හීසරයක් තියන දුනුවායා ඒක හරියටම එල්ලය බලල තියනවා වගේම සමහර වෙලාවට ඒක වදින තැනක වදින්ඩ තැනක් හිතාගෙන තියෙනවා.
මමත් ඔය ක්රම දෙකටම විදිනවා.. හැබැයි වදින විදිහ සමහර වෙලාවට හිතනවට වැඩිය වෙනස්. වියුණු ලිව්වේ නෑම නෙමෙයි. හැබැයි ලියන එක මඟ හැරිලා හිටියා. දැන් ආපහු ලියන්ඩයි හදන්නේ.
කොච්චර කාලයක්, කොහොම, මොනවා, මොන විදිහකට ලියනවද කියන එක කාලයා විසින් තීරණය කරාවි.
හැබැයි ලියන ටික, හිතේ තියෙන විදිහටම… සරල විදිහට කියනවනං (බොක්කෙන්ම) ලියන්ඩයි අදහස.
මට ඉතින් ලියන්ඩ හිතෙන දේවල් හීසර වගේම තමා..
සිංහල බ්ලොග් කියවන අය වැඩිය නැති වුනාට කියවන අය කියෝනවා කියලා දන්න හින්ද දුකක් නැතුව ලියන්ඩයි කල්පනාව.
සුබ පැතුම්. දිගටම ලියන්න.
සුබ පැතුම්!
විද්දෙ හාවට - වැදුණෙ පඳුරට
වගේ නෙවෙයි නේද ?
:D
ලියන්න ලියන්න.. අපේ වැඩේ කියවන එක තමා..
සු෴,
කියන්ඩ බෑ.. හැබැයි පඳුරකට වැදුනම හතරක් පහක් විසි වෙන්ඩත් ඉඩයෙනවා
:D
සුබ පැතුම් !