ජෙනරාල් ජානක පෙරේ‍රා මහතාගේ ඝාතනය පිළිබඳ දුනුවායාගේ ශෝකය.

20696

‍LTTE ත්‍රස්තවාදීන්ට ජාතියක්, ජන්මයක්, කුලයක්, පක්ෂබේදයක්, කළගුණ සැලකීමක් හෝ මිත්‍රධර්මයක් නොමැතිබව නැවතත් අමතක වූවන්ට සනාථ කරදෙමින් අනුරාධපුරයේදී 20කට අධික ප්‍රමාණයකට මරු කැඳවමින් තවත් විශාල පිරිසකට හානි සිදුකරමින් මහා විනාශයක් සාර්ථකව සිදුකර ගැනීමට හැකි විය.

නානාවිධ උපක්‍රම යොදා යුද්ධයෙන් ජයග්‍රහණය ලබමින් ඉදිරියට යන ශ්‍රීලාංකීය හමුදාවන් ‍කෙසේ හෝ නතර කරවීමට අර අඳින විදේශීය හා දේශීය ත්‍රස්ථමාමක බලවේගයන් හා ජෙනරාල් ජානක පෙරේ‍රා වැන්නකුට එක්වන්නට සිදුවීම දෛවයේ සරදමක් නොවේ. එය ශ්‍රීලාංකීය දේශපාලනයේ සැබෑ නිරුවත එලි දැක්වීමක් විය.

ජෙනරාල් ජානක පෙරේ‍රා අතිදක්ෂ යුධ නායකයකුව සිටිය හෙයින්ම ඔහු ත්‍රස්ථයන්ගේ ප්‍රධාන ඉලක්කයක්ව සිටිබැව් නොරහසකි. පුද්ගලයෙක් යමෙකුගේ ඉලක්කයක් වනවිට සිදුකරන ප්‍රධානම දෙයක්නම් තමා අපහසු ඉලක්කයක් වීම සඳහා ආරක්ෂා වීමයි. එහෙත් ඔහු පහසු ඉලක්කයක් බවට ඇද දැමීය. සමහර විට “අප කොටි රකින නිසා කොටි අප රකීයයි” දේශපාලු නායකයින් සිතුවා විය යුතුයි. එසේත් නොමැතිනම් ජෙනරාල් ජානක පෙරේරා වැන්නකුගේ මරණය විකුණා නායකකම රැකගැනීමේ සැලැස්මක් මුල සිටම තිබුණා විය යුතුයි. ඒ පිළිබඳ ඉදිරියේදී මාධ්‍ය මගින් දැකගත හැකි වනු ඇත.

එමෙන්ම මේ කාලකන්නි දේශපාලනයට ජෙනරාල් ජානක පෙරේරාව ඇද දැමූ අයවද අමතක කර මේ පිළිබඳ කතා කල නොහැක. ඒ ඒ පුද්ගලයින්ට තම තමන්ගේ මතවාද හා දැකීම් ඇත. ඒවා යම් විටෙකදී තමාට හා අන්අයට හිතකර හා අහිතකර ලෙස බලපායි.

ගෝඪාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ලෙස පත්වීම රටට හා යුද්ධයට යහපත් ලෙස බලපෑ බව කියවේ. එහෙත් එය ජෙනරාල් ජානක පෙරේරාට නම් යහපත් ලෙස බලපෑවේ නැත. ඔහුට තානාපති ධූරය දමා ලංකාවට ඒමට සිදුවූයේද එම නිසාය. එම නිසා ඔහුව මරණයේ දොරකඩට ඇද දැමීම පිළිබඳ ආණ්ඩුව හා වගකීමට බැදෙනු ඇත.

එය…..

රනිල් ඇතුලු එජාපය තමන්ගේ කුණු වසාගැනීමට දඩමීමා කරගනු ඇත.

රජය සහ ආණ්ඩුව සහ රාජපක්ෂලා LTTEයට බැණවැදී එම ගිණුමටම බැරකර ඇඟ ‍බේරාගනු ඇත.

කමිටුවක් ආරම්භ කර පරීක්ෂණයක් පවත්වනු ඇත.

ටිකදිනකින් කමිටුවටද ඔබටද මෙය අමතක වනු ඇත.

ඔබව යොදාගත් අය වසරකට වරක් වෙන විශේෂ දෙයක් නොතිබුනොත් මෙම දිනය මතක්කරනු ඇත.

විශේෂ :

මෙම සියල්ල ඉදිරියේදී මාධ්‍ය හරහා රඟදැක්වෙනු ඇත

එහෙත්…..

ජෙනරාල් ජානක පෙරේරා මහතාණෙනි……..

ඔබටද රටටද ඔබව අහිමිව ඇත…………………

ඔබට නිවන්සුව …..

දුනුවායා

2 Responses so far.

  1. සු says:

    ‍ජානක පෙරේරා මැරුණු දුකයි පාඩුවයි තියෙන්නේ එයාගෙ ළමයින් දෙන්නාට විතරක් වේවි.. අම්මා තාත්තා දෙන්නාම නැතිවුණානෙ..

    මිනිස්සුන්ට ඕවා අමතක වෙනවා..

    කවුද දන්නේ පරණ කොටි හම් පොරව ගත්තු අළුත් නායකයින් ලවා ඊට ඉහළ අය ඕවා කළාද කියලා..

    හැම එකටම එල්.ටී.ටී.ඊ. කියන්න ඉක්මන් වෙන්න ඕන නැහැනෙ..

  2. සු෴,
    මේකනේ වැඩේ.....
    ඕක බළල නෙමේ හිවල කලත් නම යන්නේ කොටියගේ.... අපි ඉක්මන් වුනා නෑ කියලා වැඩක් නෑ.. මොකද මීට කලින් වෙච්ච ඕ‍වගේ සිද්ධි ඒ ගිණුමේම තාම තියෙනවනේ.

    හැබැයි වැඩේ කියන්නේ...
    එතනට පා.ම. කවුරුත් ගිහිනුත් නෑ. පොලිසියේ කවුරුත් ඉඳලත් නෑ... සිරසේ කවුරුත් ඉඳලත් නෑ.

    මේක වෙනබව කලින්ම.... දැනං හිටියද කියන ප්‍රශ්නේ අහන්ඩ මම කලබල වෙන්නේ නෑ.

    තව කල් තියෙනවනේ..