වින්සන්ට් චර්චිල්, මහින්ද සහ ශ්‍රීලංකාව

කාලෙකට පස්සේ කථා කරන්ඩ හිතුනත්, කොතනින් කොහොම පටන්ගන්ඩද කියල තාම හිතාගන්ඩ අමාරුයි. ඒත් ඕන දෙයක් වෙන්ඩ කියල දුනුවාය ඔන්න දුන් අතට ගත්තා.....

වින්සන්ට් චර්චිල් යනු දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුදාව ජයග්‍රහණය කරා මෙහෙයවූ අසහාය නායකයා විය. කැපවීම උපායශීලීත්වය අතින් ඉතා ඉහල ස්ථාවරයක් ගොඩනගා ගත් ඔහුට වැඩේ වැරදුනේ ආර්ථිකය හමුවේය. යුද්ධයෙන් පසු ආ පළමු ඡන්දයෙන්ම වින්සන්ට් චර්චිල් පැරදුනේය.

මහින්ද යනු ශ්‍රීලකාවේ තිබූ දශක තුනක යුද්ධය නිමා කල අවිවාදිත හා අසහාය නායකයා විය‍‍. කැපවීම, යුධ උපායයන්, සේනා විධානය, අන්තර්ජාතික සම්බන්ධතා අතින් ගත්තත් හේ එසේමය. අවිවාදයෙන්ම ශ්‍රේෂ්ඨ නායකයෙකි. ඔහු කොතරම් ජනප්‍රිය චරිතයක් වීද යත් ඔහුගේ නම මුලට දාගත් කල පොල් පිත්තෙන් කැපූ හරකකු වුවත් මැතිවරණයකදී ජයග්‍රහණය කරන බව පසුගිය මැතිවරණ ප්‍රථිපල දිහා බලන ඕනෑම අයෙකුට අමුතුවෙන් පැහැදිලි කල යුතු නොහේ. එහෙත් මහින්දගේ වැරදි හා අඩුපාඩුද ‍බොහෝ දුරට චර්චිල්ට සමානය. සංවර්ධනය සඳහා කැපවූවත් ආර්ථිකය අවුල්සහගතය‍. වටේ එකතුවී සිටන්නන්ද කරන්නේ අවස්ථාවාදී අලුකුත්තේරු නාස්තිකාර වැඩය. ඇමතිමණ්ඩලය හරක්ගාලක් ගාණය. අලි මදිවට හරක් කියා අහල පහල සිටින බල්ලන්ද පැමිණ දෙපා මුළම සුළු දිය පහකරන්නට පටන්ගෙන ඇත. ඒවාටත් මුහුණ දිය යුතුව ඇත්තේය. ඒවාට විරුද්ධව කථා කරන්නටද නොහැකිය. එසේ කල හොත් අද එම වැරදි එළි කල පක්ෂ හෙට ඒකාවම නාවා අන්දවා ගෙට වද්දවා ගැනීම‍ට සැදී පැහැදී බලා සිටී. ඒවාද බලා ගත යුතුය. ඒ අතින් ගත් කල මහින්දට සිදුවී ඇත්තේද මරණ තුණක් ඇති මිණිහෙක් පැණි කෑ කතාවම‍ය.

ශ්‍රීල.කාව යනු තේරුම් ගැනීමට ඉතා පහසු එහෙත් ඉතා සුළු කාල‍යකින් ආපසු මුළ සි‍ට තේරුම් ගත යුතු අරුම පුදුම රාජ්‍යයකි. මේ පාර ඡන්ද ප්‍රථිපල මත ලබන පාර ඡන්දය පිළිබඳ පේන කීමනම් අමූලික මුලාවකි. එහෙත් තාත්තාගෙන් උරුම වූ දේශපාලන පක්ෂය මැරුවත් හැරනොයන න්‍යායකින් බිම් මට්ටමේ දේශපාලන සඟයන් හැම පක්ෂයකටම ඇති රාජ්‍යයකි. එම නිසා උපරිම ඡන්ද ප්‍රමාණය කෙසේ වෙතත් අවම ඡන්ද ප්‍රමාණයනම් ස්ථිරවම කිව හැකි රාජ්‍යයකි. බඩට දැනෙන දේ ඡන්දයකදී ප්‍රකාශවෙන දේශපාලන ක්‍රමයකින් සමන්විත වුවත් එයද යුද්ධයත් සමග කණපිට පෙරලී ඇති සෙයකි.

දැන් දැන් අලුත් ප්‍රවණතාවයන්ද ඇත. වැඩිහිටියන්ට පමණයි දර්ශණ තහනම් කර ඒවා ලයිව් පෙන්වූ අය දේශපාලනය කරයි. මම කථා කරන්නේ අනර්කලී පිළිබඳව පමණක් නොව රෝසිද මේ ගණයේම බව අමතක නොකල යුතුය.

බෝට්ටුව පෙරලෙන පැත්ත කුමක් වුවත් ප්‍රශ්ණයක් නැති "අපක්ෂපතී" විපක්ෂයේ නොදකින බෝගොල්ලාගම වැන්නවුන් කොයිපැත්තේ සිටියත් කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කරමින් නාඩගම් නටමින් සිටියි.
බටලන්දේ කරමුලටම හසුවූ රනිල්ට ලැබුණු දඬුවමක් නැතුවාක් මෙන්ම.... ප්‍රභා සමඟ එකට ජබු ගැසූ අයටද සිදූ වූ දෙයක් නොමැත.

මහ ආණුඩුවවත් කියන දේ කණකට ගන්නේ නැති ඇමරිකන් තානාතිපති කාර්යාලය...
ඕන එකෙක් ඕන වෙලාවක වීසා නැතුව රට යවන්ඩ බලය තියෙන බ්‍රිතාන්‍ය තානාතිපති කාර්යාලය...
හොට බිම ඇනුනත් පස්සෙන් ගඳගස්සන NGO.
එහෙත් වෙන හානියක් හෝ පාලනයක් නොමැති අන්තර්ජාතික ප්‍රජාව ආදිය තව අතකිනි.

ඇති තරන් නාස්ති කරන්ඩ අවසර තියෙන ආණ්ඩුවකි. කොන්ද පණ ඇතිනායකයෙක් නැති... "ම"යන්න වැනි ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන ජෝකරයන්ට යට වූ විපක්ෂයකි. යන එනමං නැතුව මරුවිකාරෙන් දඟලන තුන්වැනි බල වේගයකි. මේව තේරුන්ගන්ඩ බැරුව අතරමන් වී සිටින ඡන්දෙ දින පමණක් පරමාදිපත්‍ය අතට ගන්නා ජනතාවකි.

‍මේ ලියන දේවල් තුට්ටුවකට වැඩක් නෑ කියල දැන දැනත් කට කහනවට මේව කියන අපි වගේ මොලේ අමාරුකාරයන් පිරිසකි.

දුනුවායා.

ඉතිරිවූ දෙමළාට.....


ප්‍රශ්ණ නොකරමි
අත හරිමි අංක හරඹය
අමතක කරමි සුන්දර වදන්
තර්ක නොකරමි
සිදුවූ ඝාතනය මිලේච්චද නැද්ද යන්න
එහෙත්
අමතක වීද
කෑලි කෑලි වූ
වලක් අහිමි වූ
කෑම පතඋඩ මැරී වැටුණු
දස දහස් ගණනකගේ
අහිංක මතකය.

වෙන අරගලයක් නොමැතිවම
ජීවන අරගලය මැදදී
බඩදරු අම්මලා කෑලි කෑලි වූ ඒ අතීතය
අම්මාගේ දෙතනේ කිරි බොන කාලයේම
හිනැහුණු දැගලූ ඇදවිට්ටමේම
හිස පොඩි වන්නට ගැසූ කිරි කැටියන්ගේ විලාපය
ප්‍රශ්න නොකරමි මම
ලෙහෙසි මරණත් තිබුනාද යන්න
සංසන්දය කරන්නට
උත්සුක නොවෙමි මම
මළවුන්ගේ ආත්මය
ඉතිරිවූ වන්ගේ සදාකාලික වැලපීම
එහෙත් සිතා ගත නොහේ මට
ඉතිරිවූවකු වීමට හැකියාවක් තිබුනාද?
මෙහිම අනෙක් පස මට.

ඉතිරි වේද අපටත්
"අවතැන්" කදවුරක්.
පෙන්වාවිද ලොකයට
දැනේවිද ලෝකයට
සිංහල කියා ජාතියක්
ලංකාව කියා දූපතක
තිබූ බවක්

හිරකදවුරක් කියා නුඹට සිතෙන
අවතැන් කදවුරේ
කන්ඩ ටික උඹට දෙන්නේ කවුද කියා සිතපන්
උඹේ උන්ම වෙඩි පිට වෙඩි තියද්දී
ඒ වෙඩි පහර මැද්දේ
උඹව බේරාගත්තේ කවුද කියා මතක් කරපන්.
උඹට කන්ඩ බත්කට දුන්නේ කවුද කියල මතක්කරපන්.
උඹට වතුර උගුර දුන්නේ උට බොන්ඩ තිබ්බ එක නෙමේද
කියල හිතෙන් අහපන්.

උඹම බෝම්බ ඇතිරූ බිම
උඹටම ඉන්ඩ පුළුවන්ද
උඹෙන්ම අහපන්
උඹම හංගපු බෝම්බයට උඹේම දරුවෙක්
බිලිවෙන්ඩ ඕනෙද
උඹම උඹෙන් අහල බලපන්.

අවුරුදු තිහක් තිස්සේ හිටියේ
හිරකදවුරක නෙමේද හිටියේ
අපිනං එහෙමයි
ගෙදරින් පිට කොතනත් මරණයත්
අපිත් එක්කමයි හිටියේ.
වෙනසකට තිබ්බේ අපිව
වැළදගන්නේ කොයිවෙලේද
කියන එක විතරමයි.

එක අතකින් මට වැඩිය උඹ වාසනාවන්තයි
කෑලි කෑලි කැපුව තාත්තගේ අම්මගේ කෑලි
එකතුකරන්ඩ උඹ මට ඉඩත් තිබ්බේ නෑ
ඒ ගොඩටම කෑලිකෑලි කරලා දැම්මා මිසක
පහුරුගාන්ඩවත් පුළුවන් වයසක් දෙන්ඩ උඹට ඕනඋනේ නෑ

බලහත්කාරෙන් පලිහක් හැදුවේ නෑ
වෙඩිතියාගන්න බෝම්බ ගහගන්න මැද්දට
කැමැත්තෙන්ම ගිහින්
උන්ඩය එනකං බලාගෙන උඹ හිටියා නේද
මම එහෙම හිතුවත් එහෙම නොහිතපු
රතු ලේ වලින්ම හැදිච්ච අපේම කොල්ලො
උඹලා වෙනුවෙන් ඒ ලේ හැලුවා

ඒ දුර ඉදල ගැහුවොත්
උඹටත් වදී කියන බයට
ඒ හලපු ලේවලට ගෞරව කරපන්
උඹට තුවක්කුව නොහරවපු ඒ අත්වලට
ආචාර කරපන්

අන්තිමයා තෙක් සටන්වැදුනු සටනකින්
තමන්ගේම රටක් හදාගන්ඩ
ගැහැණු මිනිස්සු ජීවිතය දුන්න
ඒත් තමන්ගේම තවත් කොටසක් බේරගන්ඩ
සටන් වැදුන් පිරිසකගෙන්
මැරුම්කාපු
පිරිසක් අතරෙන් පණ බේරගන්ඩ
පැනල ගිය
කොටසකුත් හිටපු බව ඉතිහාසය
අමතක කර දමාවිද

මරාගන්ඩවත් වෙලාවක් නැතුව
දුවන්ඩ සිද්ද වෙච්ච හින්ද
පණ බේරුණු වාසනා වන්තයො අතරෙ
එහෙම වාසනාවන්ත නොවුනු අය
කීයක් හිටියද කියල දන්නෙත්
උඹම තමා

ලියන්නේ නෑ උඹට
ආරාධනා කවි
රජුන් ගැන ලිව්ව
සෙන්පතින්ට සෙත්පැතුව
මගේ පන්හිදෙන්

උඹ හිදපන් තල්වැටෙන් එහා
සිහින මවමින් උඹේම දේශයක් ගැන
උඹේම ජාතියේ තව කොටසක්
කොළඹ ඉදල දෙන ලනු මැල්ලුම
යුරෝපයේ ඉදල දෙන ඩොලර්එක
තදින් බදාගෙන
උඹ දන්නේ නෑ
උන් උඹට ඔය ලනුව
ඔය ඩොලර්එක දෙන්නේ
උගේ සුඛවිහරණයට කියලා

උඹ තවත් වරක් උඹේම රටක් ගැන
ලස්සන සිහිනයක් මවපන්
ඒ සිහිනේ උඹේ ළමයින්ටත් පෙන්නපන්
හැබැයි.............
හැබෑනොවෙන ඒ සිහිනෙන්
උඹ නැගිටිද්දි
උඹේ ළමයින්ටත්
ඔය කවියම ලියන්ඩ වෙයි.

උඹම තීරණය කරපන්


තරිදු රණසිංහ
2009 08

මා ඉතින් යන්ඩ යනවා

මට හිතට දැනෙන දේවල් ලියන්ඩ මේ බ්ලොග් එක ටිකක් බර වැඩියි වගේ.
ඉතින් මේක ඉඳල හිටල රන්ඩුවෙන්ඩ ඕන උනොත් ලියන්ඩ තියලා ආපහු මගේම කියල තැනක් හදාගන්ටයි බලාපොරොත්තුව.

ඒක හදාගෙන එනකං ටිකක් ඉන්ට හො‍‍‍ඳේ...

යුද්ධය අවසන්ද?

යුද්ධය අවසන්ද?
අනේ මන්ද මටම හිතාගන්ඩ බෑ යුද්ධය ඉවරද කියල.. ඇයි ඉවරඋනේ කියලා...
බැලුවහම මේ යුද්දෙන් වෙච්ච හානියට වැඩිය යුද්දෙ ඉවරවෙච්ච හින්ද වෙලා තියෙන හානිය වැඩියිලු. ඒ අල්ලගත්ත එව්ව දෙමල මිනිස්සුන්ගේ නිජ භූමිලු.. මැරුවෙ දෙමල ජාතියෙ නායකයවලු.. සමහරුන්ට හිතෙන විදිහට ඒ මැරිච්ච මනුස්සයගෙ(?) ළමයට තාත්තෙක්ව නැතිකලාලු.. ඒ අස්සෙ ජාතිවාදී තර්ජනය...

ජාතිවාදය / ජාතිකවාදය?
සමහරුන්ට අනුව එය


ඒක ප්‍රධාන වශයෙන් "සිංහල" ජාතිකවාදයක්.සිංහල දේශප්‍රේමයක්.එම ජාතිකවාදී කතිකාවත හැදිල තියෙන්නෙ දෙමලා/වෙනත් සුලු වාර්ගිකයා සිය කතිකාවතින් පිටමං කොට දමමින්
--රාමචන්ද්‍රගේ අඩවිය - 2009/5/2

දෙමළ ජනතාව මේ මොහොතේ සිතන්නේ කුමක්දැයි දැන ගැනීමට ජයග්‍රහණය සමරන බොහෝ අයට වුවමනා නැත
--Beyond Frame - 2009/5/2

මට කොතනින් පටන් අරගෙන කොතනින් ඉවරකරන්ඩද කියල හිතාගන්ඩ බැරිඋනත් අවසානය ගැන නොසිත මුලින්ම වැඩේ පටන්ගන්නං.

ඇත්තටම යුද්දෙ ඉවරද?
ආයුධ අරගෙන ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදිය කල යුද්දෙ ඉවරයි.. හැබැයි මානසික යුද්ධය, මාධ්‍ය යුද්ධය, යුද්ධය නැවත දළුදැමීමේ අවදානම, සහ රට ගොඩනැගීමේ යුද්ධය තාම එහෙමමයි, එතනමයි.
ඇයි ඒ.
මානසික යුද්ධය + මාධ්‍ය යුද්ධය දෙකම එකට සම්බන්ධ වූ දේවල්. මහින්ද වාදීන් යුද්ධය ආතල් එකක් කරගෙන ඇති අතර එය ගොබෙල්ස් ගේ න්‍යාය කරගැනීමට තැත්කරයි. මෙය පිරිහීමේ එක ක්‍රමයක් බව ඉතිහාසය සාක්ෂිදැරුවත් ලංකාවේ එය තේරුම්ගන්නා බවටනම් සලකුණක්වත් නැත.
සුපුරුදු පරිදි Tamil Diaspora තවමත් ක්‍රියාන්විතයේ.. KP ආදීන් තවමත් ක්‍රියාත්මකයි. Norway, US, ආදී රටවල් යුද්ධය නැති රටවලට කැමති නැත. මේ කරුණුකාරණා සියල්ලම සමගින් මානසික හා මාධ්‍ය යුද්ධය ක්‍රියාතමක වන අතර එයට පහරදෙනවාට වඩා ආරක්ෂක මාධ්‍ය ව්‍යාපෘති ඇරඹීමද, මූලයන් සොයා වැනසීමද, බුද්ධිමත්ව ක්‍රියා කිරීමද සිදුනොවුනහොත් නැවතත් යුද්ධයකට මුහුණදීමය සිදුවීම වැලැක්විය නොහැකිවනු ඇත.
රට ගොඩනැගීම, ඇත්තටම මෙයද යුද්ධයකි. කල යුද්ධයට වඩා අමාරු එකකි.

යුද්ධය නිසා මිනිසුන් අවතැන්වීම හා දේපල විනාශ වීම..
යුද්ධයකදී දේපල, මිනිස් ජීවිත විනාශ නොවූ යුද්ධයක් මෙතෙක් මා දැක නැත. එහෙත් ශ්‍රීලංකා යුධහමුදාවේ වීරෝධාර සෙබලුන් තම ජීවිත රාශියක් කැපකරමින් දහස්ගණනක් දෙමළ මිනිසුන්ගේ ජීවිත ගලවාගැනීමට සමත්විය. එවන් ආකරයකට ක්‍රියාකල කිසිදු හමුදාවක් ලොව සිටීදැයි නොදනිමි.
එහෙත් ස්භාවික සම්පත් වලින් අනූන උතුරු නැගෙනහිර ප්‍රදේශවල කිසිදු තැනක දියුණු කර තිබූ කිසිදු කර්මාන්තයක්(ආයුධ, බෝම්බ හා යුධ නිශ්පාදන හැරුණුවිට ) දැකීමට තිබුනේ නැත.
සමහර කතාවල හැටියට සිදුකලේ ආක්‍රමණයකි.
එහෙත් අප දන්නා ඉතිහාසයේ හැටියට උතුරු නැගෙනහිර සිංහල, දෙමල, මුස්ලිම් සියුළුදෙනා එකට ජීවත් වූ ප්‍රදේශයන්ය. හිටි ප්‍රදේශයක් නැවත අත්පත්කර ගැනීම ආක්‍රමණයක්නම් එය ආක්‍රමණයකි.
ඩී.එස් සේනානායක, දිඹුලාගල හාමුදුරුවො සිදුකල දේ නැවත ක්‍රියාවට නැගීමට කාලයයි මේ.
සිංහල, දෙමල, මුස්ලිම් ජනපද නැවත ඇරඹීමට කාලයයි මේ.
ඒවාට අවශ්‍ය සම්පත් ලබා දී රට ගොඩනැගීමට කාලයයි මේ.

රාමචන්ද්‍රට පිළිතුරක්
රාමචන්ද්‍රගේ 2009/5/2 කථාව වෙනම පිළිතුරක් දියයුතු කථාවක් වුවත්.. එය පසුවට කල් දමා
"ඒක ප්‍රධාන වශයෙන් "සිංහල" ජාතිකවාදයක්.සිංහල දේශප්‍රේමයක්.එම ජාතිකවාදී කතිකාවත හැදිල තියෙන්නෙ දෙමලා/වෙනත් සුලු වාර්ගිකයා සිය කතිකාවතින් පිටමං කොට දමමින්"
යන කතාවට පිළිතුරක් පමණක් දීමට කැමැත්තෙමි.
උත්කර්ෂවත්ව නැගතිබෙන ජාතිකවාදය සිංහල ජාතිකවාදයක් බව කියල තියෙන්නේ මොන පදනමක ඉදලද කියන එකනං මට වැටහෙන්නේ නෑ. එහෙමනං මෙහෙ මිනිස්සු සහන කදවුරු වලට ආපු දෙමල මිනිස්සුන්ට ආධාරයැව්වෙ මොන එහෙකටද?
අනිත් එක මේ සතුටුවෙන මිනිස්සු සිංහල විතරයි කියල කිව්වෙ ‍මොන පදනමක ඉදලද?
ඇත්ත මේ සතුටුවෙන සමහර මිනිස්සුන්ගේ කවුරුවත්ම සමහරවිට මැරිල නැතුව ඇති. හැබැයි අමතක කරන්ඩ බැරි තමන්ගේ අම්ම, තාත්ත, පුතා, දුව, අයිය, අක්ක යුද්දෙට ගිහින්, බස් බෝම්බෙට, කෝච්චියෙ බෝම්බෙට, ගමට පැනල කපලකොටල දාපු එවුන්ව උන්ගෙ නායකයව මරල දැම්ම කිවුවම සතුටුනොවෙන එකා මොකාද කියල මට හිතාගන්ඩ බැරි.
දෙමල ජනතාව මොකද මේවෙලාවෙ හිතන්නේ?
Beyond Frame පුදුම අනුකම්පාවක්නෙ තියෙන්නේ.. අපරාදෙ ආමිඑකේ කොල්ලන්ට කියන්ඩ තිබ්බෙ අහිංසක LTTE කොල්ලන්ව කෙල්ලන්ව මරන්ඩ එපා දෙමල මිනිස්සු කැමති නෑ කියල..
Beyond Frame කියල තියෙන යොමුවෙ තියෙන විදිහට දෙමල මිනිස්සු හුගක් තාම පිළිගන්නේ නෑ ප්‍රභා මලා කියල. උන් තාම කියන්නේ ප්‍රභා උන්ගේ නායකය කියල. අපිටයි පිස්සු...
කොළඹ වැල්ලවත්තෙ ගියොත් එහෙම්පිටින් දෙමළ. මුන් දෙමළ ජාතියට තියන නිදහස ගැන අහනවා.
කොහෙද දෙමල මුස්ලිම් මිනිස්සු නැත්තේ?

අනේ මන්ද කියන්ඩ ගත්තට අමුතුවෙන් කියන්ඩ තියෙන දේ මොකක්ද කියලා.

හැබැයි අන්තිමට කියන්ඩ දෙයක් තියෙනවා.
ශ්‍රීලංකාවෙ ඉදගෙන ඒක කෑලිකඩන්ඩ ඉල්ලන, වෙනමරටක් ඉල්ලන, ඊලමක් ඉල්ලන, ලංකාවට අපහාසකරන ඕනඑකෙක් මරලදාන්ඩ, රටින් එලවන්ඩ ඕනදේකට මමත් අත් දෙකම උස්සල අනුමැතිය දෙනවා.

දුනුවායා.

නිවටයාගේ අවසානය.!

දශක තුනක් පුරා ශ්‍රීලංකාව ත්‍රස්ථවාදයෙන් පීඩනයට පත්කල ත්‍රස්ථ නායකයාගේ අවසානය මේවන විට සිදුවී හමාරයි.
ඒ මුහුණට මුහුණ සටනකදී හෝ තමා පුරුදු කල සයිනයිඩ් කරලින් නොව... බියගුල්ලකු සේ ගිලන්රථයකින් පැනයාමට දැරූ උත්සාහයකදීයි.
ඔහුත් සමග ඔහුගේ අනෙක් නරි රැලද මෙලොවින් තුරන්කර දැමීමට හමුදා සෙබළුන් සමත්වී තිබෙනවා.

කඩේ ගිය.. සැමට මගේ අවංක ශෝකය!