උන්ට එහෙමයි අපිට මෙහෙමයි....

මොකක්ද?
මොනවද?
කවුද?

දේශපාලකයාට කුණුගොඩ ත්‍යාගයකි, යුද්ධය පළඳනාවකි, හතුරාද වාසියකි....
ඒ ඇයිද යන්න වඩා පැහැදිලි කිරීම අවශ්‍ය නැතත් ආරම්භය ලෙස මඳක් විමසන්නට සිත්දේ.

කුණු ගොඩගැසෙන තරමට දේශපාලඥයන් කැමතිය. ඒ එක් වර්ගයක කුණු නොවේ.. සියළුතන්හිම කුණුය. නගරයේ කුණු ගොඩ වැඩිවන තරමට කැමතිය.
ප්‍රතිවාදී පක්ෂයේ කුණු ගොඩගැහෙන තරමට කැමතිය.
තමන්ගේ පක්ෂයේම වුව තම අනෙක් අපේක්ෂකයාගේ කුණු ගොඩගැහෙන තරමට කැමතිය.
තමාගේ කුණු(ජරාව) ගොඩගැහෙන තරමට කැමතිය... මේ ස්වල්පයක් පමණි.

ඇයි....?
බලයේ සිටින පක්ෂයේ දේශපාලඥයා:
නගරයේ තිබෙන කුණුගොඩ වැඩිවන තරමට අලුත් ටෙන්ඩරයකට යාමේ හැකියාව වැඩි වේ... එයින් තමාගේ ගොඩ ලොකුකර ගැනීමේ හැකියාව වැඩිවේ.
සුද්ද කර දැමීමෙන් ලබන ඡන්දයේදී මනාප ඉල්ලීමේ හැකියාව වැඩිවේ.
විරුද්ධ පක්ෂයේ සිටින දේශපාලඥයා:
නගරයේ තිබෙන කුණුගොඩ වැඩිවන තරමට කෑගැසීමේ හැකියාව වැඩිවේ.
විරෝධය පෑමේ හැකියාව වැඩිවේ.
ඡන්ද ගොඩ වැඩිකරගැනීමේ හැකියාව වැඩිවේ.
පොරොන්දු දීමේ හැකියාව වැඩිවේ.
ටෙන්ඩර් ලබාදීමේ පොරොන්දුවට (අනුග්‍රාහක) මුල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව වැඩිවේ.
ඉතිරි කරුණු තුන....
ඒවනං ඉතිං කියන්ඩ දේකුත් නෑනෙ...

යුද්ධය
පළඳනාවක්....?
ඇයි?
කරල දිනුවොත් බෙල්ලෙ දාගන්ඩ පුළුවන්.
කරන්ඩ බැයිනං පෙන්නල ආතල් එකක් ගන්ඩ පුළුවන්.
නැත්තං විකුණල හරි උගස්තියල හරි සල්ලි කරගන්ඩ පුළුවන්..

හතුරා
වාසියක්..?
ඇයි?
බය කරගත්තොත් තවත් ඉත්තෙක් වෙන හින්ද..
තමන්ට ඕන උනාම පාවිච්චි කරන්ඩ පුළුවන් හින්ද..
කියන්ඩ කරන්ඩ දේවල් හැදෙන හින්ද..

එදා....
1971.... දහස් ගණනක කැරලිකාර(කරවූ) තරුණ පිරිසක්ද... හමුදාවේ පොලිසියේ සෑහෙන ගණනක්ද මරුමුවට පත්කරමින් ඇතිවූ සිවිල් අරගලයේ (කැරැල්ලේ) නියමුවන්, ඇතිකරවූවන් අද දිනද නිරැපද්‍රිතව සිටිිනවා පමණක් නොව අද දිනද සමහරුන් දේශපාලන පකෂ වල නායකයින්ය.

1983.... දහස් ගණනක දෙමළ වැසියන් මරුමුවට පත්කරමින් ඇති කල කලු ජූලිය ඇති කල වුන් ජාතිවාදයේ නාමයෙන් කොල්ල කෑ වුන් අදද දේශපාලන පක්ෂ වල ඉහල තනතුරු දරන්නවුන් පමණක් නොව සමහරුන් කොටින් වෙනුවෙන් කඳුලු සලන්නන්ද වේ.

1986.... ලක්ෂ ගණනක තරුණ ජීවිත බිලිගනිමින් භීෂණය ඇතිකල පිරිස්වල නායකයින් අද එක් තැනක පමණක් නොව නොයෙක් තැන්වල නායකත්වයන්, ඉහල තනතුරු හොබවන ප්‍රභූ වරුන්ය.
හොඳම විහිලුව නම් ඒවා තහවුරු කිරීමට පටන්ගත් කොමිසන් වාර්ථා අදවන තුරු පිට නොවීමයි.

එක් අතකින් එය එතරම් පුදුමයක්ද නොවේ. මන්ද යත්. ලංකාවේ කිසිදු කොමිසමක් මෙතෙක් කල් සිදු කල කිසිදු සාර්ථක කටයුත්තක් මගේ සිහියට නොනැගීමයි.

2009...............
මෙහි වැදගත්කම......
සියළු දේ සාක්ෂිත් සමඟම ලැබීමයි.
ත්‍රස්ත නායක ප්‍රභාකරන් සමඟ පිහිණුම් තටාක වල ලැග සිටීම...
ත්‍රස්ත නායක ප්‍රභාකරන්ගෙන් රන්කාසි ලැබීම...
ත්‍රස්තවාදීන්ගෙන් මාසික වැටුප් ලබන රැකියා වල නියුතු වීම.

මේවාටත් පෙර සිදු වූ ආකාරයේම කොමිසමකින් අවසන් වේද?

එසේත් නොමැතිනම්.......
කරුණා අම්මාන් : නැගෙනහිර පලාතේ මහ ඇමති
වෙිලු පිල්ලේ ප්‍රභාකරන් : උතුරු පලාෙත් මහ ඇමති
ඔයින් ගියොත් ඇති...
දයා මාස්ටර් (විදේශ කටයුතු), ජෝර්ජ් මාස්ටර් (ජාත්‍යන්තර සම්බන්ධතා), පොට්ටු අම්මාන්(බුද්ධි ඒකකය), සුසෙයි (වරාය හා නාවික කටයුතු), චාල්ස් ඇන්තනී(ගුවන් හා තව මොනව හරි)
ඇමති කම් ලබන්ඩත් බැරි නෑ..

මේව මෙහෙම උනාම කටු කාපු උන්ටත් මොන මොනව හරි නොලැබී යන එකක් නෑ...

ඒ කාලෙට අපිට කියන්ඩ තමා පරණ මිනිස්සු අර කතාවක් කියල තියෙන්නේ....

නඩුත් හාමුදුරුවන්ගේ...
බඩුත් හාමුදුරුවන්ගේ කියලා....

ගනන් ගන්ඩ එපා....
වෙනවටම කියපුව නෙමේ...
නොවෙන්ඩත් බැරි එව්ව නෙමේ හින්ද කිව්වේ.....

දුනුවායා

2 Responses so far.

  1. Narada says:

    හැමෝම එකයි, ආණ්ඩු විපක්ෂ ඔක්කෝමලා.

  2. 71 ,83,86 කාල වකවානු වල සිදු වූ දේවල් අපේ අයට අමතක වීම මෙයට හේතුවයි. ජනතාවට මතක සිටින්නේ දින 21 වැනි කෙටි කාලීන දේ‍වල් පමණි.ඉතින් ජනතාව ගොනාට අන්දවා ඕනෑම මගඩියක් කිරීමේ හැකියාව මේ අයට පවතී.