි වෙලා. පොඩි අදහසක් දෙන්නම්. පරිගනකයට කැමැති නැති ගෑණු ළමයෙක් යාළු කරගන්න. බැනලා බැනලා හදා ගනී. මගේ වයිෆ් ඒ වැඩේ නම් කරනවා =D

  2. මටත් එකමයි වෙලා තියෙන්නෙත්. පිස්සු හැදුනේ නැති එක විතරයි. සතියේ දවස් 5 ම කම්පියු‍ටරේ ලගට වෙලා ඉදලා සෙනසුරාදා ඉරිදා කම්පියුටරේ ලගින් අයින් වෙලා ඉන්න ඕනේ කියලා හිතාගෙන ගෙදර එනවා. ඒත් ගෙදර තියෙන කම්පියුටරේ දැක්කාම ආයෙමත් ඒකටම ඇදිලා යනවා. අදත් වෙලා තියෙන්නේ ඒකමයි. දැන් කරන්නේ පසුගිය සතියේ තිබුන බ්ලොග් කියවන එක.

    අනේ මන්දා මොනවා කරන්නද කියලා මටම හිතා ගන්න බෑ.

    තව ටිකකින් යාළුවෙක් ගේ ගෙදර යනවා. එත් එහේ ගියත් එයාගේ කම්පියුටරේ ලග තමයි.

    පුදුමයි තවම පිස්සු හැදුනේ නැති එක....

  3. බලාගෙන යනකොට අපි හැමෝගෙම තත්ත්වෙ එක සමානයි :(

  4. සු says:

    චමිල කියන කතාව මාත් හිතා බැලුවා. ඒත් අපි එහෙම කරන්න ගියාම අන්තිමට පරිගණකේ තියාගෙන අපට ටටා කිවුවොත් මොකද වෙන්නෙ ? ... :p

  5. Anonymous says:

    ADSL ගත්තට පස්සෙ තමයි මම නම් පරිගණකය ඇතුලෙ හිරවුනේ :)ගෙදර ඉන්නවනම්, විදුලිය තියෙනවනම් ඒක ඉස්සරහ තමා. කුඩු ගැහුවා වගේ තමා පරිගණකය ඉස්සරහ විනාඩි 15වක් වත් හිටියේ නැත්නම් හිතට හරි නෑ ;)

  6. Anonymous says:

    අම්මෝ තත්වය ඒකද?
    එහෙනම් මේ ගැන සැකිලිමත් විය යුතුයි.
    "ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ". අපේ මාමාගෙන් අහපුවම එහෙම කීවා.

  7. Anonymous says:

    බලාගෙන ගියාම අපි ඔක්කොමගෙ තත්වය එක වගේ නෙ

  8. මම දන්න බරපතලම ඇබ්බැහි වීම මේකයි. මටත් ඉන්නෙ කම්පියුටර් වලට අකමැති වයිෆ් කෙනෙක් තමා... ඒත් එයා මුණගැහෙන්න ගියාම මගෙන් අහනවා "ඇයි අද වයිෆ්ව දාල එන්න හිතුණෙ?" කියල... :D

    නන්නත්තාරයි!

  9. කතාව නම් සම්පූර්ණ ඇත්ත. මට හිතෙන විදියටත් මේක තමයි දැනට තියෙන දරුණුම ඇබ්බැහි වීම.මම සාමාන්‍යෙයන් දුම් පානය කලාට පරිගනකය ලග නම් ඒක නවත්වලා දාන්නත් පුලුවන්

    ඕකයි තත්වය

  10. Harshana says:

    අනේ මන්ද මේ වගේ තත්වයක් බොහෝ පිරිසකට අත්වෙලා තියෙනව. මටත් එමෙම්මම තමා. සතියේ දිනවල එක දිගටම උදේ 9.00 සිට රෑ 12.00 විතර වෙනකම් පරිගණකයෙ. සමහර සෙනසුරාද ඉරිදත් එහෙම්මමයි.

  11. මම වික්‍රම වෑඩ කරන්න්නෙ සවුදියෙ මම නිදාගන්න එක අඩු කරලා තමයි පරිඝනකයත් එක්ක ඉන්නෙ අනේ මන්දා ලංකාවට ගියාමත් මෙහෙම වෙයිද